UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි

ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ තේරීපත්වුහ. සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී එම නිලවරණය 25 පැවැත්විණ.

ඉතිරිය»

වයස අවුරු දු 103 ට පා තබන වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි

සංඝාවාසයේ ඉදිරි පස ඇතිරිලි එලා පනවා තිබූ ආසන කීපයක් විය. එහි එක් අසුනක ගුණ වෘද්ධ සීල වෘද්ධ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිටියහ. උන්වහන්සේ හමුවට එන ගිහි පැවිදි කා සමගත් පිළිසඳරේ යෙදෙති. ඒ මොහොතේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවේක සුවයෙන් පසුවූහ. ඒ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසනසෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවනංස අග්ග මහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙපා වැඳ උන්වහන්සේ හා කතාබහට එක්වීමි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කෙලෙස් කිලුටු නසමු

සැවැත් නුවර එක්තරා බමුණෙක් දැහැමිව ජීවත් වෙයි. ඒ බමුණා එක් දවසක් ජේතවනාරාමය අසලින් ගමන් කරන කල්හි උදෑසන එක් හිමිනමක් ගමනක් වැඩම කිරීමට සිවුරු පොරවන අයුරු දැක එදෙස බලා සිටියේය. උදෑසන පින්නෙන් ගැවසී ගත් තණ කොළ නිසා සිවුර තෙමී ගියේය. ඒ දුටු බමුණා පසුදා උදැල්ලක් ගෙන ඒ අවට සැම තැන තණකොළ සැස දමා පිරිසුදු කළේය. එතැන් සිට ඒ බමුණා නිතර විහාරයටද පසන් සිතින් යාම් ඊම් කළේය. පසු දවසෙක ඔහු විසින් පිරිසුදු කළ තැන ඒ හිමි තම සිවුරු පොරවන අයුරු නැවතත් දුටුවේය. එදින උන්වහන්සේගේ සිවුරු කොන්වල පස් තැවෙරෙන බව දුටු බමුණා අවශ්‍ය ආම්පන්න ගෙනවිත් එතැන සුදුවැලි අතුරා වඩාත් මනරම් ලෙස පිරිසුදුව සකස් කළේය.

ඉතිරිය»

ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ

අනුබුදු මිහිඳු මහරහත් සමිඳානන් බු.ව. 236 ඉල් මහ පුර පසළොස්වක පුන් පෝ දින දෙවනපෑතිස් රාජ මන්දිරයට සපැමිණ පැවසුවේ, සම්බුද්ධ ධාතු වන්දනාවට පෙරලා ජම්බුද්දීපයට වැඩීමට අවකාශ අවශ්‍ය බව ය.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]