[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ප්‍රාර්ථනා සපුරන මහා පින්කම

සියල්ල සිතින් උපදී. සිත තුළ යහපත ඇති විට එළියට එන්නේ යහපත යි. සිත තුළ කුණු වෙයි නම් එළියට එන්නේ කුණු යි. මෙය බටහිර ජී න්‍යාය ලෙස හඳුන්වයි. මේ සිත තුළ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය ආදි දේ මෙන් ම දුක, කනගාටුව, වෛරය, මානය, ඊර්ෂ්‍යාව, අන් අයට හිරිහැර කිරීම, අන් අයගේ දේවල් අයිති කර ගැනීම ආදී දේත් තිබෙයි. පින් කරන විට අවශ්‍ය දේ තබා ගනියි. අනවශ්‍ය දේ බැහැර කරයි. සිංහල බෞද්ධ සමාජය තුළ චීවර මාසය යැයි මාසයක් වෙයි. චීවර මාසය යනු කඨින චීවර පූජා කරන කාලවකවානුව යි. එම මාසය තුළ බෞද්ධයෝ තම විහාරස්ථානය තුළ මෙන් ම අවට විහාරස්ථානවල සිදු කරන කඨින මහා චීවර පින්කම්වලට සහභාගි වෙති. චීවර මාසය අවසන් වෙත්ම බොහෝ පිරිස් පින් රැස් කර ගනිති. කඨිනයට පෙර සිවුර මහණ වස්ත්‍රය නිවෙස්වලට ගෙන ගොස් වන්දනාමාන කිරීමක් සිදු කරති. මෙම මාසයේ මහා ප්‍රබෝධයකින් යුතුව බෞද්ධයා පින්කම් කරයි. සෑම විහාරස්ථානයක් ම මහ පිරිසකින් පිරී ඉතිරි යයි. ඒ හා සමානව ම මෙම පින්කම් අනර්ථ වූ පින්කම් කියන්නෝ ද බොහෝ වෙති. “ මොකටද මේ චීවරයකට වන්දනා මාන කරන්නේ. මල් පහන් හඳුන්කූරු පුදන්නේ,ආහාර ගිලන්පස පුදන්නේ, මෙය මිථ්‍යාවක්. මිථ්‍යාවට එරෙහිව සම්‍යක් දෘෂ්ටිය දේශනා කළ බුදුන්ගේ දර්ශනය තුළ මිථ්‍යාවට ඉඩක් නැත.” ආදි ලෙස ඔවුහු කියති. දියුණුවේ පදනම... සත්‍ය වශයෙන් ම කඨිනය මහා පින්කමක් ද සොයා බැලීම අපගේ ප්‍රයත්නය වෙයි. පළමුව අප පින යනු කුමක් දැයි සොයා බලමු. අටුවාචාරීන් වහන්සේ පින විග්‍රහ කරනුයේ “ චිත්තං පුණාතී ති පුඤ්ඤං” යනුවෙනි. පුණාති යනු පොළනවා යන්නයි. පොළද්දී සිදුවන දෙයක් වෙයි. අවශ්‍ය දේ කුල්ල තුළ රැදෙයි. අනවශ්‍ය දේ බැහැර වෙයි. වී පොළද්දි හොඳ වී ටික ඉතිරි වෙයි. බොල් හා කාටු බැහැර වෙයි. සිත තුළ ද අවශ්‍ය, අනවශ්‍ය දේ වෙයි. ලෝභ, ද්වේශ, මෝහ අනවශ්‍ය දේ වෙයි. අලෝභ, අද්වේශ, අමෝහ අවශ්‍ය දේ වෙයි. පින්කම් කිරීම පෙළීමක් නම් ඒ තුළින් සිත තුළ ඇති ලෝභ, ද්වේශ, මෝහ බැහැර වෙයි. අලෝභ, අද්වේශ, අමෝහ සිත තුළ ඉතිරි වෙයි.


ඉල් අව අටවක

දෙසැම්බර් 04 සඳුදා අ.භා.
10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ.
05 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]