UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හෝමාගම පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නව ගොඩනැඟිලි සංකීර්ණය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් විවෘත කැරිණි. එහිදී සමරුඵලකය ජනාධිපතිතුමා අතින් විවෘත කැරුණු අවස්ථාව. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියෝ ද මැති ඇමැතිවරුද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් මලවීර


රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර අවසාන දිනයේ කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට ඇසළ පෙරහර බුදුපෙරහර පෙරටු කරගෙන පැමිණ ආගමික වතාවත් සිදුකිරීම පෞරාණික චාරිත්‍ර ඉටුකිරීමකි. මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීම විශේෂ සිද්ධියකි.එම අවස්ථාවේ දී ජනාධිපතිතුමන් ගේ සුරතෙහි පිරිත් නූලක් බැඳ ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් ආශීර්වාද කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. - ඊ.එච්.සෝමපාල කතරගම විශේෂ

ඇසළ පෙරහර නැරඹී‍ම‍‍ට ලක්ෂ තිහකට අධික ජනතාවක් මහනුවර‍ට පැමිණේවි - ශ්‍රී දළදා මාලිගාවේ
දියවඩන නිලමේ

ශ්‍රී දළදා සමිඳු උදෙසා වාර්ෂිකව පවත්වන සතර මංගල්‍යයන් අතරෙන් ප්‍රධානතම හා දෙස් විදෙස් ජනතාවගේ වැඩි අවධානයට පත්වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයි. එ පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කිරීමේ භාරදූර වගකීම පැවරෙන්නේ දළදා සමිඳුන්ගේ ගිහිභාරකරු වන දියවඩන නිලමේතුමන් වෙතය. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඉතිරිය»

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]