අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය – අනුරාධපුර මුල් සියවස් අට තුළ භික්ෂු අධ්‍යාපනයේ විෂය
ක්‍ෂේත්‍රය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර – ආරම්භයේ සිට මුල්ම සියවස් අට තුළ භික්ෂු අධ්‍යාපන ක්‍රමවේදයේ
මඟ පහත සඳහන් පරිදි සිදුවිය. භික්ෂු අධ්‍යාපන විෂය පථය හරහා එක්තැන් වූ
ඤාණ සම්භාරය මෙසේ ගොනු කළ හැකිය.
1. හෙළ බසින් බ්‍රාහ්මී අක්ෂර සමුදාය උපයෝගී කොට ගෙන ලියා ඇති සෙල්ලිපි
2. මධ්‍යම ප්‍රමාණයේ හස්තීන් හත් දෙනෙකුගේ් ප්‍රමාණයට ගොඩකළ හැකි
ප්‍රමාණයේ හෙළටුවා සමුදාය
3. හෙළ වංසකථා හා ඒවායේ පරිවාර කෘති
4. හෙළ සූත්‍රධර්ම සමුදාය
5. හෙළ වෛදහෙදකම් සඳහා වූ කෘතීන්හි අඩංගු විෂය පථය
බුදු සමයේ ක්‍රමික ව්‍යාප්තියක් සමඟ මහා විහාර පිරිවෙන් පද්ධතිය තුළ
ක්‍රියාත්මක වූ පාලි භාෂා ත්‍රිපිටකය හා අටුවාට පමණක් සීමා වූ විෂය
ප්‍රමාණය අභයගිරිය හා ජේතවනික දෙනිකාය අනුගමනය කළ පිළිවෙළිත අනුව
තවදුරටත් ව්‍යාප්ත විය.
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය වෛද්‍ය භූත විද්‍යාව සංස්කෘත භාෂාව හා ඊට අයත්
විවිධ විෂයයන් හැදෑරීමට අවස්ථාව ලැබිණ. කලාතික්‍රමණයෙන් බෞද්ධ ගිහි
මහජනයාගේද අවශ්‍යතා සැලකිල්ලට ගෙන පහත සඳහන් විෂයන් ද පිරිවෙන් තුළ
විෂය පථයට එකතු විය.
1.ධර්ම දේශනා ක්‍රම
2.පරිත්‍රාණ ධර්ම දේශනා
3. ජාතක දේශනා
4. යුගාසන දේශනා
5.සරභඤ්ඤ සජ්ඣායනා
ගිහි පැවිදි විද්වතුන් ගේ් දැඩි අවධානය පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි
යොමුවෙත්ම වඩා පුළුල් විෂය පද්ධතියක් නිර්මාණය විය.
ප්‍රශ්නය – ගම හා පන්සලට සුසංයෝගයක් වූ සන්නිවේදනය පිළිබඳව වූ ඉපැරැණි
තොරතුරු පිළිබඳව සටහනක් ලියන්න.
පිළිතුර – පන්සල සහ ගම අතර පවතින සමගාමී සම්බන්ධතාවක් සන්නිවේදනය අතර
පැවැතියේ දැඩි සමීප බවකි. සාමයික අධ්‍යාපනික, සංස්කෘතික කේන්ද්‍රස්ථානය
වූ පන්සල ගමේ මෙහෙයුම්කාර පාලන ඒකකය විය. ඒ පෙර ගමන්කරු විහාරාධිපති
නායක හාමුදුරුවන් වහන්සේය. ගම වටා ඇති (චංචල හා නිශ්චල) ස්වභාවික හා
භෞතික සම්පත් මෙන්ම ග්‍රාමවාසින්ගේ ජන්ම කේන්ද්‍රයේ පුවත් සියල්ල පන්සල
තුළ තැන්පත්ව තිබිණි.
