ඡායාරූපය - ශාන් රූපස්සර

බක් අමාවක

 අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ.
 27 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

දළදා වහන්සේ පිළිබඳ විදේශීය මූලාශ්‍ර

පොලොන්නරු සමයේ පළමුවැනි පරාක්‍රමබාහු, දඹදෙණි සමයේ දෙවැනි පරාක්‍රමබාහු මෙන්ම කුරුණෑගල සමයේ දී සතරවැනි පරාක්‍රමබාහු වැනි නරපතියන් විසින් ද දළදා වහන්සේට කළ පූජාවන් හා පෙරහර හා එහි විසිතුරු බව චූලවංසය මෙන් ම දළදා සිරිත වැනි කෘතිවලින් සනාථ වේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර හැරුණු කොට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර මඟින් ද දළදාවේ ඉතිහාසය පිළිබඳ ව තොරතුරු දැනගත හැකි ය. මෙම ග්‍රන්ථ අතරින් එක් ග්‍රන්ථයක් ලෙස ජිනකාලමාලි සඳහන් කළ හැකියි. මෙය පාළි වංශ කථාවකි. මෙය රචනා කොට ඇත්තේ තායිලන්තයේ චියැන්මායිහි රත්තවන විහාරයෙහි රතනපඤ්හ නමැති හිමි නමක් විසිනි. මෙම ග්‍රන්ථය පියවර තුනකින් නිමකොට ඇති අතර සම්පූර්ණ කර ඇත්තේ ක්‍රි.ව 1528 දී ය. කතුවරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට බෞද්ධාගම ව්‍යාප්ත වූ ආකාරය විස්තර කිරීමයි. මේ සඳහා ඔහු විවිධ මූලාශ්‍ර භාවිත කොට තිබේ. සිරිමේඝවණ්ණගේ නවවැනි රාජ්‍ය වර්ෂයෙහි ලංකාවට දළදා වහන්සේ වැඩම වීම පිළිබඳ ව මෙහි තොරතුරු දැක්වේ. මේ සඳහා පදනම් වී ඇත්තේ දාඨාවංසයෙහි සඳහන් වන තොරතුරු ය. නමුත් පසුකාලීන ව මෙයට අලුත් තොරතුරු ද ඇතුළත් වී තිබේ. නිදසුනක් ලෙස දාඨාවංසයට අනුව ගුහසීවගේ දියණිය වන්නේ හේමමාලාවන් ය. නමුත් ඇය මෙහි සඳහන් වන්නේ හේමජාලා යනුවෙනි. එමෙන්ම දාඨාවංසයෙහි සඳහන් නොවන මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන තවත් කරුණක් වන්නේ දළදාව ලංකාවට වැඩම කර වූ දෙදෙනා මුලින්ම හමු වන්නේ ශ්‍රී මේඝවණ්ණගේ බ්‍රාහ්මණ පුරෝහිතයෙක් ය යන්නයි. මේ හැරුණු කොට මෙම කෘතියෙහි ශ්‍රී ලංකාවට දන්ත ධාතුව වැඩම කළේ බුද්ධ වර්ෂ 840 දී බවත් දන්තධාතුවංසය රචනා කරන ලද්දේ බුද්ධදත්ත තෙරුන් විසින් බවත් එකිනෙකට නොගැලපෙන තොරතුරු සඳහන් වේ. මෙම තොරතුරු බොහෝවිටම පසුකාලීන ව ඇතුළත් වූ තොරතුරු බව සිතිය හැකියි.

