-
සදහම් දැනුම
ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ තරුණ යුවළක් විඩාපත් ව,
කුඹුරු ගොවිතැනින් හා විවාහ ජීවිතයෙන් ද සමුගෙන බුදුරදුන් වෙතින්
පැවිදි බව ලැබූහ. පසුකලෙක රහත් ඵලයට පත්ව ධෘතවාදී ශ්‍රාවකවරුන් අතර අග
තනතුරු ලත් ශ්‍රාවකයාණෝ කවරෙක්ද?
(බුදුසරණ 2013.12.25)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
මහණෙනි, මනෝ සංචේතනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත්තෝ
වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තව දුරටත් කළ යුතු කාර්යයක්
නැතැයි කියමි. ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති ප්‍රතිලාභය
සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා ඉන් එහා කළ
යුත්තක් නැත. මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය සත්‍යය
විස්තර කරන්න.
(බුදුසරණ 2013.12.09)
-
සදහම් දැනුම
ප්‍රශ්නය – අනුරාධපුර මුල් සියවස් අට තුළ භික්ෂු අධ්‍යාපනයේ විෂය
ක්‍ෂේත්‍රය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.
(බුදුසරණ 2013.12.02)
-
සදහම් දැනුම
ප්‍රශ්නය :- මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු
කර ගනියි. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම හැකියාව අනුව මිනිසාට තම
ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ
චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් බුදු දහමේ ගමන් මඟ හුදු
කල්පිතයක් නොවන බව පැහැදිලි වේ. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට
අදාන්ත වූ අසාන්තු අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් ම ය. එය වූ
කලී දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම
හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.11.25)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක
අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි
එව, තථාගතයන් දෙස බලව.රාහුගෙන් සඳ මිදුණාක්මෙන් මම නුඹ මුදා ගන්නෙමි “
යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා
ගත් ආකාරය පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.11.03)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - පංච සීලයෙහි දෙවැන්න ‘අදත්තාදාන’ නමින් හැඳින්වෙන පාප
ක්‍රියාවකි. ‘අදින්නාදාන’ යන පාලි වැකියෙහි එන පරිදි ‘අදින්න’ යනු නො
දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර
බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. ‘දීයතිති’ දානං ‘දීම’ ‘පරිත්‍යාගය’
පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍ර
වූ දේශනා ඇතුළත් ව ඇත. ආමිස දාන, ප්‍රතිපත්ති දාන, ධර්ම දාන, සප්පුරිස
දාන ආදි වශයෙන් විවිධ වූ විස්තර ඇතුළත්ව ඇත. මේවා අතරින් එක්තැනක
බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා ‘ යනුවෙන් සුවිශේෂ වූ දානමය
පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.10.26)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - යුරෝපීයයන් තමන් උරුමකරගත් ආගම තම වැඩිහිටි වියෙහි දී
අතහැර දමා බුදු සමය වෙතඇදී ඒමට ඔවුනට අතිශය ආකර්ෂණීය වූ තාර්කික වූ
හේතු තිබෙන්නට පුළුවන. එසේ බුදු සමය වෙත ආකර්ෂණීය වූ සමහර අය
ප්‍රසිද්ධියට පත් වූ අයයි. ශ්‍රී ලාංකිකයන් මෙන් පුද පූජා පිළිබඳ
විශ්වාසයකින් තොර ව ඔවුන් බුදුසමය වෙත ආකර්ෂණීය වීමට හේතු පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2013.10.11)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත්
අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය
අතහැර ආර්ය සිංහල නාමයක් භාවිතා කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා
ගමින් ගමට සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින්
ව්‍යවහාරයට පත් කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද?
(බුදුසරණ 2013.10.04)
-
සදහම් දැනුම
ප්‍රශ්නය – බුද්ධ ධර්මයට අනුව සමාජය වශයෙන් සැලකෙන්නේ ලොව මිනිස් පරපුර
පමණක් නොවේ. කවර මොහොතක හෝ මොලොව වසන සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ
භූතා ආදී වශයෙන් ගැනෙන සියලුම පණැතියන් සමාජය යනුවෙන් හැඳින්වෙන බව
දේශනා පාලියෙහි සඳහන් වෙයි. පෙළ දහමට අනුව මෙබඳු පුළුල් අදහසක් බෞද්ධ
ලෝකය තුළ ප්‍රචලිතව තිබියදී මානව හිතවාදය මානව භක්තිය වැනි සංකල්ප
ගොඩනැඟීම පිළිබඳව සාකච්ඡා කරන්න.
