අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර (විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
අනුරාධපුර මහාවිහාරයේ වැඩ වෙසෙමින් හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කළ
විදේශීය භික්‍ෂූන් වහන්සේ කවුද?
පිළිතුර
බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේ
ප්‍රශ්නය
“යො ධම්මං පස්සති යො මං පස්සති “ යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී.
බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙරෙහි ලොල් වූහ. ශ්‍රාවකයාණන් කෙනෙකු
අරභයා දේශිත පාඨයකි. ඒ එම ශ්‍රාවකයන් වහන්සේ කවුද?
පිළිතුර
වක්කලී ශ්‍රාවකයන් වහන්සේ
ප්‍රශ්නය
ජාතක කථා අතරෙන් පංචායුද ජාතක කථාවෙන් බෝසතාණන් වහන්සේගේ කුමන
පාරමිතාවක් විස්තර කොට දේශනා කරන ලද්දක්ද?
පිළිතුර
වීර්ය පාරමිතාව
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ජන්මභූමිය වන දඹදිවට පවා අහිමිවුණ ඓතිහාසික
පූජනීය වස්තුවක් ශ්‍රී ලාංකිකයන් සතුව පවතී. ඒ කුමක්ද?
පිළිතුර
ධර්මාශෝක රජු දවස දඹදිව සිට සඟමිත් අරහත් මෙහෙණින් විසින් වැඩමවා රෝපණය
කරන ලද අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
ප්‍රශ්නය
ත්‍රිපිටකයේ එන බුද්ධ දේශනාවන්ගෙන් ප්‍රමාණයෙන් වැඩිම දේශනාවන්
දේශනාකොට ඇත්තේ කුමන ස්ථානයක සිටද?
පිළිතුර
බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයෙන් වැඩිම සූත්‍ර සංඛ්‍යාවක් දේශනා කොට
ඇත්තේ සැවැත්නුවර ජේතවනාරාමයේ සිටය.
ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයේ ජීවත්ව සිටි විවිධ කාන්තාවන් අතුරෙන් ‘ බුද්ධ මාතාව’
නමින් ප්‍රසිද්ධ වූ කාන්තාවගේ නම කුමක්ද?
පිළිතුර
මහා ප්‍රජාපති ගෝතමී
ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයේ පංච සතික නමින් සටහන් වන්නේ කුමක් ද? දඹදිව විසූ
අජාසත් රජතුමා මෙම ඓතිහාසික සිදුවීමට කෙසේ දායක වූයේද?
පිළිතුර
පන්සීයක මහ රහතන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු
රජගහනුවර පැවැත්වූ සංගායනාව මෙ නමින් සඳහන් වෙයි. මගධ රට පාලනය කළ
අජාසත් මහ රජතුමා සංගායනා ශාලාව සහ අවශ්‍ය සියලු පහසුකම් සපයා දුණි.
ප්‍රශ්නය
බුදු දහමට අනුව සමාජශීලි පුද්ගල නිර්මාණය විය යුත්තේ සමාජ යීය
මාධ්‍යයක් තුළදීම ය. ඒ නිසාම පුද්ගල ජීවිත පැවැත්ම අන් අයගේ අගය
වටිනාකම පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් විය යුතුය. තම පෞරුෂයේ වටිනාකම
නැතිනම් අගය පිළිබඳ හැඟීම උද්භව වන්නේ තමා වටා සිටින හා පවතින පරිසරය
ඇසුරෙනි.කෙනෙකුගේ පෞරුෂය යන්න බොහෝ දුරට ඔහු අවට ඇති පරිසරයේ
ප්‍රතිඵලයකි. එම පරිසරයේම කොටසකි. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුන් වහන්සේ
අවධාරණය කරන යුතුකම හා අයිතිවාසිකම් ප්‍රවණතාව හා ඉහත සඳහන් අදහස
කෙතෙක් දුරට සමගාමි වන්නක්ද යන්න පැහැදිලි කරන්න.
පිළිතුර
සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුරදුන් අවධාරණය කොට දක්වන්නේ යුතුකම් වලින්
අයිතිවාසිකම් ගම්‍යමාන වන බවත්.අයිතිවාසිකම් වලින් යුතුකම ගම්‍යමාන වන
බවත්ය.අපට ලැබෙන අයිතිවාසිකම් වලට කෘතගුණ පූර්ණ ආකල්පයක් දක්වන්නේ
නැත්නම් දුදනන් සහ මෝඩයන් බහුල සමාජයක් බිහිවන ලකුණු පහළ වන බවත් සමාජය
සදාචාරාත්මක අගයෙන් පිරි පුද්ගල අගයද හීනවී යන බවත්ය.
එයින් අදහස් වන්නේ සොබා දහම අප වෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප
විසින්ද සොබාදහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය කරයි. ස්වභාව
ධර්මය සමඟ කතාබහක් ඇතිකරගත හැකි එකම මඟ නම් බුදුසමය බව විශ්වාස
කරයි.මක්නිසාද යත් ස්වභාව ධර්මයාගේ ස්වභාවයට අනුකූ®ලවීම සදාචාරය වන
නිසා ය.
