රාජ්‍ය නායකත්වය හා බැඳුණු
අති පූජනීය දළදා වහන්සේ
මෙම ලිපියේ මුල්කොටස (අපේ‍්‍රල් 21) බක් අව අටවක පෝදා අන්තර්ජාල කලාපයේ පළවිය.
දෙවැනිවර සටනට ආ මානාභරණ රජු සමඟ පරාක්‍රමබාහු රජුට මාස ගණනක් තිස්සේ බලවත් සටනක
නිරත වීමට සිදු විය. අවසානයේ දී පරාජයට පත්ව පලා ගිය මානාභරණ රජු අල්ලා ගැනීමට
පැරකුම් රජු රුහුණට නොගියේ ද රුහුණූු ජනතාව මනාභරණ රජු පිළිගැනීම නිසා ය.
(ම:ව: 72: 330) මානාභරණ රජු මියගොස් ඔහුගේ මව රජකමට පත්වී කැරැල්ලක් ඇතිවන තුරුම
පරාක්‍රමබාහු රජු රුහුණට බලපෑම් නොකළේ ය. මෙයින් පැහැදිලි වන්නේ මානාභරණ රජු සටනින්
පැරදුණ ද රුහුණු ජනතාව අතර ඔහුගේ බලය ආරක්ෂා වී තිබුණු බවයි. දළදා වහන්සේ සතුව සිටි
මානාභරණ රජු මිය යන තෙක් ම රෝහණවාසීහු ඔහුට යටහත් ව විසූහ. ඊළඟට ඔහුගේ මරණයෙන් පසු
රුහුණේ පාලනය බාරගත් ඔහුගේ මව වූ සුගලා බිසවට ද ජනතාව පක්ෂපාතී වූහ. පැරකුම් රජුට
විරුද්ධ ව සටනකට ඉදිරිපත් වීමට තරම් ඇයට ජනතා සහයෝගයක් ලැබුණේ ය. බලවත් වූ ශ්‍රේෂ්ඨ
පුරුෂයකු රජරට පාලනය කරද්දී ස්ත්‍රියක් රජකමේ තබාගෙන නැඟී සිටීමට රුහුණු වැසියා
පෙළඹුණේ මානාභරණ රජුගෙන් පසු දළදා වහන්සේ සුගලා බිසවට අයත්වීම නිසා ඇය රාජ්‍යයේ
නියම උරුමකාරිය ලෙස ඔවුන් පිළිගත් නිසාය. සුගලා බිසව වටා ඒකරාශි වූ රුහුණුූ
නායකයන්ගේ සහයෝගය මත ඕ තොමෝ පැරකුම් රජුට විරුද්ධව සටනට ඉදිරිපත් වූවා ය. (ම.ව. 74:
20 - 35) පරාක්‍රමබාහු රජු සුගලා බිසව සමඟ සටනට ආවේ හුදෙක් රෝහණය අල්ලා ගැනීම සඳහා
පමණක් ම නොවේ. දළදා වහන්සේගේ අයිතිය ලබා ගැනීමට ද එම සටනේ එක් පරමාර්ථයක් වී යැයි
අනුමාන කිරීමට තුඩුදෙන සාධක මහාවංශයෙන් සොයා ගත හැකි ය.