(බුදුසරණ 2013.09.27)
-
සදහම් දැනුම
ප්‍රශ්නය- මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන්නේ 20වන වර්ගයේ දෙවන ගාථාවය. සරල
සිංහල අර්ථය පැහැදිලි කර ‘සබ්බේ සංඛාරා අනිච්චාති’ යන්නට පරිකථා විවරණය
කරන්න.
(බුදුසරණ 2013.09.12)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද යන්න ලොව හමුවෙහි
තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.
(බුදුසරණ 2013.09.04)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - ශීලය හා ශික්‍ෂාපද අතර වෙනස පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.08.14)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - බුදුදහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව
බුදුරජාණන් වහන්සේ එක් දේවතාවකුට දෙසූ ගාථා පාඨයකින් ‘කිංසූධ විත්තං
පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න ඇසූ
විට උන්වහන්සේ “සද්ධීධ චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනුවෙන් ශ්‍රද්ධාව
පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම
ශ්‍රද්ධාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
(බුදුසරණ 2013.08.06)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු ප්‍රථම ධර්‍මදේශනාව
අවසානයෙහිදීම දහම් ඇස පාදාගත් ( ධම්ම චක්ඛුං උදපාදි ) කොණ්ඩඤ්ඤ
තව්සාණන්ට “එහි භික්‍ෂු” භාවයෙන් “ පැවිදි උපසම්පදාව“ ප්‍රදානය කළ
බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂු සංස්ථාව පිහිටවූහ. මෙහි
සඳහන් වන “එහි භික්ෂු” භාව පැවිදි උපසම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝ
කර්මය කුමක්ද ?
(බුදුසරණ 2013.07.29)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - සුමන සාමණේරයන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද බුදුරජාණන්
වහන්සේගේ දකුණු අකුධාතුව නිදන්කොට අනුරාධපුරයේ කරවන ලද ස්ථූපය කුමක්ද?
(බුදුසරණ 2013.07.16)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ වදාළහ. මහරජ! මෙතැන් පටන් මාගේ
ශාසනයෙහි මා ඇතිකල්හි වේව’යි නැතිකල්හි වේව’යි දරු කෙනෙකුන් මව්පියන්ට
නොකියා මහණ කළ නොහැක්කේය. යැයි ශික්‍ෂාපද පැනැවූහ. මෙම අවස්ථාව කුමක්
ද?
(බුදුසරණ 2013.07.07)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහි කළ යුතු ධර්ම
කරුණු පහක් බුද්ධ දේශනාවන්හි දී සඳහන් කොට ඇත. වර්තමානයෙහි වුවද මෙබඳු
සිහිගැන්වීමි. කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙහි
නිතර සිහිගන්වාගත යුතු ධර්ම මොනවා ද?
(බුදුසරණ 2013.06.30)
-
සදහම් දැනුම
ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ උපත සහ බුදුරජාණන්
වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින වකවානු පිළිබඳව දේශනා පාලියෙහි එන
පරිදි සඳහන් කරන්න.
(බුදුසරණ 2013.06.16)
-
සදහම් දැනුම
ප්‍රශ්නය – පෙළ දහමට අනුව ලෝකය එහි හට ගැනීම හා පරිහානිය (සමුදයංච
අත්ථගමංච ) කෙසේ වන්නේද ? මේ පිළිබඳ දේශනා පාඨ ඇසුරු කරමින් ධර්මානුකූල
විවරණයක් කරන්න.
(බුදුසරණ 2013.06.08)
-
සදහම් දැනුම
ප්‍රශ්නය -
දස කුසල කර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දශ පාරමිතා, සතර සංග්‍රහවස්තු,
දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් ද පළමුවැන්න දානයයි.
දානයෙන්, ආරම්භ වන දහම් මඟ විවිධ ප්‍රභේද වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි.
පැහැදිලි කිරීමක් කරන්න.
(බුදුසරණ 2013.05.18)
-
සදහම් දැනුම
ප්‍රශ්නය -
දස කුසල කර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දශ පාරමිතා, සතර සංග්‍රහවස්තු,
දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් ද පළමුවැන්න දානයයි.