යුක්තිය සාධාරණයේ ජීවමාන ප්‍රතිමූර්තිය වූ පන්සල මෙයෙුමෙන් ගනු ලබන
තීරණය අධිකරණ තීන්දුවකට වඩා බලවත් විය. ජනතා බහුතරයේ තීන්දුව පන්සලේ
නායක හාමුදුරුවන්ගේ් තීරණය හා සමගාමි වෙයි. කිසිදු සංකාවක් හෝ අගතියක්
එතැන නැත. පාරිශුද්ධ බව පන්සල කේන්ද්‍ර කොට ගෙන ගම පුරා විහිදී යයි.
මෙම පාරිශුද්ධිය සාධූ නාදයත් සම¼ග හේවිසි නාදයෙන් සන්නිවේදනය වන්නේ සෑම
ග්‍රාමවාසි දිවි පෙවෙතෙක් ම සාධුජන සංවිධානයක් ලෙස ගම තුළ බිහිවිය යුතු
බවයි. අලුයම් වේලේ හේවිසි නාදය නිකුත් වූයේ පන්සලේ විහාරගෙය අසලිනි. එය
උදෙයේ තේවා මුරයයි. ඒ හා සමාන්තර ව පන්සලේ ඝනඨාරය ද නාද වීමෙන් දවසේ
මුලදීම මුළු ගමම අවදිව කටයුතු ආරම්භ කරයි.දිවා තේවා මුරයත් සන්ධ්‍යා
තේවා මුරයත් හේවිසි හා ඝණ්ඨා නාදයත් එක්ව ගම පිබිදීම ගැන
ඇසෙයි ළමා වසුපැටියන් හඬ දුරට
පැසෙයි නිබඳ කෙත්වත් හැම අවට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමාරස මය එම පියස දුට
වශයෙන් කෝට්ටේ යුගයේ කවියෙකු දකින්නේ එම සුන්දර දර්ශනයයි. ගම හා පන්සල
එකතුව වැව හා දාගැබ සංකේතය මූර්තිමත් කරයි. ඇතැම් විද්වතුන් විසින්
සිවුර හා නඟුල යනුවෙන් ගැමියා ගේ උභයත්ථකටග්ගහ මෙලොව පරලොව සුගතිය
පන්සල මුල්කරගෙන ඇති වූ බව සඳහන් කරයි. මිහිඳු සංස්කෘතිය තුළ බුදු දහම
සිංහලයන් උපතින්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින පාරම්පරික උරුමයක් ඇති ජන්ම
දායාදයක් ලෙස සැලකු බෞද්ධයාගේ උපතේ සිටම නැකැත් බැලීම, ඉඳුල්කට ගෑම,
නම් තැබීම,අධ්‍යාපනය, වෛද්‍ය ශාස්ත්‍රය සහ කෘෂිකර්මාන්තය සඳහා උපදෙස්
ලැබුවේ පන්සලේ විහාරාධිපති හිමියන්ගෙනි. මේ අනුව මුල් කාලයේ පන්සල
බහුවිධ කාර්යයන්හි නිරත වූ ආයතනයක් විය. සමාජය නවීකරණය වීමත් සමඟම
පන්සල නමැති ආයතනයේ කාර්යයද සමාජයේ විවිධ සංස්කෘත ඇති වී ඒවා වෙත
පැවරීමෙන් පන්සල මූලික කේන්ද්‍රිය මෙහෙයුම් අධිකාරිය එක් එක් ආයතනය
විසින් උදුරා ගැනීම හෝ පවරා ගැනීම සිදුවිය.අධ්‍යාපනය පන්සලෙන් ඉවත් ව
පාසල නමැති ආයතනයටත් වෙදකම රෝහලටත් නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම
පොලීසියටත් වැනි විධිමත් ආයතන වෙත පැවරිණි. මේ නිසා ගම හා පන්සල
අක්‍රිය වූ පෞරාණික නෂ්ටාවශේෂයක් බවට පත් විය.
