[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සත්පුරුෂ දහමක රුව ගුණ මහිමය

කළගුණ දන්නා බව කෘතඥතාවය යි. එය වඩාත් පැහැදිලි වනුයේ “කතඤ්ක්‍දුතා නාම අප්පස්ස වාබහුස්ස වා යෙන කෙනචි කතස්ස උපකාරස්ස පුනප්පුනං අනුස්සරණභාවෙන ජානන්තා” යන අටුවා පාඨයෙනි. කෘතඥතාව නම් යම් කිසිවකු විසින් කරන ලද කුඩා වූ හෝ මහත් වූ හෝ උපකාරයක් වේ නම්, එය නැවත නැවත සිහිකරමින් හොඳීන් මතකයේ තබා ගැනීම බව පැහැදිලි කොට ඇත. කළගුණ සැලකීම යැයි කියන්නේ මෙය මැ යි. ලෝකයෙහි පුද්ගලයන් දෙදෙනෙක් දුර්ලභ වෙතැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ දෙදෙනා නම්, උපකාරයක් ලැබුණේ නැති ව පළමුවෙන් උපකාර කරන තැනැත්තා සහ උපකාර ලබාගෙන එය නො සඟවා ප්‍රකට කරන තැනැත්තාත් යන දෙදෙනා ය. සමහරුන් අනුනට බොහෝ සෙයින් ම උපකාර කරන්නේ තමන්ටත් යම් උපකාරයක් ලැබී තිබෙනවා නම් පමණි. නොඑසේ නම්, අනාගතයෙහිවත් මොහු මට උපකාර කරාවිය, මාගේ ආපදාවන්හි දී පිහිට වේවි ය යන අදහසිනි. එවන් අදහස් නොමැති ව හුදු පිරිසිදු සිතින් උපකාර කරන අය කවදත් මිනිස් සමාජයේ සොයා ගැනුමට අපහසු නිසා දුර්ලභ පුද්ගලයෙකැ යි වදාළහ. ර්ලභ වූ අනෙක් තැනැත්තා නම් උපකාර ලැබ, ඒවා මතකයේ තබාගෙන නිතර සිහි කරමින් තමන් විසින් ද “ඔහුට හැකි හැම යහපතක් ම කළමනාය”යි සිතා එසේ කරන පුද්ගලයා ය. මෙසේ කළගුණ සලකන්නා වූ තැනැත්තා සත්පුරුෂයා නමින් හඳුන්වනු ලබන්නේ ය. “කෙවලා එසා භික්ඛවෙ සප්පුරිස භූමි යදිදං කතඤ්ක්‍දුඟක්‍දුතා කතවෙදිතා” යනුවෙන් ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ මහණෙනි, යම් ඒ කළගුණ දන්නා බවෙක්, කළගුණ සැලකීමක් වේ නම්, සත්පුරුෂ භූමිය (සත්පුරුෂත්වය පිහිටා තිබෙන තැන) එය යැයි දේශනා කළ සේක. මෙයින් සත්පුරුෂත්වය පිහිටා තිබෙන්නේ කළ උපකාර මතකයේ තබා ගැනීම උඩ බව පැහැදිලි කළ සේක. තමන්ට අනුන්ගෙන් සිදු වී ඇති උපකාර මතක තබා නො ගෙන ඒවා අමතක කොට දමනවා නම්, ඔහු හා සමාන අසත්පුරුෂයෙක් වෙන නැත. ලොකු ම අසත්පුරුෂයා ඔහු ය.

 


නවම්  පුර අටවක

ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]