දානයෙන්, ආරම්භ වන දහම් මඟ විවිධ ප්‍රභේද වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි.
පැහැදිලි කිරීමක් කරන්න.
(බුදුසරණ 2013.05.18)
-
සදහම් දැනුම
ප්‍රශ්නය -
ශාසනික ඉතිහාසයෙහි සඳහන්වන විවිධ කාන්තාවන් අතුරෙන් ‘බුද්ධ මාතාව‘
නමින් ප්‍රසිද්ධව සිටි කාන්තාව කවුද?
(බුදුසරණ 2013.05.09)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
– අප කෙතරම් උත්සාහ දැරුවද ජීවිතය මඟ හරින්නට අපට බැරිය.
නගරයක වුවද, වනාන්තරයක, ගුහාවක වුවද, ජීවත්වන තුරු ජීවිතයට මුහුණ පෑ
යුතුම ය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක
හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත්වන්නා සැබවින් ම
ජීවත් වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත. “බුදුන් වදාළ
ධර්මය” මෙම උද්ධෘත පාඨයෙන් කියැවෙන අදහස් බෞද්ධ භාවනා ක්‍රමයක් හා එකඟ
විය නොහැකි ද? ඒ කුමන භාවනාවක් සමඟ ද? යන්න පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.04.18)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
– අප කෙතරම් උත්සාහ දැරුවද ජීවිතය මඟ හරින්නට අපට බැරිය.
නගරයක වුවද, වනාන්තරයක, ගුහාවක වුවද, ජීවත්වන තුරු ජීවිතයට මුහුණ පෑ
යුතුම ය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක
හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත්වන්නා සැබවින් ම
ජීවත් වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත. “බුදුන් වදාළ
ධර්මය” මෙම උද්ධෘත පාඨයෙන් කියැවෙන අදහස් බෞද්ධ භාවනා ක්‍රමයක් හා එකඟ
විය නොහැකි ද? ඒ කුමන භාවනාවක් සමඟ ද? යන්න පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.04.03)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
‘මමායනය’ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන “ මම සැප විඳිමි’ යන
හැගීම සත්තවයා තුළ පවත්නා තාක් භවයෙන් මිදීම හෙවත් ඉවත් වීමේ කැමැත්ත
ඔහු තුළ පහළ නොවේ. මෙය මිථ්‍යා දෘෂ්ටිය (සක්කාය දිට්ඨි) යන නාමයන්ගෙන්
ධර්මයෙහි සඳහන් වන අතර එය සත්වයා තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය
කුමක්ද? යන්න පැහැදිලි කරන්න.
(බුදුසරණ 2013.03.19)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
නැණවතා ධර්ම චර්යාවෙහි යෙදී මෙලොව පරලොව දෙක්හිම සතුටු වෙයි. බුදු
දහමෙහි සඳහන් වන ධර්ම චර්යාවන්ගෙන් මෙම සුවිශේෂ වූ ධර්ම චර්යාව කුමක්ද?
(බුදුසරණ 2013.03.04)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
අනුරාධපුර මහාවිහාරයේ වැඩ වෙසෙමින් හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කළ
විදේශීය භික්‍ෂූන් වහන්සේ කවුද?
(බුදුසරණ 2013.02.17)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
මෙලොව උපත ලද හැම සතෙක්ම “ සුඛ’ ය හෙවත් ‘ සුඛකාමානි භූතානි’ සුව
කැමැත්තෝය. මිනිසා පිළිබඳව ද එසේම බව අංනි. චක්ක සූත්‍ර දේශනාවෙන්
පැහැදිලි වෙයි. ලෞකික සම්පත් බහුල වීමට හේතු හතරක් ඇති බව එම දේශනා වල
සඳහන් වෙයි. සනාථ කරන්න.
(බුදුසරණ 2013.02.09)
-
සදහම් දැනුම
ප්‍රශ්නය
බුදුදහමට අනුව එක් එක් පුද්ගල යහපත් වීමේ එකතුව සමස්ත ජන සමාජයේම
යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාභවයටද
හේතුවන්නටද පුළුවන. සූත්‍රගත දේශනා ඇසුරුකොට ගෙන ඉහත සඳහන් නිගමනයන්
සනාථ කරන්න.
(බුදුසරණ 2013.02.03)