රුහුණේ සටන් පිණිස නික්මුණූ පැරකුම්බා රජුගේ රක්ඛ නැමැති සෙන්පතියා සිය සේනාව දෙකට
බෙදා ඉන් එක් කොටසක් ලොග්ගල කඳවුරු බැඳ සිටි සුගලා බිසවගේ හමුදා කරා යැවීය. එම
සේනාව සතුරු හමුදාව ජයගෙන පැරකුම් රජුගේ අනිත් සේනාව සමඟ එකතු වී මැදගමට ගොස්
ලොග්ගලින් ඉතිරි වූවත් දළදා වහන්සේ රැගෙන යන්නට ඉඩ නොදෙමුයි නිශ්චය කොට සටන් කළ බව
එහි සඳහන් වේ. (ම:ව: 74 : 34) එයින් පැහැදිලි වන්නේ පැරකුම් රජු සටන් මෙහෙය වූයේ
දළදා වහන්සේ තමන් සතු කර ගැනීමේ අදහස ද සිත තබාගෙන ම බවයි. තමාට අයත් වූ උදුන් දොර
බලකොටුව පැරකුම් රජුගේ හමුදාව අතට පත් වූ කෙනෙහි සුගලා බිසව දළදා වහන්සේ රැගෙන
උරුවෙල් පෙදෙසට පලා ගියා ය. මේ අතර සුගලා බිසව යුද්ධයෙන් පැරදී පිටරටට පලා යාමට
අදහස් කරන බව දැනගත් පරාක්‍රමබාහු රජු ස්වකීය ඇමතියන්ට ලියා යැවූ හසුනෙන් පැහැදිලි
වන්නේ ඔහුගේ සටන් මෙහෙයවීමේ පරමාර්ථය අනෙකක් නොව දළදා වහන්සේ අත්පත් කර ගැනීම ම බව
ය.
මහාවංශය මෙසේ වාර්තා කරන එම සංදේශයේ සඳහන් පරිදි දළදා වහන්සේ ලබා ගැනීමට නොහැකි
වුවහොත් පැරකුම් රජුගේ කිසිදු සටනකින් පලක් නැති බව ඔහු ම ප්‍රකාශ කොට තිබේ. එයින්
පැහැදිලි වන්නේ දළදා වහන්සේ මුළු රටේ ම එක්සත්භාවයේ සංකේතයක් වශයෙන් පිළිගත් මතයක්
පොලොන්නරු සමය වන විට මෙරට පහළ වී තිබූ බවයි. පරාක්‍රමබාහු රජුගේ සෙනවියන් කෙසේ හෝ
ධාතුන් වහන්සේ තමන් සතු කරගත් නමුදු, ඒවා ආරක්ෂා කර ගැනීමට බලවත් පරිශ්‍රමයක්
දරන්නට ඔවුන්ට සිදු විය. ඊට හේතුව දළදා වහන්සේ ආපසු ලබා ගැනීමට රුහුණුූ වැසියෝ
නැවතත් සටන් පිණිස සැරසීම යි.
දළදා වහන්සේ තමන් සතුව තබා ගැනීමෙහි ලා ඔවුන් තුළ පැවැති අධිෂ්ඨාන ශක්තිය මෙයින්
මොනවට පැහැදිලි වෙයි. දළදා වහන්සේ පැරකුම්බා රජු අතට පත්කිරීම සිය ස්වාධීනත්වය නැති
කර ගැනීමක් යැයි රෝහණවාසීන් සිතන්නට ඇත. ධාතුන් වහන්සේ අත්පත්කරගත් පරාක්‍රමබාහු රජ
එය පොලොන්නරුවට රැගෙන ආවේ සතුරු උවදුරු මැද ආරක්ෂා සහගතව ය. සිය බලය තහවුරු කර
ගැනීමට පරාක්‍රමබාහු රජුට දළදා වහන්සේ කෙතරම් අවශ්‍යව තිබුණා ද යන්න දළදා වහන්සේ
ලැබුණු විට ඒ සඳහා ඔහු විසින් පවත්වන ලද පුද පූජා පෙරහර ආදියෙන් පැහැදිලි වේ.
මහාවංශයේ එන පැරකුම්බාවන්ගේ රාජ්‍ය පදප්‍රාප්තිය පිළිබඳ මේ විස්තරය අනුව ඔහු ලක්දිව
නියම රජු ලෙස සම්මත වීමට අත්‍යවශ්‍යම සාධකය ලෙස දළදා වහන්සේ පෙනී සිටි බව පැහැදිලි
කර ගත හැකි ය.
