[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

ප්‍රාර්ථනා සපුරන මහා පින්කම

සියල්ල සිතින් උපදී. සිත තුළ යහපත ඇති විට එළියට එන්නේ යහපත යි. සිත තුළ කුණු වෙයි නම් එළියට එන්නේ කුණු යි. මෙය බටහිර ජී න්‍යාය ලෙස හඳුන්වයි. මේ සිත තුළ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ආදි දේ මෙන් ම දුක, කනගාටුව, වෛරය, මානය, ඊර්ෂ්‍යාව, අන් අයට හිරිහැර කිරීම, අන් අයගේ දේවල් අයිති කර ගැනීම ආදී දේත් තිබෙයි. පින් කරන විට අවශ්‍ය දේ තබා ගනියි. අනවශ්‍ය දේ බැහැර කරයි. සිංහල බෞද්ධ සමාජය තුළ චීවර මාසය යැයි මාසයක් වෙයි. චීවර මාසය යනු කඨින චීවර පූජා කරන කාලවකවානුව යි. එම මාසය තුළ බෞද්ධයෝ තම විහාරස්ථානය තුළ මෙන් ම අවට විහාරස්ථානවල සිදු කරන කඨින මහා චීවර පින්කම්වලට සහභාගි වෙති. චීවර මාසය අවසන් වෙත්ම බොහෝ පිරිස් පින් රැස් කර ගනිති. කඨිනයට පෙර සිවුර මහණ වස්ත්‍රය නිවෙස්වලට ගෙන ගොස් වන්දනාමාන කිරීමක් සිදු කරති. මෙම මාසයේ මහා ප්‍රබෝධයකින් යුතුව බෞද්ධයා පින්කම් කරයි. සෑම විහාරස්ථානයක් ම මහ පිරිසකින් පිරී ඉතිරි යයි. ඒ හා සමානව ම මෙම පින්කම් අනර්ථ වූ පින්කම් කියන්නෝ ද බොහෝ වෙති. “ මොකටද මේ චීවරයකට වන්දනා මාන කරන්නේ. මල් පහන් හඳුන්කූරු පුදන්නේ,ආහාර ගිලන්පස පුදන්නේ, මෙය මිථ්‍යාවක්. මිථ්‍යාවට එරෙහිව සම්‍යක් දෘෂ්ටිය දේශනා කළ බුදුන්ගේ දර්ශනය තුළ මිථ්‍යාවට ඉඩක් නැත.” ආදි ලෙස ඔවුහු කියති. දියුණුවේ පදනම... සත්‍ය වශයෙන් ම කඨිනය මහා පින්කමක් ද සොයා බැලීම අපගේ ප්‍රයත්නය වෙයි. පළමුව අප පින යනු කුමක් දැයි සොයා බලමු. අටුවාචාරීන් වහන්සේ පින විග්‍රහ කරනුයේ “ චිත්තං පුණාතී ති පුඤ්ඤං” යනුවෙනි. පුණාති යනු පොළනවා යන්නයි. පොළද්දී සිදුවන දෙයක් වෙයි. අවශ්‍ය දේ කුල්ල තුළ රැදෙයි. අනවශ්‍ය දේ බැහැර වෙයි. වී පොළද්දි හොඳ වී ටික ඉතිරි වෙයි. බොල් හා කාටු බැහැර වෙයි. සිත තුළ ද අවශ්‍ය, අනවශ්‍ය දේ වෙයි. ලෝභ, ද්වේශ, මෝහ අනවශ්‍ය දේ වෙයි. අලෝභ, අද්වේශ, අමෝහ අවශ්‍ය දේ වෙයි.

 

