ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අව අටවක පෝ දා 2025 දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කොත් අපි කියනවා, “එයා දිහා එක පාරක් බලලා මදි. තව පාරක් හැරිලා බලන්න හිතෙනවා” කියලා. එහෙම කෙනෙක් ඇසුරු කරනකොට, රූපය ලස්සන වුණාට හිත ලස්සන නැත්නම් ඒ කෙනාව ආයේ දකින්නවත් කැමැත්තක් ඇතිවෙන්නේ නෑ. නමුත් රූපය කෙසේ වෙතත් ලස්සන හිතක් තියෙන කෙනෙක් කියලා දැනුණොත් අපිට ඒ කෙනා නැවත නැවත ඇසුරු කරන්න හිතෙනවා. දන්නෙම නැතුව අපි තුළ මිත්‍රත්වයක් ගොඩනැඟෙනවා. තරහෙන්, ද්වේෂයෙන් දැවෙන කෙනෙක් මුණගැහෙන්න අපි කැමැති නෑ. හැබැයි දුටු පමණින් මුළු හදවතින් ම හිනාවෙලා සිනහවකින් සංග්‍රහ කරන අය අපිට පි‍්‍රයයි. අන් අයට අපි ගැනත් එහෙම තමයි. ද්වේෂය නමැති සතුරා අප සමඟ මිතුරු වූ විට අපිට අපි ගැන තියෙන කල්පනාව අඩුයි. අන් අයගේ ප්‍රතිචාරත් අප ව මඟහැර යයි. දැවෙන සිතක් නැතුව නිවෙන සිතක් ඇති කර ගන්න, ද්වේෂය නමැති අති භයානක රෝගයට තුන් ලොව උතුම් ශල්‍ය වෛද්‍යවරයාණන් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අතිශය ප්‍රණීත ඖෂධයක් අපිට තිළිණ කළා. හැබැයි ඒ ඖෂධය මතක් වෙන වෙලාවට ගන්න ඕන එකක් නොවෙයි. හිටගෙන ඉද්දිත්, හිඳගෙන ඉද්දිත්, ඇවිදින වෙලාවෙත්, නො නිදා සිටිද්දිත් භාවිතයට ගන්න ඕන. ඒ තමයි, සිත් ගිනි නිවන මෙත් සිත. මේ හැම මොහොතක ම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ මෙත් සිත පවත්වන්න පුළුවන් නම් ඒ කෙනා හරියට මනුලොව ඉන්න බ්‍රහ්මරාජයෙක් වගේ. යම් කෙනෙක් පාපී අකුසල්වලින් නිදහස් වූ සිතින් හැම දිශාවට ම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා නම් වූ සතරබ්‍රහ්ම විහරණය පතුරවමින් වාසය කරනවා නම්, එනම් මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරනවා. ඒ වගේ ම දෙවැනි, තුන්වැනි දිශාවට, දස දිශාවට, හැම තැනට ම , හැම ලොවකට ම, විපුල වූ, ප්‍රමාණ රහිත වූ, අවෛරී වූ, පීඩා රහිත වූ මෙත් සිත ( ඒ අයුරින් ම මුදිතාව, කරුණාව සහ උපේක්ෂාව) පතුරුවාගෙන වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඔහු මෙන්න මේ වගෙයි කියලා. සීතල වතුර තියෙන, පෑදුණු වතුර තියෙන, මිහිරි වතුර තියෙන, මඩ නැති ඉවුරක් තියෙන ලස්සන පොකුණක් තියෙනවා. කොයි දිශාවෙන් වුවත් හොඳට ම පිපාසෙන්, ක්ලාන්තය වූ කෙනෙක් ඇවිදින් ඒ පොකුණේ වතුර බීපුවහම පිපාසෙ නැතිවෙලා යනවා වාගේ, පෑවිල්ලෙන් ඇති වූ පීඩාව නැතිවෙලා යනවා වාගේ, සතර බඹ විහරණයෙන් යුතු කෙනා ලොව ම සුවපත් කරනවා.
දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]