[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

රඹුක්පොත චන්දසිරි නාහිමියෝ කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ මල්වතු මහා විහාරයීය සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් කලවාන, නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති විශ්‍රාමික පරිවේණාචාර්ය, රඹුක්පොත චන්දසිරි මාහිමිපාණන් වහන්සේ වෙත “සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසේකර” යන ගෞරව නාමය සහිත කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 29 වැනි සිකුරාදා මල්වතු මහා විහාරයේ දී ද, අනතුරුව අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි, ආචාර්ය, පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සම්භාවනීය ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 31 වැනි ඉරිදා කලවාන නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමයේ දී ද පැවැත්විණි.මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ කොට්ඨාසයේ රඹුක්පොත නම් ග්‍රාමයේ දී 1957 මැයි මස 16 වැනි දා උපත ලද අප නාහිමියන්ගේ දයාබර මවුපියන් වූයේ ආර්. එම්. ටිකිරි බණ්ඩාර සහ එම්.එම්. රන් මැණිකේ යන දම්පතීන් දෙපළයි. නව යොවුන් වයසට එළඹීමෙන් අනතුරුව අප නාහිමියන්ගේ පැවිදිවීම සිදුවූයේ 1977 අප්‍රේල් මස 29 වැනි දා ය. ඒ කලවාන නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති ව වැඩ විසූ වෙම්බියගොඩ පඤ්ඤාසේකර මාහිමියන්ගේ කණිටු ශිෂ්‍යවරයාණන් වහන්සේ ලෙස ය. පසුකාලීන ව අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ පැවිදි උපාධ්‍යායන් වහන්සේ වූහ.


බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]