ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අව අටවක පෝ දා 2025 දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සුනේත්‍රා දේවි රාජමහා විහාරයේ ඉතිහාසය වසර 600කට අධික කාලයකට දිව යයි. මෙම විහාරය ඉදි කරන්නේ කෝට්ටේ යුගයේ ආරම්භක පාලකයා ලෙස සැලකෙන සයවැනි පරාක්‍රමබාහු රජු විසිනි. සවැනි පැරකුම්බාවෝ සිය මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිපත් කරනු වස් මෙම විහාරය ඉදිකරවා ඇත්තේ වර්ෂ 1415 දී ය. එකල පැපිලියානේ සුනේත්‍රා දේවි රාජමහා විහාර බිම ඇසුරෙහි එනමින් ම පිරිවෙනක් ද ඉදිකෙරුණි. එහෙත් ලක්දිව පෘතුග්‍රීසි පාලන සමයේ දී මෙම පිරිවෙන, විහාරයෙන් වෙන් කර ඒ ආසන්නයේ ම වෙනත් ස්ථානයක ඉදි කරන්නට කටයුතු යෙදිණි. අද වන විට සුනේත්‍රා දේවී පිරිවෙන විහාරයට මීටර් 250ක් පමණ ආසන්න දුරකින් දැක ගත හැකි වන්නේ ඒ නිසා ය. ඓතිහාසික වටිනාකමකින් යුත් ඉපැරැණි විහාර මන්දිරය, චෛත්‍ය, බෝධීන් වහන්සේ, සංඝාවාසය, උපෝසථඝරය, ධර්ම ශාලාව, ඝණ්ටාර කුලුන, විෂ්ණු දේවාලය, කතරගම දේවාලය, ගම්භාර දේවාලය සහ පත්තිනි දේවාලය ඇතුළු ගොඩනැඟිලි රැසකින් සමන්විත සුනේත්‍රා දේවි රජමහා විහාරයෙහි ගල්කැටයම්, මූර්ති, පොකුණු ආදියෙන් ද අලංකාර වී තිබේ. විහාරස්ථානයේ විහාර මන්දිරය කෝට්ටේ යුගයේ ගොඩනැඟුණු නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතුවලට යටත් ව අවස්ථා කිහිපයක දී ප්‍රතිසංස්කරණය වී ඇත. මෙය වට මාලයකින් සහ ඇතුල් ගෘහයකින් යුක්ත වෙයි. මෙහි වටමාලයේ සූවිසි විවරණ ප්‍රතිමා සහ සත් සතිය නිරූපණය කරන ප්‍රතිමා මූර්තිමත් කර තිබේ.
දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]