පරාක්‍රමබාහු රජුගෙන් පසු පැන නැඟී ආ අසහනකාරී දේශපාලන තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන්
කාලිංඝ මාඝ නැමැති කෲර ද්‍රවිඩ රජු ලංකාව යටත් කර ගත්තේ ය. ඔහුගේ විසිඑක් අවුරුදු
පාලන කාලය තුළ ජාතික හා ආගමික අංශයෙන් රට පරිහානියට පත් විය. මේ ද්‍රවිඩ මාඝ රජුගේ
කෲර හස්තයට පොලොන්නරුව යටවී පවතින අතරේ දී වාචිස්සර ආදී ස්වාමින් වහන්සේ දළදා
වහන්සේ හා පාත්‍රා ධාතුව රැගෙන මායා රටට පලාගොස් කොත්මලය නම් ප්‍රදේශයේ එක් කන්දක
ධාතූන් වහන්සේ නිදන් කර පඬි රටටත්, සොළී රටටත් පලා ගිය බව මහාවංශයේ දැක්වේ.
ද්‍රවිඩ මාඝ රජු පොලොන්නරුවේ රජකම් කරද්දී සිංහල රාජ කුමාරයා ද වෙනත් බොහෝ අධිපතියෝ
ද ගිරි දුර්ග, වන දුර්ග ආදියෙහි නගර ග්‍රාමයන් ඉදිකරවා යම් යම් ප්‍රදේශ පාලනය කළහ.
ශුභ නැමැති සෙන්පතියෙක් ශුභ (යාපහු) පර්වත මස්තකයේත්, බුවනෙකබා නම් අධිපතියෙක්
ගෝවින්ද පර්වතයේත්, සංඛ නම් සෙන්පතියෙක් ගංදෙණි පර්වතයේත්, විජයබා නම් ක්ෂත්‍රියෙක්
වන්නියේත්, රාජධානි කරවා ඒ ප්‍රදේශ පාලනය කළහ. මොවුන් අතරින් නැඟී සිටි විජයබාහු තම
තත්ත්වය තහවුරු කර ගැනීමෙහි ලා තැබූ ප්‍රථම පියවර නම් දළදා වහන්සේ කොහේදැයි
සෙවීමයි. ද්‍රවිඩ මාඝ රජුට බියේ දළදා වහන්සේ සඟවා ඉන්දියාවට පලා ගිය භික්ෂූන්
වහන්සේ වහාම ආපසු වැඩම කරවා ගෙන උන්වහන්සේගෙන් දළදා වහන්සේ සඟවා තිබෙන තැන අසා එහි
ගොස් මහත් පුද පූජා පවත්වා එය දඹදෙණියට වැඩමවා ගෙන ආ බව මහාවංශය ප්‍රකාශ කරයි.
සත්‍ය ලෙසම ඔහු දළදා වහන්සේ මඟින් බලාපොරොත්තු වූයේ භික්ෂූන් වහන්සේගේ සහායත් මහජන
පක්ෂපාතීත්වයත් ලබාගෙන අනෙකුත් ප්‍රාදේශීය පාලකයන් අබිබවා නැඟී සිටීමයි.
දඹදෙණියේ දළදා මාලිගයක් කරවා දළදා වහන්සේ එහි වැඩ හිඳුවා ඒ සඳහා මුරකාවල් පවා යෙදවූ
විජයබා රජු දිනපතා දළදා පූජාව පැවැත්විය. එමඟින් ඔහුට ලැබුණු ජනතා සහයෝගය නිසාම
ඔහුගේ රාජ පරම්පරාවට දඹදෙණි යුගයේ දී බලවත්ව නැඟී සිටීමට ද අවකාශ සැලසිණි.
