UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ ඇසළ උළෙල

සීනිගම ඓතිහාසික ශ්‍රී දෙවොල් දේවාලයේ 43 වැනි වාර්ෂික ඇසළ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර ඩී.එච්. සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා පසුගිය දා පැවැති උත්සව මහා සභා රැස්වීමේදී තීරණය කරණ ලදී.

අගෝස්තු මස 12 වැනි දින පෙරවරු 9 .51 ට යෙදුනු ශුභ මොහොතින් කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වූ ශ්‍රී දෙවොල් දේවාලයේ ඇසළ උළෙල අගෝස්තු මස 26,27,28,29,30,31 හා සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා පැවැත්වේ.

අගෝස්තු මස 26 වනදා පෙරවරු 10 ට උදා සමුළුව සීනිගම ශ්‍රී දෙවොල් දේවාල ශුද්ධ භූමියේදී පැවැත්වේ.

එම උත්සව අවස්ථාවේදී රත්ගම ආසනයේ දිළිදු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි පස් දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමක් සිදු කෙරේ.

අගෝස්තු මස 26 වැනි දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවද 27 වන දින පෙරවරු 7.30 ට මහා සංඝරත්නය උදෙසා සපිරිකර දක්ෂිණාවක් සහිත හීල මහා දානය පිරිනැමීමෙන් උත්සවයේ මූලික වැඩ කටයුතු සිදු කෙරේ. එදින රාත්‍රී 8.00 ට ඇරැඹෙන සංස්කෘතික නැටුම් සංදර්ශනය රාත්‍රිය මුළුල්ලේම සිදු කෙරේ.

අගෝස්තු මස 28 වන දින පස්වරුවේ ප්‍රථම දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයටද, 29 වන දා දෙවැනි දිවා මහා පෙරහර පස්වරුවේ හික්කඩුව සංචාරක පුරවරයටද , 30 වන දින ප්‍රථම රාත්‍රී මහා පෙරහර රාත්‍රී 8.00 ට ද 31 වැනි දින දෙවැනි රාත්‍රී මහා පෙරහර රාත්‍රී 8.00 ට සීනිගම් පුරවරයේ විථී සංචාරය කරනු ඇත.

31 වන දින රාත්‍රිය මුළුල්ලේ දෙවොල් මඩු යාගය පවත්වන අතර සැප්තැම්බර් මස 01 වැනි දින අලුයම් කාලයේදී ගිනිවැට සතක් කපු පත්තිනි ඇදුරන් විසින් තරණය කොට උදය කාලයේදී දෙවියන් උදෙසා පිරිනැමෙන කිරිදානයෙන් උත්සවයේ කටයුතු නිමා වනු ඇත.

දර්ශනීය මහා තොරණ සීනිගම මංසන්ධිය අසල ප්‍රදර්ශනය කැරේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]