දළදා වන්දනාවේ අසිරිමත් පුද සිරිත්

ශ්‍රී දළදා වහන්සේ ලෝකවාසී බෞද්ධ ජනතාවට දැක ගැනීම සඳහා මෙවර දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර 16කට පසුව ය. මෙයට පෙර දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 2009 වසරේ දී ය. එයින් පෙර සාමාන්‍යයෙන් වසර 10කට පමණ වරක් දළදා ප්‍රදර්ශන පැවැත්වීමේ සම්ප්‍රදායයක් තිබුණි. නිතර දළදා ප්‍රදර්ශන නොපැවෙත්වෙන්නේ දළදා ප්‍රදර්ශන පැවැත්වීම සිතන තරම් පහසු කටයුත්තක් නොවන නිසා ය. මහනුවර දළදා මාලිගාවේ වැඩසිටින දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් දිනපතා පවත්වන පුද පූජාවලට අමතර ව වාර්ෂික ව පවත්වන පුද පූජා රාශියක් ද වෙයි. එම පුද පූජා හඳුන්වන්නේ සතර මංගල්‍යය ලෙස ය. එම සතර වන්නේ අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන සතරයි. මේ සතරෙන් ඇසළ පෙරහර මංගල්‍යය විශේෂ වෙයි. වාර්ෂික දළදා පෙරහර කෙරෙන අවස්ථාවල දී මෙන්ම දළදා වන්දනාවේ දී ද අනුගමනය කරන චිරාගත චාරිත්‍ර සමූහයක් වෙයි. සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ දිනපතා කරන පුද පූජාවලට අමතරව දළදා වන්දනාවක් පැවැත්වෙන අවස්ථාවල දී කෙරෙන පුද පූජා රාශියක් ද වෙයි. සිරිත් පරිදි දළදා මාලිගාවේ දිනපතා කරන පුද පූජා ආරම්භ වන්නේ අලුයම් දුරය ගැසීමෙනි. ඉන් අනතුරුව තේවාව භාර නායක මාහිමියන් වහන්සේ සමඟ වට්ටෝරුරාල පැමිණ ප්‍රධාන දොරටුව සහ අනෙකුත් දොරටු විවෘත කරනු ලැබේ. ඉන්පසු තේවාව කරන හිමිවරු ඉහළ මාලයට වඩිති. දළදා හිමියන්ට කරන පුද පූජා කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ එහි ජීවමාන ව වැඩවෙසෙන බව සලකා ගෙන ය. මේ අනුව උදෑසන ම මල් අසුන ශුද්ධ කොට ඒ මත විශේෂ ඇතිරිල්ලක් යොදා සිවුරු, දැහැටි සහ මුව දොවනට පැන් ආදිය ඒ මත තබා පූජා කරනු ලැබේ.

 

පංචස්කන්ධයේ මායාව

මසැස (මංස චක්ඛු) මස් ඇස සත්ත්වයන් සියල්ලන්ට ම ඇති ස්වභාවික ඇස - පියවි ඇසට නමෙකි. සාමාන්‍ය ස්වභාවික ඇසකට වඩා බුද්ධ ඇසෙහි විශේෂයක් ඇත. තුන් ලොවට දිව ඇසක් බඳු වූ ලෝකනාථයන් වහන්සේට මේ ඇසින් චතුරංග සමන්වාගත කළුවරක වුව ද යොදුනක් පමණ ඝන හෝ දුරින් ඇති දියමන්ති පර්වතයක් වුව ද විනිවිද ගොස් සියුම් රූප දක්නා පඤ්ච වර්ණයකින් බැබළෙන ඇසෙක් සේ විස්තර කර ඇත. දිවැස (දිබ්බ චක්ඛු) - මේ සක්වල ඇති 31 ලෝකය හා ආනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදින්නා වූ ද - හැසිරෙන්නා වූ ද - මිය යන්නා වූ ද - පින්පව් අනුව සැපදුක් අනුභව කරන්නා වූ ද, හීන - ප්‍රණීත ලොකු - කුඩා සියලු සත්ත්වයන් ඉතිරි නැති ව දක්නා ඇස මෙනම් වේ. දෙවියන්ට – ඍෂීන්ට ද මේ දිව්‍ය ඇස ඇත. එනමුත් බුද්ධ දිබ්බක්ඛුස එයට වඩා ලක්ෂ කෝටි වාරයකින් දියුණු වූවකි. පැණැස (සමන්ත චක්ඛු) අතීත,අනාගත, වර්තමාන යන තුන් කල්හි ම අයත් සියලු ලෞකික - ලෝකෝත්තර ධර්මයන් ආවරණ රහිත ව සියලු ආකාරයෙන් පිරිසිඳ විනිවිද දක්නා සර්වඥතා ඥාන (ඤාණ චක්ඛු) නමැති නුවණැස මෙනමින් හඳුන්වයි. බුදු ඇස (බුද්ධ චක්ඛු) දස සහශ්‍රී ලෝක ධාතුවෙහි ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් බහුල වූ ද, කෙලෙස් තුනී වූ ද, ශ්‍රද්ධා, ප්‍රඥ, වීර්යයාදී ඉන්ද්‍රිය ධර්මයන් තියුණුව ඇත්තා වූ ද, හීන ව ඇත්තා වූ ද සත්ත්වයන්ගේ හේතු සම්පත් විභාග කොට දක්නා ඇස. සමතැස (ධම්ම චක්ඛු) බුදුවරයන් වහන්සේට නොවැටහෙන කිසියම් ධර්මයක් විශ්වයේ නැත. ඉතිරි නැති ව සියලු ධර්මයන් සියලු ආකාරයෙන් අවබෝධ කිරීම් වශයෙන් නිර්මල ව දක්නා බුදු නුවණ නමැති ඇස.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 












 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]