කොහුවල ධාතුමළු විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

ඇසළ අව අටවක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 09.24 අව අටවක ලබා 28 ඉරිදා
අ.භා. 07.32 ගෙවේ.
28 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

 

උපායෙන් රැස් කරන පාපයක ආදීනව

නූතන සමාජයේ අපට දක්නට ලැබෙන එක් පැතිකඩක් පිළිබඳ ලොව්තුරු තථාගතයන් වහන්සේ තාලපුට නම් රංගන ශිල්පියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක් පැහැදිලි කර දීමටයි සූදානම් වන්නේ. මේ නළු නිළියන් පිළිබඳවත්, එහි විපාකය පිළිබඳවත් අපූරුවට පහදා දුන් බුද්ධ දේශනාවක්.මේ පිළිබඳ පුන පුනා බුදුරජාණන් වහන්සේගෙන් තාලපුට නාට්‍ය ශිල්පියා ප්‍රශ්න කළත් එය අනවශ්‍ය බව බුදුහිමියන් පවසද්දීත් නැවත නැවත ඇසු හෙයින් ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මනරම් අයුරින් මේ සූත්‍රය තුළින් පහදා දී ඇත. මේ උතුම් බුද්ධ වචනය නිවැරැදිව අවබෝධ කර ගෙන ප්‍රායෝගික ජීවිතයේ වැඩපිළිවෙළ සකස් කර ගැනීමට මේ දහම් කරුණු චරිතායනය කර ගැනීමට කටයුතු කිරීමට අපි වග බලා ගනිමු. එය දෙලොව ජීවිතයේ සුඛ විහරණය සඳහා මහෝපකාරී වනු ඇත.එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො තාලපුටො නටගාමණි යෙන භගවා තෙනුපසංකමි; උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච - “සුතං මෙතං, භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං - ‘යො සො නටො රංගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරං මරණා පහාසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජතී’ති. ඉධ භගවා කිමාහා”තිඑක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩ සිටි සේක. එදා තාලපුට නම් (වේදිකාවල නෘත්‍ය දක්වන) නටගාමිණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු තාලපුට නටගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ පැවසුවා.

විපුල පල ලබන්නට නිවැරැදි ව බෝධි පූජාව තබන්න

අපගේ රටේ ඉතාම ප්‍රචලිත බුද්ධ වන්දනා ක්‍රමයක් තමා බෝධිපූජා පින්කම කියන්නේ. නමුත් එම පූජාවේ නිවැරැදි අර්ථය නො දැනයි බොහෝ දෙනා බෝධි පූජාව කරන්නට පෙළඹී සිටින්නේ. එනිසා දන්න අයගේ වැඩිදුර දැනුවත්වීම පිණිසත්, නො දන්නා අයගේ දැනුවත්වීම පිණිසත් නිවැරැදිව බෝධි පූජාවක් කරන්නේ කොහොමද කියා මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. අට්ඨකතා විස්තරවල දී බෝධිය හඳුන්වා දී ඇත්තේ සතරමඟ සතරඵල ඤාණයන්ට යි. ඒ කියන්නෙ මාර්ගඵල අවබෝධයට යි. අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේරංජනා නදිය අසබඩ වජිරාසනය මත වැඩ සිට ඇසතු රුක්ෂය සෙවණේ දී උතුම් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. එනිසා ම ඒ සම්බෝධියට ප්‍රාප්ත වූ ස්ථානයේ සෙවණ සැලසූ වෘක්ෂ රාජයාණන් වහන්සේ බෝධීන් වහන්සේ කියා ව්‍යවහාර වෙන්න පටන් ගත්තා. බෝධි වන්දනාව අලුතින් හඳුන්වා දුන් ක්‍රමයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ම සිදු වූ දෙයක්. උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ ඈත දනව්වල සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට මාස ගණන්, දුර ගෙවාගෙන දුක් පීඩා මැද ජේතවනාරාම විහාරයට එනවා. එසේ එන විට භාග්‍යවතුන් වහන්සේ ධර්ම ප්‍රචාරයට ගම් දනව් කරා වැඩම කිරිම හේතුවෙන් විහාරයේ නැහැ. බලාපොරොත්තු සහිත ව බුදුගුණ සිතමින් එන සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට නොහැකි වීම නිසා තැවුලට පත්වෙනවා. වැළපෙනවා. හඬා වැටෙනවා. මේ බව දුටු ආනන්ද තෙරුන් දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට පවසා සිටියා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සැදැහැවතුන් බොහෝ බලාපොරොත්තු තබා ගෙන භාග්‍යවතුන් වහන්සේ බැහ දකින්නට වෙහෙරට එනවා. ස්වාමීනි, සමහර දිනවල ඔබ වහන්සේ විහාරයේ වැඩ නො සිටින වේලාවට සැදැහවතුන් බොහෝ කනගාටුවට පත් වෙනවායි වදාළා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාරන අවස්ථාවේ දී සෙවණ සැලසූ, මහා බෝසතාණන් වහන්සේ ඉපදෙන දිනයේ ම මහා පොළොවෙන් පැන නැඟුණු ඒ පෘථිවියේ නාබී මණ්ඩලයේ පිහිටි ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේගේ ඵලයක් ගෙනැවිත් ඒ ඵලය ජේතවනාරාමයේ රෝපණය කරන්න කියලයි.

