[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සංඝමිත්තාගමනය සහ දුමින්දාගමනය

සංඝමිත්තාගමනය යන්නට ම දුමින්දාගමනය යැයි කියන බව ඇතමකු ප්‍රකාශ කරතත් එය සාවද්‍ය වේ. දුමින්ද යනු සංඝමිත්තා යන පදයට කියන තවත් පර්යාය (සමාන) පදයක් බව ද ඔවුහු පවසති. එයත් සාවද්‍ය වේ. නමුත් සංඝමිත්තාගමනය නිසා දුමින්දාගමනය සිදු වූ බව සත්‍යයකි. සංඝමිත්තා + ආගමනය යන්න එක් වී සංඝමිත්තාගමනය යන පදය සෑදී ඇත. ආගමනය යනු පැමිණීමයි. ඒ අනුව සංඝමිත්තාගමනය යනු සංඝමිත්තා තෙරණියගේ වැඩවීමයි. දුමින්දාගමනය යන පදය සෑදී ඇත්තේ දුම + ඉන්ද + ආගමනය යන පද තුන එක්වීමෙනි. දුම යනු ගසට කියන තවත් නමකි. ඉන්ද යනු රජතුමා ය. බෞද්ධ සංස්කෘතිය තුළ ගස් අතර රජු හැටියට සැලකෙනුයේ බෝ ගසයි. ආගමනය යනු පැමිණීමයි. වැඩම වීම, වැඩම කිරීම යන අරුත් ද ආගමනය යන්නෙහි ගැබ් වී ඇත. එනිසා සිරි මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව වැඩමවීම දුමින්දාගමනය ලෙස හඳුන්වයි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට පැමිණෙන විට සිරි මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව ද රැගෙන වැඩියා ය. මේ අනුව සංඝමිත්තාගමනයත් සමඟ ම දුමින්දාගමනය සිදු වූ බව සැලකිය හැකි ය. මහින්දාගමනය (මිහිඳු මාහිමියන්ගේ පැමිණීම) තරම් ම සංඝමිත්තාගමනය ද ලක්වැසියාට වැදගත් වූවකි. දුමින්දාගමනයට පසු බෝධි වන්දනාව ලක්වැසියා අතර ජනප්‍රිය විය. බෝධීන් වහන්සේට කරන පුද පූජාවන් තමන් වහන්සේට කරන පුද පූජාවන් හා සමාන වන බව බුදුන් වහන්සේ වදාළේ ආනන්ද බෝධි රෝපණයට පෙර දී ය. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ම බුදුවරයකු පරිද්දෙන් බෝධීන් වහන්සේ ද පුද පූජාවන්ට ලක් වූහ. ධර්මාශෝක අධිරාජයාගේ හා දේවී නම් බිසවගේ එකම දියණිය වූයේ සංඝමිත්තා තෙරණියයි. මිහිඳු මහරහතන් වහන්සේගේ නැඟණියයි. සංඝමිත්තා තෙරණිය පැවිදිවීමට පෙර අග්ගිබ්‍රහ්ම නම් තරුණයකු හා විවාහ වී සිටි අතර, ඔවුනට සුමන නම් පුතෙක් විය. (මේ තිදෙනා ම බුදු සසුනේ පැවිදි ව සසරින් එතෙර වීමට තරම් පුණ්‍යවන්තයෝ වූ හ.


උඳුවප් අව අටවක

දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]