ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර අටවක පෝ දා 2026 ජනවාරි 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරයේ සත්බුදු රජාණන් වහන්සේ සේයාරුව - නිශ්ශංක විජේරත්න
ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ. 26 සඳුදා සිල්
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
කළගුණ දන්නා බව කෘතඥතාවය යි. එය වඩාත් පැහැදිලි වනුයේ “කතඤ්ක්දුතා නාම අප්පස්ස වාබහුස්ස වා යෙන කෙනචි කතස්ස උපකාරස්ස පුනප්පුනං අනුස්සරණභාවෙන ජානන්තා” යන අටුවා පාඨයෙනි. කෘතඥතාව නම් යම් කිසිවකු විසින් කරන ලද කුඩා වූ හෝ මහත් වූ හෝ උපකාරයක් වේ නම්, එය නැවත නැවත සිහිකරමින් හොඳීන් මතකයේ තබා ගැනීම බව පැහැදිලි කොට ඇත. කළගුණ සැලකීම යැයි කියන්නේ මෙය මැ යි. ලෝකයෙහි පුද්ගලයන් දෙදෙනෙක් දුර්ලභ වෙතැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ දෙදෙනා නම්, උපකාරයක් ලැබුණේ නැති ව පළමුවෙන් උපකාර කරන තැනැත්තා සහ උපකාර ලබාගෙන එය නො සඟවා ප්‍රකට කරන තැනැත්තාත් යන දෙදෙනා ය. සමහරුන් අනුනට බොහෝ සෙයින් ම උපකාර කරන්නේ තමන්ටත් යම් උපකාරයක් ලැබී තිබෙනවා නම් පමණි. නොඑසේ නම්, අනාගතයෙහිවත් මොහු මට උපකාර කරාවිය, මාගේ ආපදාවන්හි දී පිහිට වේවි ය යන අදහසිනි. එවන් අදහස් නොමැති ව හුදු පිරිසිදු සිතින් උපකාර කරන අය කවදත් මිනිස් සමාජයේ සොයා ගැනුමට අපහසු නිසා දුර්ලභ පුද්ගලයෙකැ යි වදාළහ. ර්ලභ වූ අනෙක් තැනැත්තා නම් උපකාර ලැබ, ඒවා මතකයේ තබාගෙන නිතර සිහි කරමින් තමන් විසින් ද “ඔහුට හැකි හැම යහපතක් ම කළමනාය”යි සිතා එසේ කරන පුද්ගලයා ය. මෙසේ කළගුණ සලකන්නා වූ තැනැත්තා සත්පුරුෂයා නමින් හඳුන්වනු ලබන්නේ ය. “කෙවලා එසා භික්ඛවෙ සප්පුරිස භූමි යදිදං කතඤ්ක්දුඟක්දුතා කතවෙදිතා” යනුවෙන් ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ මහණෙනි, යම් ඒ කළගුණ දන්නා බවෙක්, කළගුණ සැලකීමක් වේ නම්, සත්පුරුෂ භූමිය (සත්පුරුෂත්වය පිහිටා තිබෙන තැන) එය යැයි දේශනා කළ සේක. මෙයින් සත්පුරුෂත්වය පිහිටා තිබෙන්නේ කළ උපකාර මතකයේ තබා ගැනීම උඩ බව පැහැදිලි කළ සේක. තමන්ට අනුන්ගෙන් සිදු වී ඇති උපකාර මතක තබා නො ගෙන ඒවා අමතක කොට දමනවා නම්, ඔහු හා සමාන අසත්පුරුෂයෙක් වෙන නැත. ලොකු ම අසත්පුරුෂයා ඔහු ය.
