[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පංචස්කන්ධයේ මායාව

මසැස (මංස චක්ඛු) මස් ඇස සත්ත්වයන් සියල්ලන්ට ම ඇති ස්වභාවික ඇස - පියවි ඇසට නමෙකි. සාමාන්‍ය ස්වභාවික ඇසකට වඩා බුද්ධ ඇසෙහි විශේෂයක් ඇත. තුන් ලොවට දිව ඇසක් බඳු වූ ලෝකනාථයන් වහන්සේට මේ ඇසින් චතුරංග සමන්වාගත කළුවරක වුව ද යොදුනක් පමණ ඝන හෝ දුරින් ඇති දියමන්ති පර්වතයක් වුව ද විනිවිද ගොස් සියුම් රූප දක්නා පඤ්ච වර්ණයකින් බැබළෙන ඇසෙක් සේ විස්තර කර ඇත. දිවැස (දිබ්බ චක්ඛු) - මේ සක්වල ඇති 31 ලෝකය හා ආනන්ත අප්‍රමාණ සක්වලයන්හි උපදින්නා වූ ද - හැසිරෙන්නා වූ ද - මිය යන්නා වූ ද - පින්පව් අනුව සැපදුක් අනුභව කරන්නා වූ ද, හීන - ප්‍රණීත ලොකු - කුඩා සියලු සත්ත්වයන් ඉතිරි නැති ව දක්නා ඇස මෙනම් වේ. දෙවියන්ට – ඍෂීන්ට ද මේ දිව්‍ය ඇස ඇත. එනමුත් බුද්ධ දිබ්බක්ඛුස එයට වඩා ලක්ෂ කෝටි වාරයකින් දියුණු වූවකි. පැණැස (සමන්ත චක්ඛු) අතීත,අනාගත, වර්තමාන යන තුන් කල්හි ම අයත් සියලු ලෞකික - ලෝකෝත්තර ධර්මයන් ආවරණ රහිත ව සියලු ආකාරයෙන් පිරිසිඳ විනිවිද දක්නා සර්වඥතා ඥාන (ඤාණ චක්ඛු) නමැති නුවණැස මෙනමින් හඳුන්වයි. බුදු ඇස (බුද්ධ චක්ඛු) දස සහශ්‍රී ලෝක ධාතුවෙහි ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් බහුල වූ ද, කෙලෙස් තුනී වූ ද, ශ්‍රද්ධා, ප්‍රඥ, වීර්යයාදී ඉන්ද්‍රිය ධර්මයන් තියුණුව ඇත්තා වූ ද, හීන ව ඇත්තා වූ ද සත්ත්වයන්ගේ හේතු සම්පත් විභාග කොට දක්නා ඇස. සමතැස (ධම්ම චක්ඛු) බුදුවරයන් වහන්සේට නොවැටහෙන කිසියම් ධර්මයක් විශ්වයේ නැත. ඉතිරි නැති ව සියලු ධර්මයන් සියලු ආකාරයෙන් අවබෝධ කිරීම් වශයෙන් නිර්මල ව දක්නා බුදු නුවණ නමැති ඇස.


බක් අමාවක

 අප්‍රේල් 27 ඉරිදා පූ.භා 04.51 අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.02න් ගෙවේ.
 27 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]