“මෙතැන් සිට දඹදෙණියේ රජකළ ධ්ධ් පැරකුම් රජු, සිව්වැනි විජයබා රජ සමයන්හි ද, එම
දඹදෙණි රජ පරපුරට ම සිව්වැනි විජයබා රජ සමයන්හි ද, එම දඹදෙණි රජ පරපුරට ම සම්බන්ධ 1
වැනි බුවනෙකබා රජු (යාපහුව) ධ්ධ්ධ් වැනි පැරකුම් රජු, ධ්ඍ පැරකුම් රජු (කුරුණෑගල)
ආදී රජවරුන්ගේ රාජ්‍ය සමයන්හිදී ද, දළදා වහන්සේ පවරාදීම සිරිතක් විය. දඹදෙණි
විජයබාහු රජතුමා සිය පුතු වූ ධ්ධ් පැරකුම් කුමරුට රාජ්‍යය පවරා දෙන විට ම දළදා
වහන්සේ ද පවරා දුන්නේ ය. ( ම.ව. 888:77) ධ්ධ් වන පරාක්‍රමබාහු රජු ධ්ඍ වන විජයබා
කුමරාට රාජ්‍යය පවරා දුන්නේද දළදා වහන්සේත් සමගින් ම ය. (ම.ව. 87 - 74) මෙයින්
පැහැදිලි වන්නේ රජකම ලැබීමට නම් දළදා වහන්සේ තිබිය යුතුම ය යන අදහසයි.
ධ් වන බුවනෙකබාහු රජු පසුව රජ වූ ධ්ධ්ධ් පැරකුම් පාණ්ඩ්‍යයන්ගෙන් දළදා වහන්සේ ලබා
ගන්නේ රාජ්‍ය උරුමය ලබන පරිද්දෙනි. රජරට සිංහල බලය හීන ව තිබියදීත්, ඒ අතරතුර උතුරේ
ද්‍රවිඩ රාජ්‍යයක් නැගෙමින් පවතිද්දීත් දුර්වල යුද්ධ ශක්තියක් තිබූ ධ්ධ්ධ් වන
පැරකුම් රජු ට පොලොන්නරුවේ රජවන්නට හැකියාව උදාවන්නේ ඔහුට දළදා වහන්සේ ලැබුණු නිසාම
ය. ධ් වන බුවනෙකබාහු රජුගෙන් පසු ධ්ධ්ධ් වන පැරකුම් රජු කුරුණෑගල දී රජ වුවත්, ඔහුට
දළදා වහන්සේ ලැබෙන තුරු කාලය අරාජික කාලයක් ලෙස දළදා සිරිත වැනි මූලාශ්‍රවල දක්නට
ලැබීමෙන් පැහැදිලි වන්නේ දළදා වහන්සේ නොමැති ව නියම රජකම නොදරන බව, සමාජය විසින්
පිළිගත් බවයි. දළදා වහන්සේගේ දේශපාලනය අගය කෙබඳු දැයි මෙම සිද්ධි මඟින් වටහාගත හැකි
ය. ධ්ධ්ධ් වන පැරකුම් රජුට පසු දළදා වහන්සේ පිළිබඳ ව මහාවංශයේ එන තොරතුරු රජවරු
තිදෙනෙක් හා සම්බන්ධ වෙයි.
එනම් ධ්ඍ වන පැරකුම් රජු ධ්ඍ වන බුවනෙකබාහු රජු හා ඍධ් වන පැරකුම් රජු යන රජවරුන්ය.
මෙම රජවරුන්ගේ රාජ්‍ය සමයන් සම්බන්ධ කර දළදා වහන්සේ පිළිබඳ ව දැක්වෙන තොරතුරුවලින්
දළදා වහන්සේ දේශපාලනමය අගය විදහාලන බවක් නොපෙනේ. මහාවංසගත තොරතුරු ඇසුරින් කරන ලද
මෙම විග්‍රහයෙන් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය ඉතිහාසය තුළ රාජ්‍යයේ උරුමය
දළදා වහන්සේ මතම රැඳී තිබුණු බව ය.
හේමමාලා රන්දුනු |