UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී නිකිණිපෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරී ආහාර පූජාව හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළදවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ දී පැවැත්වේ. උදේ ධර්ම දේශනාව පුත්තලම ආනමඩුව ශ්‍රී සම්බුද්ධස්ස සමාධි විහාරවාසි පූජ්‍ය කන්තලේ සෝභිත හිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

මහාඝෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වීමෙන් පසුව සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ගිලන්පස පිරිනැමීම සිදුකෙරේ.

සවස කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරෙන් කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නැහැවීමෙන් අනතුරුව බෝධි පූජාව පවත්වනු ලබන්නේ අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසි මිද්දෙණියේ උදිත හිමියන් විසිනි. බෝධි පූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදුකෙරේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානය කර ඇත.


අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී මහාවිහාර නිකිණි පොහොය වැඩසටහන මෙසේය. පුන්පෝදින

පෙරවරු 6 - 6.30 ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය , 6.30 - 7 බුද්ධ පූජාව ,8- 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ,ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය ,8.30 - 9.15 ධර්ම දේශනය, 9.15 - 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා ,10.30 - 11.00 ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව , 11.00 ප.ව. 12.30 පුණ්‍යානුමෝදනාව ප.ව. 12.30 - 1.00 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ජාතක කතා දේශනාව, කිරින්දේ ඥානදර්ශන හිමි ,1-2 ධර්ම සාකච්ඡාව , 2 - 2.30 ශීල ආවර්ජනය , 2.30- 3.30 භාවනා, 4.-5 ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය , 5.15 - 6.00 මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා 6.30 - 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව ,7.30 - 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ධර්ම දේශනය , 8.30 - 9.30 භාවනා , 9.30 - 10.00 පිරිත් සජ්ඣායනය පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5 - 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා 6 - ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී නිකිණි පෝදා පැවැත්වෙන තරුණ ශීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 7 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩදුම්බර ලංකානන්ද හිමි, 8 -9 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9 - 10 වෙසෙසි දෙසුම, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජා ද අල්විස් මහතා, 10 -11.15 පරෝපකාර සංග්‍රහය - ධර්මදේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි,

පස්වරු 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ, රන්ගිරිඋල්පත සුගතවංස හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2 - 3 ධර්ම දේශනාව - ශ්‍රී ගඟුල යෝගාශ්‍රමාධිපති මීතිරිගල සෝරත නාහිමි, 3 - 4 ධර්ම දේශනාව - ගංගොඩවිල පුෂ්පාරාමාධිපති කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 4.15 - 5.00 ධම්මපදය - පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම පණ්ඩිත ගබ්බෙල වජිර හිමි


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ සිරිවජිරාරාමයේදී නිකිණි පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 7 - සිල් සමාදන් කරවීම අනුශාසාව සහ බුද්ධ පූජාව - සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8 - 9 ධර්මානුශාසනාව - සිරි වජිරාරාමවාසී මීගොඩ සුනීත හිමි, 9 - 9.40 විශේෂ ධර්ම දේශනාව - අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහනාහිමි, 10 - 11 භාවනාව සහ අනුශාසනාව - බෝපාගම තපෝවනයේ අනුශාසක ගම්පහ පාසාදිත හිමි, 11 - 11.15 බුද්ධ පූජාව - පැරකුම්පුර විශාරද හිමි

පස්වරු 12.30 - 01.15 - සෙත්පිරිස් හා තෙරුවන් ගුණ සජ්ඣායනය - සිරිවජිරාරාමයේ දහම් පාසැල් ප්‍රධානචාර්ය කඹුරුගමුවේ මහනාග හිමි, 1.15 - 2.45 - ධර්ම සාකච්ඡාව - වැලිගෙපොල ශීලවංශ හිමි, 3 - 4 - ධර්මනුශාසනාව - දර්ශනපති මඩිහේ සුගතිසිරි හිමි, 4 - 5 - ගිහි දේශනව - ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන සූරින්, 5 - 6 - ධර්මානුශාසනය - ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි , 6 - 6.30 - අටවිසි බුද්ධ පූජාව බෝධිපූජාව - සිරි වජිරාරාම ස්වාමින්වහන්සේලා


