ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අව අටවක පෝදා 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ කලාපයේ මූලික සහ මහ පිරිවෙන්වල ඉගෙනුම ලබන පළමු ශ්‍රේණියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ හා සිසු දරුවන්ගේ හසුරු කුසලතා සහ සාමණේර පුහුණු එක් දින වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධ ව ඉකුත් දා (28) දවස පුරා දොඩන්දුව කුමාරකන්ද පුරාණ මහා විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්විණ.
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ආකල්ප ඇතුළු සියලු කුසලතා වර්ධනය කිරීම මෙහිදී සිදු වූ අතර පිණ්ඩපාත චාරිකාව, සක්මන් මළුව, සිවුරු මැසීම, සාමණේර විනය, ආකල්ප වර්ධන වැඩසටහන් ඇතුළු සියලු ඉගැන්වීම් ක්‍රියාකාරකම් ඇසුරෙන් සිදු කිරීම විශේෂත්වයක් වූ අතර මේ සඳහා සාමණේර හිමිවරුන් 200 කට ආසන්න සංඛ්‍යාවක් වැඩ සිටියහ.
ගාල්ල දිස්ත්‍රික් සංචාරක - ධර්මදාස සිරිවර්ධන
දෙසැම්බර් 04 සඳුදා අ.භා. 10.02 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.38 න් ගෙවේ. 05 අඟහරුවාදා සිල්
අව අටවක
දෙසැම්බර් 05
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]