කාටත් පොදු වූ ලෝක ධර්මතා

කර්මය ස්වකීය කොට ගැනීම, උපත් කොට ගැනීම, ඥාති කොට ගැනීම, දායාද කොට ගැනීම, පිළිසරණ කොට ගැනීම, සෑම සත්වයකුට ම පොදුවේ සිදුවන ධර්මතාවකි. මේ ලෝකයේ බොහෝ දේ සෑම කෙනකුට පොදුවේ එක සමාන අයුරින් බල නො පානු ඇත. උගත් - නූගත්, දුප්පත් - පොහොසත්, කුලවත් - කුලීන, ධනවත් - දුප්පත් අආදී සෑම අංශයක ම ජීවත් වන්නවුන්ට එක සමාන අයුරින් බලපාන්නා වූ ධර්මතා පහක් අඞනිඞ පංචක නිපාතයේ දෙවන පණ්ණාසයට අයත් ඨාන සූත්‍රය තුළින් බුදුරදුන් පෙන්වා දී ඇත. එම ධර්මතා අද යුගයට වුව ද ඉතා වැදගත් වන අතර, ඒවා පිළිබඳ නො සිතීම තුළින් අද සමාජය තුළ විවිධ ප්‍රශ්න ගැටලු පැන නැඟීමට හේතුවක් වී ඇත. එම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජීවිතය පිළිබඳ මොහොතක් පාසා සිතිය යුතු ආකාරයත්, එය භාවනාවක් කොට ජීවත් වන ආකාරයත් පිළිබඳව යි. මහණෙනි, මෙම කරුණු පස ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය. කවර කරුණු පසෙක් ද යත්. මෙහිදී බුදුහිමි සමාජයේ ජීවත්වන සියලුම දෙනා හසුවන සේ එම ප්‍රකාශය කොට ඇත. ස්ත්‍රීන්, පුරුෂයින්, ගිහියන්, පැවිද්දන් යන සමාජයේ ඇති ප්‍රධාන කොටස් දෙක වන ගිහි පැවිදි දෙපක්ෂය ම කැටිකොට සෑම සත්වයකුට ම පොදු වූ ධර්මතා හා එම ධර්මතා තුළින් පැන යෑමට නොහැකි ආකාරය මනාව දේශනා කොට ඇත. එම කරුණු එකින් එක ගෙන හැර දැක්වීමේ දී ඒ බව මනාව පැහැදිලි වනු ඇත. ජරාධම්මෝම්හි ජරං අනතීතෝති මම දිරන ස්වභාවය ඇත්තේ වෙමි. ජරාව නොඉක්ම වූයේ වෙමි. ව්‍යාධිධම්මෝම්හි ව්‍යාධිං අනතීතෝති මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි.

 

දැනුම විනය සදාචාරය සපිරි තෝතැන්න දහම් පාසලයි

තමන් වපුරන දෙයට අනුකූල ව අස්වැන්න ලැබෙන්නාක් මෙන් යහපත් කටයුතු උදෙසා යහපත් ප්‍රතිඵල ද, අයහපත් කටයුතු සඳහා අයහපත් ප්‍රතිඵල ද ලැබේ. එ නිසා යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතු ය. දහම් අධ්‍යාපනය තුළින් පුද්ගල දිවියට ලැබෙනුයේ මහත් ආශිර්වාදයකි. එය දැනුම, විනය, සංස්කෘතිය, සදාචාරය සපිරි තෝතැන්නකි. දහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරැදි මාර්ගය නොහොත් පිළිවෙත මනාව අධ්‍යයනය කිරීම යි. දහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නො මඟ ගිය පිරිස් සුමගට ගැනීම සඳහා ය. මානව වර්ගයා ක්‍රමයෙන් වැඩිවියට පත්වීමත් සමඟ ආගන්තුකව එන ක්ලේශ ධර්මයන් නිසා වෙනසට බඳුන් වේ. ඕනෑම පුද්ගලයෙක් රාග, දෝෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි හා විතක්ක යන චරිත හයෙන් එකකට හෝ කීපයකට හසු වේ. දහම් අධ්‍යාපනය පුළුල් වශයෙන් දියත් කිරීම උදෙසා දහම් පාසල් ක්‍රමය ආරම්භ විය. ඒ සඳහා පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු මස 03 වන දින, ගාල්ල වැලිවත්තේ විජයානන්දාරාමයේ දී, අමෙරිකන් ජාතික ඕල්කට්තුමා හා රුසියන් ජාතික බ්ලැවැස්ට්කි යන දෙපළගේ ප්‍රධානත්වයෙනි. දහම් පාසල් ආරම්භයත් සමඟම මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ විපර්යාසයක් සිදුවුව ද වර්තමානයේ එය තරමක් දුරට වෙනස්වී ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු අධ්‍යයනය කිරීම මෙන් ම ඒවා ජීවිතයට ළඟා කර ගනිමින් යහපත්, දැහැමි ජීවිතයක් ගත කිරීමට දරුවා හුරුකිරීම ද දහම් අධ්‍යාපනය තුළින් සිදු වේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]