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේ දී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් නිකිණි පුන් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කැරේ. එදින පෙරවරු 06.30 සීල සමාදානය, තෙරුවන් වන්දනාව ගැට අරළුවේ විපුල ධම්ම හිමි, 8 – 11 භාවනා වැඩසටහන මෙහෙයවීම ජා ඇළ කල්‍යාණාසාර හිමි, 11.15 අභයදාන පින්කම සහ ඒ පිළිබඳ අනුශාසනාව පාදුක්කේ සද්ධාධජ හිමි, පස්වරු 1 – 2.15 දහම් දෙසුම දංගල කුසලඤාණ හිමි, 2.30 – 4 දහම් දෙසුම රාජකීය පණ්ඩිත පුළියැද්දේ සුධම්ම හිමි, 04.15 – 05.15 දහම් දෙසුම ආචාර්ය තොටඟ සංඝරක්‍ඛිත හිමි, 05.30 – 07.30 කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී නිකිණිපෝදා පැවැත්වෙන ශීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 6 - 7 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7 -8 ආහාර බුද්ධ පූජාව සහ හීල් දානය පූජා කිරීම 8 - 9 ධර්ම දේශනාව ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 9 - 10 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්ම දේශනාව 10 -11 ආරාධිත දේශනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් අමරතුංග මහතා 11 - 12 ආහාර බුද්ධ පූජාව සහ දවල් දානය පස්වරු 12 - 12.30 විවේක කාලය , 01 - 02.30 භාවනාව මෙහෙයවීම ගාමිනි පි‍්‍රයන්ත මහතා 03 - 04 ධර්ම දේශනාව මොරටුවේ වප්ප නාහිමි, 4 - 5 ධර්ම දේශනාව බොරැල්ලේ අතුල නාහිමි, 05 - 05.45 බුද්ධ පූජාව හා සිල් පවාරණය ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ල ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ නිකිණි පොහොය නිමිත්තෙන් විහාරාරක්‍ෂ දායක සභාව සහ ආය¸ මහිලා සමිතිය මෙහෙයවීමෙන් ශීල සමාදානය පැවැත්වේ. පෝදා පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටුගහ පියදස්සී හිමි, 6.30 සම්බුද්ධ පූජාව, 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි . 9.30 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන්, 10.30 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී සිරිසුමන හිමි. පස්වරු 1.30 ධර්ම දේශනාව අම්බුලුගල සුමංගල හිමි. 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදි කරපුටුගල රේවත හිමි. 4.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස නාහිමි, 6.00 ශීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම දොළොස්බාගේ සාන්ත නාග හිමියන් විසින් පවත්වනු ලැබේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේකරාරාම මහාවිහාරස්ථානයේ නිකිණි පුර පසළොස්වක පොහෝදා, ශීල භාවනා ධර්ම දේශනා මාලාවක්, සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 සිට 06.30 දක්වා උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්පහිමි, 07.00 – 07.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්පහිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 – 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 02.15 – 3 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි 03.15 – 04.15 ධර්ම දේශනය බංගලිදේශයේ සුමේධ හිමි, 04.30 – 05.30 ධර්ම දේශනය කොරොස්නේ මහින්ද හිමි, 06.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි 7 – 7.30 මල්පහන් සහිත සම්බුද්ධ පූජාව, 07.45 – 08.45 ධර්ම දේශනාව.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී නිකිණි පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6 - පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8 - 9 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද, 9.15 - 10.45 වැල්ලම්පිටියේ විනයවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහනක්ද වේ. 11 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1 - 2.15 මීගොඩ උත්තරා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනාව 2.30 - 3.45 රත්නපුරේ තිසරණී දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන 3.45 - 4.45 කඩවත විමුක්ති දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනාව 4.45 - 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.30 මල්, පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන නිකිණි පෝදා පින්කම් මෙසේ ය. පෙරවරු 6- 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8 – 9 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 ධර්මදේශනාව, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය වේපතඉර හේමාලෝක නාහිමි, 10 – 11 අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා, 11 – 11.15 බුද්ධ පූජාව, බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ කල්‍යාණධම්ම හිමි, බංගලිදේශයේ සුමනවංස හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02 – 03 ධර්ම දේශනාව, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය දර්ශනපති මඩිහේ සුගසිරි නාහිමි, 03 – 04 විශේෂ අනුශාසනාව, අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහා නාහිමි, 04.15 – 05 ධර්මදේශනාව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 05 – 06 ධම්මපදය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, වැලිමඩ පසන්න හිමි, සහ හිඟුරේ පඤාසේකර හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

නිකිණි පෝදා පෙරවරු. 06.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 08.00 බුදුගුණ වන්දනාව, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළැණේ සුවිනීත හිමි පස්වරු 01.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, 02.00 කාව්‍යමය ධර්ම දේශනාව පට්ටියවෙල සිවලී හිමි, 03.00 ධර්ම සාකච්ඡාව, බන්දුල උදයකුමාර මහතා, 05.00 සිල් පවාරණය පාතේගම සංකිච්චි හිමි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]