තවද පන්සල වෙතින් මෙහෙයුම් ලද ආගමික ඇතැම් කාර්යයන්ද ගුවන්විදුලිය,
රූපවාහිනිය හා පාසල් තුළත් වෙනත් සන්නිවේදන මගින් ක්‍රියාත්මක වීම නිසා
භික්ෂුවගේ කාර්යයද ලිහිල්ව ගොස් භික්ෂුව අගයෙන් පිරිහුණු සාමාජිකයෙකු
බවට පත්විය.
වෙනස් වන සමාජයට අනුරූපී ව පැවිදි මෙහෙවර සකස්කර ගන්නට උගත් තරුණ
භික්ෂූන් උත්සාහ කළත් සමාජයෙන් හා වැඩිහිටි පරපුරෙන් එයට සහයෝගයක්
නොලැබීම හා නිරතුරුව විරෝධතාවයක් ඇති කිරීම නිසා භික්ෂුවගේ පැවිදි
උපැවිදි වීමද බෙහෙවින් දක්නට ලැබෙයි.
ප්‍රශ්නය – බෝධි සත්ව ආදර්ශය පිළිබඳ ථෙරවාදී සම්ප්‍රදාය ගැන සාකච්ඡා
කරන්න.
පිළිතුරු – බෝධිසත්ව යන පාලි වචනය සකස්ව ඇත්තේ ඤාණය, බුදු බව යන අර්ථ
දෙන බෝධියට කැපවුණූ බලාපොරොත්තු ඇත යන අරුත් ඇති සත්ත යන්න එකතු
වීමෙනි. එහෙයින් බෝධිසත්ත යන්නෙහි අරුත බුදු බව හෝ ප්‍රඥාව අරමුණු
කරගත් ඊට කැපවුණූ හෝ එය අපේක්ෂා කරන තැනැත්තා යන්නයි. විමුක්තිය
අපේක්‍ෂා කරන හැම දෙනාටම මේ වචනය ගැළපෙන නමුත් සාමාන්‍යයෙන් එය යොදන්නේ
සම්මා සම්බුද්ධත්වය අපේක්ෂා කරන්නන්ට පමණි.
නිර්මාතෘ දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැති හෙයින් බෞද්ධයෝ තමන් තුළ
සංවර්ධනය කරගත යුතු දේවත්වයේ ගිනි පුපුරක් ඇතැයි විශ්වාස නොකරති.
එතෙකුදු වුවත් මිනිසා තුළ ඇති නිර්මාණ ශක්තිය ගැන විශ්වාස කරති. විවිධ
අත්දැකීම් රැස්කරමින් භවයෙන් භවයට යන ආත්මයක් බුදු සමය පිළිනොගන්නා
නමුත් ඒ වෙනුවට ගත්‍යාත්මක (වෙනස්වන) ජීවන ප්‍රවාහයක් ලෙස සංසාරික
අනන්‍යතාව රැක ගනිමින් ප්‍රවර්ථනය වීම පිළිගැනීමට අකැමැත්තක් නැත.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සත්වයෙකු විසින් අපේක්ෂා කළ හැකි උත්කෘෂ්ට
අධිගමය. (උපරිම අවබෝධය) සිය අධිෂ්ඨාන ශක්තියෙන් ප්‍රඥාව හා කරුණාව
වැඩීමෙන් මිනිසෙකු වශයෙන් සිටිමින් සාධනය කරගෙන, නිවනට එකම මඟ මිනිස්
වර්ගයාට ඉගැන්වූහ.
අවශ්‍ය වීර්ය වඩන්නේ නම් ශාස්තෘන් වහන්සේ ගේ තත්ත්වයට ම ඕනෑම කෙනෙකුට
අත්වන්නට අවකාශ කිරීම බුදු සමයෙහි විශේෂ ලක්ෂණයකි. බුද්ධත්වය විෂයෙහි
සුවිශේෂ ඒකාධිකාරයක් තමන්ට ඇතැයි බුදුරජාණන් වහන්සේ නොපැවසූහ. එය
ස්වභාවික පරිණාමයෙහි ප්‍රතිඵලයක් ද නොවේ. |