ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර අව අටවක පෝදා 2025 සැප්තැම්බර් 14 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වප් මාසය පුරාම, ලොව බෞද්ධ ජනයා විසිරී පැතිරී සිටින සෑම තැනක ම පාහේ කඨින පින්කම් පැවැත්වෙන බව අප දන්නා කරුණකි. චීවර මාසය අවසන් වෙන්නේ නොවැම්බර් (ඉල්) පෝය දවසිනි. මේ චීවර මාසය ලක්දිව කඨින උත්සව සමය යි. කුදු මහත් අයුරින්, ශක්ති පමණින්, හරසරින් කඨින පින්කම් පැවැත්වේ. නන් අයුරින් සැදැහැවතුන් පින් රැස්කර ගන්නා බැවින් කඨින පින්කම බෞද්ධයාගේ ජීවිතය හා අතිශයින් බැඳී පවතී. පින්කම හා එයින් ජනිත වන කුසල කර්මය පිළිබඳ පසුවිපරමක් කිරීම මේ ලිපියේ අරමුණයි. උතුම් පිනට හානි නොවන අයුරින් සිත රැක ගන්නා ආකාරය ද ඔබට මෙයින් ඉගෙන ගත හැකි ය. ඇසළ පුන් පොහෝ දිනට පසු දින වස් වැසීම භාග්‍යවතුන් වහන්සේගේ පැනවීමයි. ලක්දිවත්, ලොව පුරාත් සියලු භික්ෂූන් වහන්සේ වස් සමාදන් ව වස් තුන්මාසයේ භාග්‍යවතුන් වහන්සේ පැනවූ ප්‍රතිපත්තියට ගරු කරමින් වාසය කරති. පෙරවස් මඟහැරුණු භික්ෂූන් නිකිණි පෝයට පසු වස් සමාදන් වන අතර, කඨින චීවරයට හිමිකම් ලැබෙන්නේ පෙරවස් වැසූ භික්ෂූන්ට ය. කඨින චීවරය පූජා කිරීමේ කැමැත්ත ඇති සැදැහැවතුන් වස් ආරාධනා කොට ඒ තුන් මාසයේ සිව්පසයෙන් උපස්ථාන කොට කඨින චීවර පූජාවට සූදානම් වේ. තුන් මසක් එක ස්ථානයක වස් වැසූ සංඝයා එකිනෙකා තුළ දුටු හෝ ඇසූ හෝ සැක හිතුණ හෝ අඩුපාඩු වේ නම් ඒවා පෙන්වා දීමට සහෝදර සංඝයාට පැවරීමේ විනය විධිය ‘පවාරණ විනය කර්මය’ තුළින් සිදු වේ. වස් පවාරණය භික්ෂු සංඝයා සතු කටයුත්තකි. වප් පෝයට පෙරවස් පවාරණයත්, ඉල් පෝයට පසුවස් පවාරණයත් සිදු වේ. පෙරවස් පැවරූ භික්ෂූන් පෙරටු කොටගෙන ය කඨින පින්කම සිදු වන්නේ. වස් පවාරණය කළ භික්ෂූන් තිස්නමක් මහා වර්ෂාවෙන් තෙමී භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි අවස්ථාවේ දෙසූ ධර්මයෙන් තෙත් සිවුරු පිටින් ම ඒ භික්ෂූහු තිස්නම ඒ ආසනයේ ම උතුම් අරහත්වයට පත් වූහ. ධූත ගුණයෙන් යුක්ත සුපේශල ශික්ෂාකාමී ඒ උතුම් ස්වාමීන් වහන්සේ තුන් සිවුරෙන් යුක්තව, අමතර සිවුරු නොමැති ව, වතුර වැක්කෙරෙන සිවුරුවලින් යුතු වූ හ. මේ ගැන සැලකිලිමත් වූ භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තියට හානි නොවී අමතර සිවුරක් භාවිත කළ හැකි ක්‍රමයක් ලෙස කඨිනය ඇතිරීම අනුදැන වදාළ සේක.
සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා පූ.භා. 03.09න් ගෙවේ. 14 ඉරිදා සිල්
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
පසළොස්වක
ඔක්තෝබර් 06
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]