ස්වභාව ධර්මය අප සාවද්‍ය විධියට පරිහරණය කළහොත් ඒ සඳහා අවිචාරවත්ව
කටයුතු කළහොත් අපට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු
නොඅනුමානය. බුදු දහමට අනුව මෛත්‍රිය වනාහි සකල සත්වයන් කෙරෙහිත් ස්වභාව
ධර්මය කෙරෙහිත් පැතිර විය යුතු දහමකි. බුදුසමය හුදු මානව හිතවාදි පමණක්
නොවන බවත් එයින් ඔබ්බට ද ගමන් කරන බවත් මෙයින් පැහැදිලි වෙයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ විජ්ජා චරණ සම්පන්නෝ යනුවෙන් බුදුගුණයත් සුවිශේෂ
වශයෙන් දක්වන්නේ උන්වහන්සේ ප්‍රඥාවෙන් මෙන්ම ශීලයෙන්ද සමන්විත හෙයිනි.
පැහැදිලි කරන්න.
පිළිතුර
සීලං නාම ආදිචරණං බෞද්ධ පිළිවෙත්හි පළමු හැසිරීම සීලයයි. එය නිෂ්ටාවක්
(අවසාන අරමුණක් ) සාධනය කර ගැනීම සඳහා වූ මාධ්‍යයක් මිස අවසාන අරමුණක්
නොවේ.
සීලය විසුද්ධ මාර්ගයෙහි පළමු පියවර පමණි.බෞද්ධයාගේ අරමුණ නිවන් පසක්
කරගැනීමයි. නිවන සිත හෙවත් නුවණ දියුණූ කරගැනීමෙන් ප්‍රඥාව ලබා ගත
හැකියි. නිවන අවබෝධ කොට ගත හැක්කේ ප්‍රඥාවෙන් පමණක් නිසා සිත හික්ම
වීමෙන් සමාධිගත කර ගැනීමෙන් ප්‍රඥාව ලබාගත හැකි වන අතර කය වචනය
හික්මවීමෙන් සිත සංවර කර ගත හැකියි.ඒ සඳහා සීලය අවශ්‍ය වේ. බුදු දහමෙහි
පදනම ශීලය වන අතර (මුද්‍රන) නිමාව ප්‍රඥාවයි. පක්‍ෂියෙකුගේ පියාපත්
යුවළ මෙන් මේ දෙක අන්‍යොන්‍ය ප්‍රතිබද්ධව ක්‍රියා කරන ගුණාංග යෝය.
ප්‍රඥාව මිනිසෙකුට දෙනෙත් වැනිය.ශීලය දෙපා වැනිය.බුදුරජාණන් වහන්සේට
විජ්ජා චරණ සම්පන්නෝ යනුවෙන් සම්භාවනා පද යොදන්නේ ප්‍රඥාවෙන් හා
ශීලයෙන්ද සමන්විත වූ හෙයිනි.
ප්‍රශ්නය
විඤ්ඤාණය නිසා නාම රූප හට ගනී. මෙම ප්‍රස්තුතය යටතේ ගැඹුරු ධර්ම කරුණක්
විවරණය වෙයි. එහෙත් සරලව ධර්මානුකූ®ලව විවරණය කළ හැකිය.පැහැදිලි කරන්න.
පිළිතුර
නාම රූප ධර්මයන්ගෙන් ගැණෙන ස්කන්ධ පංචකයයි.මෙයින් වේදනා, සංඥා, සංඛාර,
විඤ්ඤාණ, යන ස්කන්ධ හතර නාම ස්කන්ධ යන නමින්ද රූප ස්කන්ධය වශයෙන් කය
(ශරීරය) හැඳින්වෙයි.
නාම ශබ්දය “නොයෙක් අතට නැමෙන යන අදහස නිසා නාමස්ඛන්ධයද නම්‍යසුලු ගතිය
නිසා ඒ නමින් හැඳින්වෙයි. සුඛ දුඞඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල
වශයෙන්ද නාමස්ඛන්ධය නොයෙක් අතට පරිවර්තනය වෙයි.රූප යන්න භෞතිකත්වය මත
සකස් වූ ධර්මයක් නිසා ක්‍ෂණික පරිවර්තනයයි.
ප්‍රශ්නය
නීවරණ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ කුමක් ගැනද? ධර්මානුකූල විවරණයක්
කරන්න.
පිළිතුර
නීවරණ (නි+වර් =1 අවුරණ බාධා කරන වළකන) යනුවෙන් අභිවෘද්ධිය වළකන ස්වර්ග
මොක්‍ෂ මාර්ගයට බාධාකරන සිත ආවරණ කරන දේ වශයෙන් සැලකෙයි. නීවරණ
පසෙකි.මේ පංච නීවරණ යන්ගෙන් සිත ආවරණය වූ විට මෘදු නොවේ. කෙලෙසුන් දමනය
කළ නොහැකි වේ. |