UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
දස කුසල කර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දශ පාරමිතා, සතර සංග්‍රහවස්තු, දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් ද පළමුවැන්න දානයයි. දානයෙන්, ආරම්භ වන දහම් මඟ විවිධ ප්‍රභේද වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
බෝසත් පිළිවෙතෙහි ආරම්භය වූ දානය ධර්මදාන හා ආමිසදාන වශයෙන් ප්‍රභේද ගත වෙයි. බුදුරදුන් වදාළ තුන් පිටකයෙන් එක් ගාථාවක්වත් පුහුණුකොට සසර දුකින් මුදවමියි යන කරුණාවෙන් දහම් කියා දීමද, අනුන් ලවා බණ කියවා දීම හා ලියාදීමද ධර්ම දාන නම් වෙයි. භික්‍ෂූන් වහන්සේලා වෙත සිවු පස දානයද යාචකාදීන්ට වස්ත්‍රාභරණ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමද ආමිස දාන නම් වෙයි. ආමිස දානය දශ විධ වූ දාන වස්තු වශයෙන් අටුවා ග්‍රන්ථවල විචිත්‍රව සඳහන් වෙයි.

අන්නංපානං ඝරං වත්ථං
යානං මාලා විලෙපනං
සෙය්යා වස්ථව දීපෙය්‍යං
දාන වස්තු ඉමෙ දස

ආහාර දාන නම් ඇල්හාල් ආදී වූ සප්ත විධ ධාන්‍යයන්ගෙන් කළ ආහාර දානයයි. මී පැණි මුද්‍රිකාදී පාන වර්ග විවිධ වූ වස්ත්‍ර ඉදොලි දොලි කූනම් ආදී යානවාහන ගෙතූ නොගෙතූ දෑසමන් ආදී පුෂ්පමාලා දානයන් ද – කස්තුරි – කපුරු - සුවඳවත් ද්‍රව්‍ය දානය - සඳුන් කසා ගොරද - කොකුම් ආදී විලේපන දානය ද, ආසන දානයද, පහන් වැටි, පහන් තෙල් දානය ද ආදිය දශවිධ වූ දාන දහම් පොත පතෙහි සඳහන් වෙයි. මෙම ආහාරාදී දානවස්තුන්ගේ යහපත් වූ මනා නුවණ පෙරදැරිකොට ඇති යම් දීමෙක් වේ ද එම දීම අග්‍ර දානය වශයෙන් බුදුවරු මෙසේ පසස්නා ලදහ.

අන්නාදී දාන වස්තූනං
චාගො සුබුද්ධි පුබ්බකො
යො තං දානන්ති දීපෙති
බුද්ධො දානග්ග දායිනො

ප්‍රශ්නය
බුදුදහමට අනුව දානය පවත්වන දායකවරුන් වශයෙන් දාන දාසය, දාන සහායක, ඟනපති වශයෙන් තිදෙනෙකු ගැන කියවෙයි. අප ජීවමාන ලෝකයෙහි සමාජගත මේ තිදෙනා හඳුනාගැනීම සඳහා දහම් මඟ පැහැදිලි කරන්න.

පිළිතුර
තමන් මිහිරි දෙය වළඳා අහිමිරි දෙය අනුන් සඳහා දෙන වස්තුව කෙරෙහි නිරතුරුව ලොබසිත් ඇතිව වස්තුව කෙරෙහි දාසභාවයෙන් යුතුව වෙසෙන්නා ‘දානදාස’ නම් වෙයි. මිහිරි, අමිහිරි බව නොසලකා තමා අනුභව කරන පරිදි තම සන්තකය සහායක යහළුවෙකු සේ සලකා දන් දෙන තැනැත්තා දාන සහායක නම්වෙයි. අපහසුතාවයන් කෙතෙක් ලැබුණත් අනුන් යහපත උදෙසා පරිත්‍යාගශීලී තැනැත්තා දානපති නම් වෙයි. දානපති තැනැත්තා බුදුදහමට අනුව වඩාත් අගැයුම් කරනු ලබන්නේ මෙත් සිතින් සාධාරණව දන්වැට පවත්වමින් පූර්ව චේතනා මුංචන චෙතනා අපර චෙතනා යනුවෙනි.

