[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

විපුල පල ලබන්නට නිවැරැදි ව බෝධි පූජාව තබන්න

අපගේ රටේ ඉතාම ප්‍රචලිත බුද්ධ වන්දනා ක්‍රමයක් තමා බෝධිපූජා පින්කම කියන්නේ. නමුත් එම පූජාවේ නිවැරැදි අර්ථය නො දැනයි බොහෝ දෙනා බෝධි පූජාව කරන්නට පෙළඹී සිටින්නේ. එනිසා දන්න අයගේ වැඩිදුර දැනුවත්වීම පිණිසත්, නො දන්නා අයගේ දැනුවත්වීම පිණිසත් නිවැරැදිව බෝධි පූජාවක් කරන්නේ කොහොමද කියා මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. අට්ඨකතා විස්තරවල දී බෝධිය හඳුන්වා දී ඇත්තේ සතරමඟ සතරඵල ඤාණයන්ට යි. ඒ කියන්නෙ මාර්ගඵල අවබෝධයට යි. අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේරංජනා නදිය අසබඩ වජිරාසනය මත වැඩ සිට ඇසතු රුක්ෂය සෙවණේ දී උතුම් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. එනිසා ම ඒ සම්බෝධියට ප්‍රාප්ත වූ ස්ථානයේ සෙවණ සැලසූ වෘක්ෂ රාජයාණන් වහන්සේ බෝධීන් වහන්සේ කියා ව්‍යවහාර වෙන්න පටන් ගත්තා. බෝධි වන්දනාව අලුතින් හඳුන්වා දුන් ක්‍රමයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ම සිදු වූ දෙයක්. උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ ඈත දනව්වල සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට මාස ගණන්, දුර ගෙවාගෙන දුක් පීඩා මැද ජේතවනාරාම විහාරයට එනවා. එසේ එන විට භාග්‍යවතුන් වහන්සේ ධර්ම ප්‍රචාරයට ගම් දනව් කරා වැඩම කිරිම හේතුවෙන් විහාරයේ නැහැ. බලාපොරොත්තු සහිත ව බුදුගුණ සිතමින් එන සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට නොහැකි වීම නිසා තැවුලට පත්වෙනවා. වැළපෙනවා. හඬා වැටෙනවා. මේ බව දුටු ආනන්ද තෙරුන් දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට පවසා සිටියා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සැදැහැවතුන් බොහෝ බලාපොරොත්තු තබා ගෙන භාග්‍යවතුන් වහන්සේ බැහ දකින්නට වෙහෙරට එනවා. ස්වාමීනි, සමහර දිනවල ඔබ වහන්සේ විහාරයේ වැඩ නො සිටින වේලාවට සැදැහවතුන් බොහෝ කනගාටුවට පත් වෙනවායි වදාළා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාරන අවස්ථාවේ දී සෙවණ සැලසූ, මහා බෝසතාණන් වහන්සේ ඉපදෙන දිනයේ ම මහා පොළොවෙන් පැන නැඟුණු ඒ පෘථිවියේ නාබී මණ්ඩලයේ පිහිටි ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේගේ ඵලයක් ගෙනැවිත් ඒ ඵලය ජේතවනාරාමයේ රෝපණය කරන්න කියලයි.


ඇසළ අව අටවක

ජූලි 20 සෙනසුරාදා අ.භා. 09.24 අව අටවක ලබා 28 ඉරිදා
අ.භා. 07.32 ගෙවේ.
28 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]