ජරාව යන වචනය පවා ඇසෙද්දී කෙනකු තුළ ඇතිවන්නේ හිරිකිතයකි. පිළිකුලකි. සාමාන්‍ය ව්‍යාහාරය තුළ ජරාව යනු අසූචි ය. මුත්‍ර ය. කුණු වූ දේ ය. දුගඳ හමන දේ ය. නින්දා ලබනා දේ ය. ගැරහුම් ලබනා දේ ය. ස්පර්ශ කරන්නට හෝ දකින්නට හෝ සිතන්නට පවා අකැමැති දේ ය. සන්තෝෂමට ද ජරාව යැයි කියන්නේ එය ද නින්දා ලැබිය යුතු, ගැරහුම් ලැබිය යුතු දෙයක් වශයෙන් සලකා බැලීමෙනි. පොදුවේ ගත් කල ජරාව නින්දා ලබන, ගැරහුම් ලබන පිළිකුලට බඳුන්වන දෙයකි. අප ද ගෙවන මොහොතක් පාසා ජරාවට පත්වෙමින් හිරිකිත වූ, පිළිකුල් වූ, නින්දා ගැරහුම් ලබන්නා වූ තත්ත්වයකට මුහුණ දෙමින් සිටී යැයි ඔබට මොහොතකටවත් සිතුණාද? ඇතැමකුට නම් එසේ සිතෙන්නට ඇත. අවස්ථානුකූල ව ආලේපනවලින් ජරා තත්ත්වය සඟවා ගන්නට කටයුතු කළා මිස ජරාව ඉක්මවා යන්නට, ජරා දුකින් නිදහස් වන්නට වෙර වීරියක් ගත්තා යැයි අවම වශයෙන් අධිෂ්ඨානයක් හෝ ඇතිකර ගත්තා යැයි කියන්නට හැකිද? දුක දැනගෙන, දුක දැකගෙන, දුකින් නිදහස් වීමට වෙර වීරිය උපදවා ගත යුතු අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වේ. ඒ ගැන කෙරෙන විමසුමක උතුම් සම්බුදු මුව මඬලින් ගලා ගිය උතුම් සදහම් දෙසුමේ සඳහන් වන්නේ ජරාවට පත්වීම දුකක් බවයි. උපන් සත්වයා කුමක් පිරිවරා සිටී දැයි එක්තරා දෙවියකු ඇසූ ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ පිළිතුර වශයෙන් දේශනා කළේ උපන් සත්වයා ජරාව (මහලු වීම) පිරිවරා සිටින බවකි. මේ ජරාව යනු කුමක්ද? “ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත් වීමක්, දිරා යාමක්, දත් කැඩී යාමක්, කෙස් ඉදී යාමක්, ඇඟපත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇත්ද මෙයයි.” මේ අනුව කෙනකු උපන්දා සිට ම ජරාවට පත්වන බව කිවමනා ය. මන්ද උපන්දා සිට ම ආයුෂ ගෙවී යන හෙයිනි. ඉන්ද්රියයන්ගේ මෝරා යාමක් වන හෙයිනි. එසේම කොතැනක කෙසේ උපත ලැබුව ද ජරාවට පත් වීම සියලු සත්වයෝ ම උරුම කරගෙන සිටින්නකි. සියල්ලන්ට ම පොදු ධර්මතාවකි. සියලු දෙව්බඹුහු ද ඇතුළු කොටගත් සියලු සත්වයෝ ජරාවට පත්වන්නාහ. එයින් මිදුනකු ලොව නැත.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි බෝධිරාජ නම් කුමාරයෙක් විසී ය. හේ බොහෝ ධනවත් ය. ඔහුට විසීම පිණිස ඉතා අලංකාර වූ මහා ප්‍රාසාදයක් කරවී ය. ඒ ප්‍රාසාදය දුටු බෝධිරාජ කුමාරයා “මේ ප්‍රාසාදය කරවූ වඩු කාර්මිකයා මෙබඳු හෝ මීට වඩා අලංකාරවත් වූ හෝ ප්‍රාසාදයක් යම් කිසිවකු උදෙසා කළොත්, මගේ මේ පහයෙහි අගය අඩු වන්නේ ය. ඒ නිසා මෙය කළා වූ වඩු කාර්මිකයා ගේ අතපය සිඳලන්නට හෝ, මරන්නට හෝ වටනේ ය” යි සිතා ඒ බව තම යහළු සංජීවක තැනැත්තාට හෙළි කළේ ය. එඇසූ සංජීවක “කුමාරයා අදහස් කරන්නා වූ දුෂ්ට ක්‍රියා සිදුකොට, මෙ තරම් දක්ෂ වඩුවා නැති කළොත් මුළු රටට ම මහා පාඩුවකි’ යි සිතා රහසින් වඩු කාර්මිකයා හමුවී කුමාරයා ගේ අදහස දැනුම් දී කෙසේ හෝ ස්වකීය ආරක්ෂාව සලසා ගන්නටැ” යි කීය. දිනක් වඩු කාර්මිකයා ගේ නිවසට බෝධිරාජ කුමාරයාගොස් “කාර්මිකය, කෙසේද ප්‍රාසාදයේ වැඩ අවසන් දැ’ යි ප්‍රශ්න කෙළේ ය. “නැත ස්වාමීනී, ඉතා සියුම් වැඩ රැසෙක් ඇත. ඒ පිණිස ඉතා සැහැල්ලු දැව මෙතරම් අවශ්‍ය ය. ඒවා ලැබෙන්නට සැලැසුව මනාය”යි කීය. කුමාරයා ඒ දැව ගෙන්වා දුණි. එවිට කාර්මිකයා බෝධිරාජ කුමාරයාට “දේවයන් වහන්ස, ඉතිරි වැඩ ඉතා විවේකීවැ කළ යුතු සියුම් වැඩයි. ඒ නිසා තමුන්නාන්සේ මා දන්වනතුරු එහි සැපත් නොවන්නැ” යි කියා සිටියේ ය. ඉන්පසු කාර්මිකයා දොරගුළු ලා ගෙනැ බෝධිරාජ කුමාරයා ගෙන්වා දුන් සැහැල්ලු දැවයෙන් අහස් යානයක් තනා අඹුදරුවන් හා වටිනා දේපළ ද රැගෙන හිමාලය බලා පියාසර කොටැ, එහි විසුම් ගත්තේ ය. පසුවැ හේ ඒ පෙදෙසේ කාෂ්ට වාහන නමින් රජ වීය. බෝධිරාජ කුමරා ද සිය පහය ගෙවැදීමේ මංගලාවස්ථායෙහි බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නයට ඇරයුම් කොටැ, පහය පිරිබඩ ගන්වා සුවඳවත් කොට එළිපත සිට පාවාඩයක් අතුරා මට පුතෙක් හෝ දුවෙක් හෝ ලැබේ නම්, බුදුරජාණන් වහන්සේ මේ පාවාඩය පාගාගෙනැ වඩනා සේක්වා යි අදහස් කෙළේ ය. බුදුරජාණන් වහන්සේ පාවාඩය නොපාගා සිටුවනම සිටි සේක. බෝධිරාජ කුමාරයා ගේ අදහස ඉටු නොවන නිසා ය. ආනන්ද මාහිමියෝ පාවාඩය හකුලා දමන්නටය යි නියම කළහ.
කැලණිය දුරුතු පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර
කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ජනවාරි 30 දා: ලෝ සතට සෙත සදන දුරුතු පෙරහර අසිරි
අතීතයේ උරුමය මතුපරපුරට දායාද කරන පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් 41 කොටස: නොසන්සුන් බව සමනය කර ගන්න සක්මන් භාවනාව පුරුදු කරන්න
කළගුණ නොදත් අසත්පුරුෂයන් ඇසුරට නොගත යුතුයි
දුගඳ දිවියක අමිහිර
සම්බුදු දහමේ ධනාත්මක චින්තනය
ජාතික ආගමික මෙහෙවරට ජීවය දුන් නුවරඑළියේ චන්දජෝති මහ නාහිමියෝ
පුණ්‍ය ක්‍රියා
සංසාරික ගමන
දික්වැල්ල ඓතිහාසික දීඝවාලුකාරාම රජමහා විහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]