|
උඳුවප් අව අටවක පෝ දා
2025-12-11
පිවිතුරු ජීවිතයක්
බෞද්ධයාගේ අරමුණ, පරමාදර්ශය අන්‍ය පුද්ගලයන්ගෙන් වෙනස් ය. ජීවිතාදර්ශය
අපුර්වත්වයෙන් යුතු ය. පිරිසිදු ය. පිවිතුරු ය. නෙළුම් මල කාගේ වුව ද සිත් ගන්නා
සුගන්ධවත් සුසිනිදු පිවිතුරු පුෂ්පයකි. ඉපදී විකසිත වන්නේ ගොහොරු මඩ සහිත ජලයෙහි ය.
එහෙත් ඒ කිසිවක නොගැලී, නොගිලී පිරිසුදු පියුමක් ලෙස ය.
රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස්වලින් අපවිත්‍ර වු මිනිසුන් වෙසෙන විෂම සමාජයක ඉපදුණු
අපගේ තථාගත අමා මෑණී බුදු පියාණන් වහන්සේ ද මඩෙ හි සුපිපුණු නෙළුමක් සේ ය. රාගාදී
මිනිසුන් අතර නිකෙලෙස් මුනිවරයෙක් ලෙස තුන්ලොව බැබළ වූහ. සැබෑ බෞද්ධයා ද ඒ ශාස්තෘන්
වහන්සේගේ මඟ යන්නෙකි. ඔහුගේ අරමුණ, පරමාදර්ශය අන්‍යයන්ගෙන් වෙනස් වන්නේ එහෙයිනි.
බුදුරජාණන් වහන්සේ වද්‍රළ ශ්‍රී සද්ධර්මයට අනුව පුද්ගලයකු තමන්ගේ ජීවිතය හැඩගස්වා
ගත යුතු පටිසෝතගාමි ලෙස ය. අඳුරෙත් ආලෝකයට, ආලෝකයෙන් ආලෝකයට යන පරිදි ය.
රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අන්ධ ව ඇතැම් අය බෝහෝ වැරැදි කරති. අනෙක්අතට ඇසුරට
යොමු වන තැනැත්තා අන් අයද වරදට ඇදගෙන යනු විනා නිවැරැදි මඟ පෙන්වීම ඉතා සීමිත ය. ඒ
මඟට වැටී ජීවිතය කෙලෙසා ගන්නා තැනට කෙනෙක් අන්ධ ව සිටිති. අවිද්‍යාවේ ගිලී සිටිනු
විනා, විද්‍යා ඇස පාදා ගන්නට උත්සාහ ගන්නා බවක් නෙපෙනේ.
බෞද්ධ නාමයෙන් පෙනී සිටියද සෑබෑ බෞද්ධයකු වීමට නම්, සමාජයේ බෝහෝ පිරිසක් සේ
අනුසෝතගාමී මඟ නොයා යුතු ය. අප දකින ගංගා ඇළ - දොළ දිය ඇදී යන්නේ, ගලා බසින්නේ පහළට
ය. ඒ ගමන පහසු ය. රාගයෙන් රාගයට, ද්වේශයෙන් ද්වේශයට, මෝහයෙන් මෝහයට, ඊර්ෂ්‍යාවෙන්
ඊර්ෂ්‍යාවට, බොරුවෙන් බොරුවට, වෛරයෙන් වෛරයට ඇදීයාම පහසු ය. ඒ මඟ වැටෙන අය සිය ගමන
යන්නේ තනිව ම ද නොවේ. අන්‍යයන් ද ඒ මඟට ඇද ගනිමිනි. නුනුවණ දන ඊට හසුවෙති. නුවණැති
පුද්ගලයා ඒ පවිටු ඇසුරින් මිදී කල්‍යාණ මිත්‍ර ඇසුරෙහි ම පි‍්‍රයවෙති. බෞද්ධයාගේ
පරම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ අමා මෑණී බුදුපියාණන් වහන්සේ ය. උන්වහන්සේ වදාළ
ශී‍්‍ර සද්ධර්ම යි. සුපටිපන්නා දී ගුණ. යුතු තථාගත ශ්‍රාවකයන් වහන්සේ යි. ඒ, බුද්ධ
රත්තය, ධම්ම රත්තය, සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය සරණ ගිය පුද්ගලයා ද නෙළුමක් සේ
පිවිතුරු විමේ මඟට පිවිසියෙකි. ඔහු කිසිදු විටෙක සිත, කය, වචනය මෙහෙයවා දස
අකුසලයෙහි නොයෙදෙයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ චේතනාව ම කර්මය වන බව ය. මිථ්‍යා මතයෙහි ගිලිණු
බොහෝ දෙනෙක් මසැසින් අන්ධ ව නිලයට, බලයට, ධනයට මුල් තැන දී එය ම තමන්ගේ උසස් බව
යැයි ආරෝපණය කරගත් මනසින් සමාජයේ වැජඹෙන්නට උත්සාහ දරති. එහෙත් සැබැ බෞද්ධයා තම
උස්සකම පෙන්වන්නේ හැසිරීමෙනි - ක්‍රියාවෙනි. ඒ පැවැත්ම සමාජයට අර්ථ සම්පන්න ය.
ප්‍රියමනාප ය. අප උත්සාහ කළ යුතු ඒ තැනට එන්නට ය. |