UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෙරහරෙත් මහජනතාවගෙත් ආරක්‍ෂාවට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි - මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න

රට තුළ පවතින සාමකාමී වාතාවරණය තුළ මෙවර මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා පෙර වසර වලට වඩා 50% ක පමණ ජන සහභාගීත්වයේ වැඩි වීමක් සිදුවේයැයි අපේක්‍ෂිතයි. පෙරහරේත් මෙම පැමිණෙන ජනතාවගේත් ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ සඳහා පොලිස් නිලධාරීන් 6000 ක් පමණක් ඊට අමතරව ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්‍ෂක අංශයත් යොදා ගැනීමට පියවර ගැණිනි.

පෙරහර කාල සීමාව තුළ මහජන ආරක්‍ෂාව ඇතුළු අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති වරු හය දෙනකු ඒ ඒ අංශවලට පත්කර විධිමත් වැඩපිළිවෙළක් මහනුවර ක්‍රියාත්මකයි.

නියෝජ්‍ය පොලිස්පති හය දෙනකු යටතේ රථවාහන, මාර්ග ආරක්‍ෂාව, මහජන පරීක්‍ෂාව, සුබ සාධනය, විශේෂ පරීක්‍ෂාංග සිදු කෙරේ. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනුයේ ප්‍රථම වතාවටය. පෙරහර පැවැත්වෙන කාලය තුළ පස්වරු 02.00 ට නගරයේ පෙරහර ගමන් ගන්නා සියලු වීදිවල නවතා ඇති වාහන ඉවත් කරගත යුතුයි.

පස්වරු 03.30 ට අදාළ මාර්ග පොලීසිය බාර ගැනීමෙන් පසු එම වීදිවලට වාහන ඇතුළු කිරීමද තහනම් කරයි. පෙරහර පැවැත්වෙන දිනවල පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. නගරයට ඇතුළු නොවී කටුගස්තොට, තැන්න කුඹුර හා පේරාදෙණිය ප්‍රදේශවලට යෑමට විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ. පේරාදෙණිය කටුගස්තොට ගමනා ගමනය සඳහා ගන්නෝරුව මාර්ගය භාවිත කළ හැකි ය. තැන්නකුඹුර කරා යෑමට බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයත් මහයියාව ලේ වැල්ල මාර්ගයත් භාවිත කළ හැකි ය.

වේවැල්පිටිය ක්‍රීඩාංගණය, බූවැලිකඩ, රතු බෝක්කුව, ඔරලෝසු කණුව, ගුඩ්ෂෙඩ්, බෝගම්බර යන ස්ථාන බස්රථ ගාල් කිරීමටත් සුමංගල මාවත, තිලක් රත්නායක මාවත, දොඩංවෙල, විලියම් ගොපල්ලව මාවත, උසාවි මාවත, අනගාරික ධර්මපාල මාවත, හා මහනුවර රථගාල සැහැල්ලු වාහන ගාල් කිරීමටත් වෙන්කර තිබේ. රාජකාරී සඳහා පැමිණ සිටින සියලු පොලිස් නිලධාරීන්ට ආචාරශීලීව ක්‍රියා කරන ලෙස උපදෙස් ලබා දී ඇත. ආරක්‍ෂක කටයුතු හා රථවාහන පාලනය සඳහා පොලිස් නිල සුනඛ හා අශ්වාරෝහක අංශයන්හි සහාය ද ලබාගෙන තිබේ.

පොලිස් මෙහෙයුම් මැදිරි උල්පැන්ගෙයි සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ක්‍රියාත්මකය. පෙරහර නැරඹීමට හැකිතාක් වේලාසනින් පැමිණ ආරක්‍ෂක අංශ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමැතියි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]