[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නුවණින් විමසා අවබෝධයෙන් ගෙවිය යුතු මහලුවිය

ජරාව යන වචනය පවා ඇසෙද්දී කෙනකු තුළ ඇතිවන්නේ හිරිකිතයකි. පිළිකුලකි. සාමාන්‍ය ව්‍යාහාරය තුළ ජරාව යනු අසූචි ය. මුත්‍ර ය. කුණු වූ දේ ය. දුගඳ හමන දේ ය. නින්දා ලබනා දේ ය. ගැරහුම් ලබනා දේ ය. ස්පර්ශ කරන්නට හෝ දකින්නට හෝ සිතන්නට පවා අකැමැති දේ ය. සන්තෝෂමට ද ජරාව යැයි කියන්නේ එය ද නින්දා ලැබිය යුතු, ගැරහුම් ලැබිය යුතු දෙයක් වශයෙන් සලකා බැලීමෙනි. පොදුවේ ගත් කල ජරාව නින්දා ලබන, ගැරහුම් ලබන පිළිකුලට බඳුන්වන දෙයකි. අප ද ගෙවන මොහොතක් පාසා ජරාවට පත්වෙමින් හිරිකිත වූ, පිළිකුල් වූ, නින්දා ගැරහුම් ලබන්නා වූ තත්ත්වයකට මුහුණ දෙමින් සිටී යැයි ඔබට මොහොතකටවත් සිතුණාද? ඇතැමකුට නම් එසේ සිතෙන්නට ඇත. අවස්ථානුකූල ව ආලේපනවලින් ජරා තත්ත්වය සඟවා ගන්නට කටයුතු කළා මිස ජරාව ඉක්මවා යන්නට, ජරා දුකින් නිදහස් වන්නට වෙර වීරියක් ගත්තා යැයි අවම වශයෙන් අධිෂ්ඨානයක් හෝ ඇතිකර ගත්තා යැයි කියන්නට හැකිද? දුක දැනගෙන, දුක දැකගෙන, දුකින් නිදහස් වීමට වෙර වීරිය උපදවා ගත යුතු අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වේ. ඒ ගැන කෙරෙන විමසුමක උතුම් සම්බුදු මුව මඬලින් ගලා ගිය උතුම් සදහම් දෙසුමේ සඳහන් වන්නේ ජරාවට පත්වීම දුකක් බවයි. උපන් සත්වයා කුමක් පිරිවරා සිටී දැයි එක්තරා දෙවියකු ඇසූ ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ පිළිතුර වශයෙන් දේශනා කළේ උපන් සත්වයා ජරාව (මහලු වීම) පිරිවරා සිටින බවකි. මේ ජරාව යනු කුමක්ද? “ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත් වීමක්, දිරා යාමක්, දත් කැඩී යාමක්, කෙස් ඉදී යාමක්, ඇඟපත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇත්ද මෙයයි.” මේ අනුව කෙනකු උපන්දා සිට ම ජරාවට පත්වන බව කිවමනා ය. මන්ද උපන්දා සිට ම ආයුෂ ගෙවී යන හෙයිනි. ඉන්ද්‍රියයන්ගේ මෝරා යාමක් වන හෙයිනි. එසේම කොතැනක කෙසේ උපත ලැබුව ද ජරාවට පත් වීම සියලු සත්වයෝ ම උරුම කරගෙන සිටින්නකි. සියල්ලන්ට ම පොදු ධර්මතාවකි. සියලු දෙව්බඹුහු ද ඇතුළු කොටගත් සියලු සත්වයෝ ජරාවට පත්වන්නාහ. එයින් මිදුනකු ලොව නැත.


නවම්  පුර අටවක

ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]