UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිල ඇඳුම් ප්‍රදානය 10 වන දා

කතරගම පූජා නගරයේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම්පාසලේ හා පෙරපාසලේ ඉගෙනීම ලබන 2000 ක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇඳුම් අභ්‍යාස පොත්, පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය, කතරගම පූජා නගරයේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 10 දින පැවැත්වීමට විහාරාධිපති රුහුණු මාගම් ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත.

මෙම දහම් පාසලේ හා පෙරපාසලේ ඉගෙනීම ලබන දූ දරුවන්ට නිල ඇඳුම් ඇතුළු පාසල් උපකරණ පොත් පත් ආදිය ලබාදීමේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පි‍්‍රයන්ත ප්‍රනාන්දු නාවල රාජගිරියේ කොමති ඉංජිනේරු ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂක නිමල් චන්ද්‍රසිරි, කෝරාළ මාෂ් පුද්ගලික ආයතනයේ දේශමාන්‍ය දේශශක්ති උෂාන් අබේවික්‍රම, පෑලියගොඩ වික්‍රමරත්න සමූහ ව්‍යාපාර අධිපති මධුර වික්‍රමරත්න, මුල්ලේරියාව උඩහමුල්ලේ රවීන්ද්‍ර රෝහණ එක්තැක් ගෙදර යන මැති ඇමැතිවරුන් හා මහත්වරු විසිනි කොමති ඉංජිනේරු ආයතනයේ අධිපති නිමල් චන්ද්‍රසිරි කෝරාළ මහතා විසින් විහාරස්ථාන භූමියේ බත් දන්සැලක් ද මෙදින පැවැත්වේ.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]