[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක පෝ දා 2026-01-26

ධර්මය ජීවිතයටයි

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානුශාසනං

සියලු අකුසලයන්ගෙන් දුරු වෙන්න. කුසලයෙහි යෙදෙන්න. සිත මනා කොට පිහිටුවා ගන්න. එය සියලු බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව ය. සම්බුදු දහමේ හරය කැටිකරගත් මේ උතුම් ගාථාරත්නය නොදන්නා බෞද්ධයෙක් නොවේ. කෙනෙක් උදේ සවස බුද්ධ වන්දනාවේ දී මේ ගාථා ධර්මය සිහිපත් කරමින් තමන්ගේ ඒකායන අරමුණ පිළිබඳ තමන්ට ම අවධාරණය කර ගනී.

තවත් කෙනෙක් විවේකී අවස්ථාවන්හි මේ ගාථා ධර්මය මුමුණමින් බුදු ඔවදන් තමන්ගේ සිත තුළට ධාරණය කර ගනී. කෙනකුගේ ජීවිතය ධර්මානුකූල මඟට ගෙන යන්නට එමඟින් ලැබෙන උත්තේජනය මහත් ය.

බෞද්ධයා යනු බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය යන ත්‍රිවිධ රත්නය සරණ ගිය පුද්ගලයාය. කිසිදු විටෙක ත්‍රිවිධරත්නය ඉක්මවා නොයන හෙතෙම සුපසන් සිතකට හිමි කරුවෙකි. ඒ සුපසන් බව තුළ නිර්මාණය වන පරිසරය ද සුපිවිතුරු ය. සාමකාමී ය. කෙනකු ඉක්මවා තවත් කෙනෙක් නැඟී සිටින්නට අදහැමෙන් කටයුතු නොවෙයි. එහි ජීවත්වන මිනිසුන්ට සේ ම කුරාකුහුඹුවකුටවත් ජීවිත බිය නොදැනේ. දැහැමෙන් සෙමෙන් උපයා ගත් ධනය තවත් කෙනෙක් උදුරා ගනී යන සොර සතුරු බිය නොදැනේ. පවුල තුළ සුරැකෙන විශ්වාසය, සාමය, සතුට, දියුණුව ළඟා කරවන්නේ ය. සත්‍යවාදී බව රජයන පරිසරයෙහි තමන් රැවටේ ය යන බිය නොදැනේ. සුරාවෙන් මත් වූවෝ නැති එහි කිසි තැනෙක අකටයුත්තක් වේ යන අනිසි බිය නොදැනේ. සරලව ම කියනවා නම් මදය, අවසිහිය නිසා වන අයහපත්කම් එහි නොවේ. ජීවත්වන්නට මීට වඩා සොඳුරු සාමකාමී පරිසරයක් වෙනත් කිසිදු තැනක නම් වේද? මේ සැබෑ බොදුනුවන් ජීවත්වන පරිසරයයි.

මේ අපූර්වත්වය, නිවුණු බව, සොඳුරු බව බෞද්ධයන් ලෙස අපි ජීවත්වන පරිසරයේ අද අපිට දකින්නට තිබෙනවා ද යන්න පිළිබඳ නම් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. පිළිතුර නම් අපට කොතැන හෝ වැරැදී ඇති බවය. අද අන් කවරදාටත් වඩා අපට ධර්මය ශ්‍රවණයට, දැන ඉගෙනීමට, කියවීමට මාර්ග බොහෝ ය. ගමින්ගම වෙහෙර විහාරයන්හි ධර්ම දේශනාමය පින්කම් සංවිධානය කෙරේ. බණ අසන උවසු උවැසියෝ ද බොහෝ ය. සැදැහැ සිත් වඩන ආමිෂමය පූජා පින්කම් ද අපමණ ය. එසේ නම් අපට වැරදුණේ ඇයි. දහම ජීවිතයට නොගැනීම ය. ධර්මය ඇසින් දකිනු විනා, මනැසින් නොදැකීමය. ඒ තැනට එන්නට නම් අප වහ වහා වෙනස් විය යුතු ව තිබේ. ඒ ආකල්පයන්ගෙනි. ඒ වෙනස ඇති වූ පළමු තත්පරයේම බොදු සමාජයක අරණලු මේ පින්බිම ආලෝකවත් කරනු ඇත.

නවම්  පුර අටවක

ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]