කුසගිනි නොතැකූ සිතක උදානය මහ පින් පල දුන් ඇල්වී දානය

අපේ රටේ ශ්‍රද්ධාවන්ත ම රජතුමා තමයි සද්ධාතිස්ස රජතුමා. මෙතුමා පාලනය ගෙන ගියේ රුහුණු රට වාසභුමිය කර ගෙන. තම ජීවිතයෙන් වැඩි කාලයක් ම ජීවත් වුණේ දිගාමඩුල්ල දනව්වේ දීඝවාපිය ගමේ. මේ ගමට සමීපයේ තිබුණා සෝකධූමික කියලා ගමක්. මෙහි ජීවත් වුණා දුප්පත් අඹු-සැමි දෙදෙනෙක්. තරුණයා ප්‍රසිද්ධ වුණේ කම්බුද්ධ කියලා. මේ කතාවට අනුව නම් බිරිඳගේ නමක් සඳහන් වෙන්නේ නෑ. මේ දෙන්නාගේ දුප්පත්කම දැක්ක පින්වන්ත මනුෂ්‍යයෙක් ඇල්හාල් නැළි භාගයක් දීලා කියනවා ‘කම්බුද්ධ, ඔබ මේ ඇල්හාල්වලින් ජීවිතය ජය ගන්න’ කියලා. කම්බුද්ධ තරුණයත් කැලෑවක් කපලා කුඹුරක් සකස් කර ගත්තා. ඇල්හාල් නැළි භාගය ම වැපුරුවා. කුරුල්ලන්ගෙන්, අලින්ගෙන්, ඌරන්ගෙන් ආදි වන සතුන්ගෙන් දුක්විඳ බෝගය ආරක්ෂා කර ගත්තා. කොහොම හරි ගෙට ගේන්න පුළුවන් වුණේ ඇල්හාල් නැළියක් පමණයි. ඒවා බිත්තර වී විදිහට තියා ගත්තා, අනෙක් කන්නට වපුරන්න. දෙවැනි අවුරුද්දේ ඇල්හාල් නැළියම වපුරලා ඇල්හාල් නැලි දෙකක් ගත්තා. තුන්වැනි අවුරුද්දේ ඇල්හාල් නැළි දෙක ම වපුරලා නැළි හතරක් ගත්තා. දැන් මේ දෙදෙනාට හරිම සතුටුයි. හතරවැනි කන්නෙන් විශාල වී ප්‍රමාණයක් ගෙට ගන්න පුළුවන් කියලා දැන ගත්තා. කම්බුද්ධ දවසක් උදෙන් ම අවධිවෙලා බිරිඳට කිව්වා ‘මා බිරිද, මම කුඹුරට යනවා, මේ කන්න හොඳට කර ගන්න ඕන. මේ පාර ගොඩ ගියොත් ජීවිත කාලය ම ගොඩ යන්න පුළුවන්. ඊළග කන්නට ඇල්හාල් බත් කන්න පුළුවන්. අපි දෙන්නා කන්න තුනක් ම ඇල්හාල් දිහා බල බලා වන පලතුරුත්, අලවර්ගත් කෑවා. අපේ වී වලින් ම බතක් හදාගෙන කනකම් මට නම් ඉවසුමක් නෑ. ඇල්හාල් නැළි හතර ම මම දොර මුල්ලේ කළුවරේ තිබ්බා. ඔයා දහවල් වෙලා වී ටිකත් අරගෙන කැඳ ටිකකුත් හදාගෙන අරගෙන එන්න‘යි කියලා සැමියා කුඹුරට ගියා. බිරිඳත් දහවල් වෙලා බිත්තර වීත්, කැඳත් අරගෙන කුඹුරට යන්න පිටත් වුණා. ගමේ කිසිම තැනකින් පිණ්ඩපාතය නො ලැබුණු ශාන්ත ගමනින් වැඩම කරන තෙරුන් වහන්සේ හතර නමක් දැක්කා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]