[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සසර ගිනි නිවන සිසිල් දිය දහර සත්පුරුෂ ඇසුර

සසර කියන්නේ ගිනිගත් තැනක්. නොයෙක් ගිනිවලින් ඒ සසර ගමන ගිනි ගන්නවා. ඉපදීමත්, ලෙඩවීමත්, වයසට යාම වගේ ම මරණයේදීත් අපගේ ජීවිත ගිනි ගන්නවා. එලෙසම පි‍්‍රය අයගෙන් වෙන්වීමෙන් ද, අපි‍්‍රය අය හා එක් වීමෙන් ද, මේ සසර ගිනි ගනු ලබනවා. ශෝකයෙන්, දුකෙන්, දෝමනස්සයෙන්, වැළපීමෙන් වගේම බඩගින්න නිසාත්, පිපාසය නිසාත් මේ ජීවිතය ගිනි ගන්නවා. එතැනින් නො නැවතී රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල් නිසාත් සසර ගමන ගිනි ගන්නවා. මේ සසරට අයිති දෙයක් තමා පාපී මිතුරන්, අයුක්තිය, අසාධාරණය නොයෙක් ආකාරයේ විපත්, කරදර මේ සියල්ල ම සසරට උරුමකම් කියන, සසරට අයත් දේ යි. මේ ආකාරයෙන් නොයෙක් දුක් ගැහැට ගෙවාගෙන ඇවිද යන මේ ලෝක සත්ත්වයාගේ සිත් නිවා සනසාලන සිසිල් දිය දහරක් ද තිබෙනවා. ඒ සත්පුරුෂ ඇසුර යි. ගිනිගත් සසර නිවා දමන සිසිල් දිය දහර සත්පුරුෂයන්ගේ ඇසුර සහ ඔවුන්ගේ ආදර්ශය යි. නොයෙක් කරදර විපත් ඇති මේ සසරින් නිදහස් වීම, සසරේ දී ලැබෙන සැපය හැම දෙයක් ම උදාකර දෙන්නේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ යි. මේ ලෝකයට පහළවන පරම පූජනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. ඒ වගේම උතුම් මහරහතන් වහන්සේත්, මාර්ගඵල ශ්‍රාවක සංඝරත්නයත් අපට උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ යි. මේ ලෝකයට පහළ වූ සත්පුරුෂයන් වහන්සේ නොයෙක් ගුණවලින් ශෝභමාන යි. උන්වහන්සේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැති ව බොහෝ දෙනාට යහපත සලසනවා. \අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේ දී අපට සිටින බොහෝ මිතුරන් උපකාර කරන්නේ කුමන හෝ ලාභ ප්‍රයෝජනයක් ඇතිවයි. කුමන හෝ ලාභයක් පතාගෙන. එහෙත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයා ලෝකයාට උපකාර කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නො මැතිව යි. බලාපොරොත්තු රහිතව යි. සත්පුරුෂයා නොයෙක් ගුණ ශෝභාවෙන් යුක්ත යි. සත්පුරුෂයා ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත යි. සීල ගෞරවයෙන් යුක්ත යි. ධර්ම ගෞරවයෙන් යුක්ත යි. සත්පුරුෂයා සසර ගමනට බිය ඇති ව වාසය කරනවා. ඔහු බහුශ්‍රැත යි. පරාර්ථකාමි යි. අන් අයගේ යහපත පතනවා. පි‍්‍රයමනාපයි. නිතර ම වැරැද්ද නිවැරැදි කර ගැනීමට අවවාද කරනවා. යහපතේ යොදවනවා. හොඳ නරක කියා දෙනවා. සත්පුරුෂයා ලාභ ප්‍රයෝජන , කීර්ති ප්‍රශංසා බැහැර කරමින් වාසය කරනවා. ත්‍රිවිධ රත්නයට ම ප්‍රශංසා කරමින් වාසය කරනවා. සමාදන් වූ සිල්පදවල අනුසස් කියා දෙනවා.


බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]