පුබ්බෙව දානා සුමනො
දදං චිත්තං පසාදයං
දත්වා අත්තමනො හොති
එසා යඤ්ඤස්ස සම්පදාති

මෙසේ තුන් සිත පහදවා දන්දීමෙන් දානමය කුසලය සපුරාලන බව බුදුදහම අවධාරණය කරයි.

ප්‍රශ්නය
මෙම සූත්‍ර පාඨය කෙරෙහි අවධානය යොමු කරන්න.

සක්කස්ස භික්ඛවෙ දෙවා නමින්දස්ස පුබ්බේ
මනුස්ස භූතස්ස සත්ත වත පදානී සමත්තානි
සමාදින්නානි අහෙසුං යේසං සමාදින්න
සත්තා සක්කො සක්කත්තං අජඣගා (සං. නි. සක්ක සංයුත්ත)

එම සූත්‍රපාඨයෙහි සිංහල අනුවාදයට අනුව දෙවියන්ට දේව වූ සක්‍රයා දෙවියා අතර බුහුමනට ලක්වූයේ ‘සත්තවතපදානි’ ‘පිළිවෙත් සතක්’ පිරීම හේතුවෙනි. ‘පුබ්බේ මනුස්ස භූතස්ස’ පෙර මිනිස්බව ලැබූ සක්‍රයා ‘දෙවාතිදෙව ශක්‍ර’ බවට පත් වූ මෙම සක්විති වත වර්තමානික ජීවමාන ප්‍රතිපදාවකි. මෙම සක්විති වත යනු මොනවාද?

පිළිතුර
මිනිසත් බවින් සක්විති පදවිය දක්වා අනුගමනය කළයුතු සක්විති මෙසේ ය.

දිවි තිබෙන තුරා මව්පිය පෝෂණය කිරීම.
දිවිහිමියෙන් (යාවජීවං) කුලදෙටුවන් පුදන්නෙමි.
දිවි තිබෙනතුරා මිහිරි වචනය භාවිත කරමි.
දිවි හිමියෙන් කේළම් කීමෙන් වළකිමි.
දිවි හිමියෙන් මසුරුබවින් මිදී පරිත්‍යාගශීලී වීම
දිවි හිමියෙන් දීමෙහි ඇලුනෙම් වෙමි.
දිවි හිමියෙන් සත්‍ය ගරුක වීම්.

මෙම සක්විතිවත් පිරූ මිනිසා සක්විති බවට පත්ව දෙවියන්ටද එම පිළිවෙත්හි පිහිටන්න අනුශාසනා කළහ. තව්තිසා වැසි දෙවියො තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතීති යනුවෙන් මෙම පුරුෂෝත්තමයා සැබැවින්ම සත් පුරුෂයෙක් යැයි පසස්නා ලදහ.

ප්‍රශ්නය
බුදුදහමෙහි ‘සෙය්‍යා’ යනුවෙන් සඳහන් වන්නේ ‘යහන්ගතවීමයි’ හෙවත් නිදා ගැනීමයි. යහන්ගතවීම පිළිබඳව එක්තරා ක්‍රමවේදයක් බෞද්ධ ආචාර ධර්ම තුළ ඇතුළත් වෙයි. ඒ ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර
පොත සෙය්‍යා (පිශාචයෙක සේ නිරුවතින් සේ යහගතවීම)
කාමාසොගී සෙය්‍යා - කාමාශක්ත තැනැත්තෙකු සේ සයනය.
සීහ සෙය්‍යා - සිංහයෙකු සේ යහන්ගතවීම
තථාගත සෙය්‍ය - තථාගතයන් වහන්සේ සැතපෙන ආකාරය

මේවා අතුරෙන් සිංහ සෙය්‍යාව සහ තථාගත සෙය්‍යාව විශේෂ වෙයි. සිංහයා දකුණැළයට බරව සයනය කරයි. හේ අවදිව උඩුකය සෘජුව තබාගෙන (කටකය) සියලු ශරීර අවයවයන් විමසා බලයි. තම ශරීරවයන් විසිරීමක් වේ නම් ඔහු අසතුටට පත්වෙයි. තථාගත සෙය්‍යාව නම් තථාගතයන් වහන්සේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන වල පිහිටා සැතැපීමය.

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk