අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර (විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
නැණවතා ධර්ම චර්යාවෙහි යෙදී මෙලොව පරලොව දෙක්හිම සතුටු වෙයි. බුදු
දහමෙහි සඳහන් වන ධර්ම චර්යාවන්ගෙන් මෙම සුවිශේෂ වූ ධර්ම චර්යාව කුමක්ද?
පිළිතුර
(අං.නි.චතු.දුතිය ඛත සූත්‍ර)
මාතරි පිතරි චාපි යො සම්මා පටිපජ්ජති තථාගතෙච සම්බුද්ධෙ අථවා තස්ස
සාවකෙ බහුංච සොපසවති පුඤ්ඤංම්පි තාදිසො නරො
ස්වකීය මෑණියන්, පියාණන් කෙරෙහි
ද තථාගතයන් වහන්සේ සහ තථාගත ශ්‍රාවකයා කෙරෙහිද යහපත් පැවැත්මෙන් ගරු
බුහුමන් කරයිද ඔහුගේ ආත්ම ගෞරවය මෙන්ම නැණවත් සත්පුරුෂයන්ගේද පැසසුමට
ලක් වෙයි. බොහෝ පින් රැස්කර ගැනීමෙන් පරලොව සුගති ගාමි වෙයි.
ප්‍රශ්නය
තෙරුවන් සරණගිය ප්‍රථම රජතුමා කවරෙක්ද?
පිළිතුර
මගධාධිපති සෙනිය බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේ වෙතින් තෙරුවන්
සරණ ගොස් බෞද්ධ ශ්‍රාවක බවට පත් විය.
ප්‍රශ්නය
සංඝයාගේ බුහුමනට නිරතුරුව ලක්වන ගුණදහමින් පිරිපුන් පුද්ගල සතර දෙනෙකි.
එම පුද්ගල සතරදෙනා කවුරුන්ද? පුද්ගල සොභමානවූ (සොභෙන්ති) ගුණ දහම්
මොනවාද?
පිළිතුර
(අං.නි. සොභෙන්ති සූත්‍ර)
සෝභමාන වූ පුද්ගල සතර දෙනා නම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන
සිව්වණක් පිරිස යි. සංඝයා අතර සම්මානනීය ගුණදහම් ලෙස දේශනා පාලියෙහි
සඳහන් වන්නේ ව්‍යක්ත විනීත,විශාරද, බහුශ්‍රැත, ධර්මධර ධර්මානුධර්ම
පිළිවෙත් සමූහයයි.
ප්‍රශ්නය
දේවානම් පි‍්‍රයදර්ශි රාජාභිෂේක ලබා විසි වසක් ඉකුත් කල මේ ස්ථානයට
පැමිණියේය. ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයෙහි ඉපදුන හෙයිනි.
එතුමා අස්රුවක් සහිත ගලක්ද සෙල් ටැඹක් ද පිහිටුවීය.මේ සටහනට අනුව බෝසත්
උපත සිදුවූයේ කොහිදී ද ?
පිළිතුර
බෝසත් උපත කිඹුල්වත් නුවර ලුම්බිණියෙහිදී සිදුවිය.මෙය වර්තමානයෙහි
නේපාල රාජ්‍යයට අයත් වෙයි.
ප්‍රශ්නය
ප්‍රථම ධර්ම සංගායනාවේ මූලිකත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර
ධර්මය සංගායනා කරන ලද්දේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේගේ
ප්‍රධානත්වයෙනි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇසූ සියලු ප්‍රශ්න වලට
ආනන්ද තෙරුන් වහන්සේ පිළිතුරු දුන්හ. සූත්‍ර පිටකයේ සඳහන් වන සියලු
සූත්‍රවලම “එවං මෙසුතං” මා විසින් මෙසේ අසන ලදී යන්නෙන් සඳහන් වන “මා”
යන්නෙන් සඳහන් වන්නේ ආනන්ද තෙරුන් වහන්සේ ය.
ප්‍රශ්නය
අපරදිග කවියෙකු බුදු සිරිත දුටු අයුරු ලියා තැබූ අයුරුයි මේ.
බුදුහිමි අපේ මානව වෘක්ෂයේ ප්‍රබුද්ධ විකසිත මලයි. මල පිබිදී ඇත්තේ
අසීමිත ලක්‍ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුය. එයින් වහනයවන ප්‍රඥා
සුගන්ධයෙනුත් ඇද හැළෙන දයාව නමැති මකරන්ධයෙනුත් ලෝකය පුරා පැතිරී යයි.
මෙම සුප්‍රසිද්ධ අපරදිග කවියාගේ නම කුමක්ද? පාඨය ඇතුළත් ඔහුගේ කෘතිය
කුමක්ද?
පිළිතුර
එඩ්වින් අර්නෝල්ඩ් සුප්‍රසිද්ධ කවියාගේ “ආසියාවේ ආලෝකය නම් බුද්ධචරිත
කාව්‍යයෙහි සඳහන් පාඨයකින් උපුටා ගන්නා ලද්දකි.
ප්‍රශ්නය
බුද්ධ චරිතයෙහි එන ඉතාමත් සංවේදී අවස්ථාවකි මේ. ‘අග්නි වෙස්ක මට මෙසේ
අදහස් විය.අතීතයෙහි මහණ බමුණන් විසින් විඳින ලද තියුණූ කටුක ඖපක්‍රමික
දුකක් වේදනාවක් වී නම් මේ දුකම ඊට වඩා බරපතළ ය. අනාගතයෙහි මහණ බමුණන්
විසින් විඳීනු ලබන ඖපක්‍රමික තියුණු කටුක යම් දුකක් වේ නම් මේ දුකම ඊට
වඩා බරපතළය. වර්තමානයෙහි මහණ බමුණන් විඳින ඖපක්‍රමික තියුණූ කටුක දුකක්
වෙයි නම් මේ දුකම ඊට වඩා බරපතළය.
පිළිතුර
වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ දුෂ්කර ක්‍රියාවෙහි දුක් වේදනාවල
තියුණූ කටුක බව භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේම වචන වලින් සව්වකුට
ප්‍රකාශ කොට ඇති අයුරුයි මේ.
ප්‍රශ්නය
අනුරාධපුර මහා විහාරයේ වැඩ වෙසෙමින් හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කළ
විදේශීය භික්ෂූන් වහන්සේ කවුද?
පිළිතුර
බුද්ධඝොස අටුවාචාරීන් වහන්සේ
ප්‍රශ්නය
‘යො ධම්මං පස්සති යො මං පස්සති ‘යමෙකු ධර්මය දකී ද හෙතෙම මා දකී’
බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙරෙහි ලොල් වූ ශ්‍රාවකයාණ කෙනෙකු අරබයා
දේශිත පාඨයක් ඒ. එම ශ්‍රාවකයන් වහන්සේ කවුද?
පිළිතුර
වක්කලී ශ්‍රාවකයන් වහන්සේ
ප්‍රශ්නය
ජාතක කතා අතරෙන් පංචායුධ ජාතක කතාවෙන් බෝසතාණන් වහන්සේගේ කුමන
පාරමිතාවක් විස්තර කොට දේශනා කරන ලද්දක්ද?
පිළිතුර
වීර්ය පාරමිතාව
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ජන්මභූ®මිය වන දඹදිවට පවා අහිමිවුණූ ඵෙතිහාසික
පූජනීය වස්තුවක් ශ්‍රී ලාංකිකයන් සතුව පවතී. ඒ කුමක් ද?
පිළිතුර
ධර්මාශෝක රජු දවස දඹදිව සිට සඟමිත් අරහත් මෙහණිය විසින් වැඩමවා රෝපණය
කරන ලද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ.
ප්‍රශ්නය
ත්‍රිපිටකයේ එන බුද්ධ දේශනාවන්ගෙන් ප්‍රමාණයෙන් වැඩිම දේශනාවන් දේශනා
කොට ඇත්තේ කුමන ස්ථානයක සිට ද?
පිළිතුර
බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයෙන් වැඩිම සූත්‍ර සංඛ්‍යාවක් දේශනාකොට
ඇත්තේ සැවැත්නුවර ජේතවනාරාමයේ සිටය.
මහා ප්‍රජාපතී ගෝතමී
ප්‍රශ්නය
‘පංච සතික’ ශාසනික ඉතිහාසයේ සටහන් වන මේ නමින් කුමක් සඳහන්වේ ද?.දඹදිව
විසූ අජාසත් රජතුමා මෙම ඓතිහාසික සිදුවීමට කෙසේ දායක වූයෙහිද?
පිළිතුර
පන්සියක් මහ රහතන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු
රජගහනුවර පැවැත්වූ සංගායනාව. මේ නමින් සඳහන් වෙයි. මගධ රට පාලනය කළ
අජාසත් මහ රජතුමා සංගායනා ශාලාව සහ අවශ්‍ය සියලු පහසුකම් සපයා දුණි. |