UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් මත නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් කොළඹ හැව්ලොක්පාරේ තුම්මුල්ලට යාබදව ලොව විශාලතම බෞද්ධ ප්‍රකාශන හා තොරතුරු සංකීර්ණය වන ‘ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය ‘ ඉදිකිරීම ඉකුත් 3 දා සුබ මොහොතින් ආරම්භ කැරිණි.
ලොව විශාලතම බෞද්ධ පොත් හා තොරතුරු මධ්‍යස්ථානය, 600 කට අසුන් ගත හැකි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, පෙර අපර දිග විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීමේ පහසුකම්, ශබ්දාගාර හා පරිගණක නිර්මාණ පහසුකම් සහ ධර්ම පර්යේෂණ කටයුතු සහිත විවිධ ධර්ම දුත සේවාවන් ගෙන් මෙය සමන්විත වන බව බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියෝ පැවැසූහ.
එම ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද සම්භාවනීය මහ සඟරුවන ද සහභාගි වූහ. කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමි, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමිවරුද, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ද, කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාද ඡායාරූපයේ වෙති.
ඊට සහභාගි වූ සම්භාවනීය මහ සඟරුවනින් කොටසක් ද ඡායාරූපයේ වෙති. හිටපු අමාත්‍ය පරලොව සැපත් එස්.බී. හේරත් මහතාට පින් පිණිස ඒ මහතාගේ බිරිඳ වන රංජනී හේරත් මහත්මිය විසින් ගල්කිස්ස ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක් ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයට ආධාර පිණිස පූජා කරන ලදී.

දොළොස් මහේ මහ පිරිත් පින්කමේ සමාප්තිය හා තුන් දහස් නමක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර දක්ෂිණාව

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දෙදහස් නමයේ දුරුතු මස පුර පසළොස්වක් පොහෝදින (2009.01.10) ආරම්භ කරන ලද දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනය ගරුතර මහ සංඝරත්නය විසින් අඛණ්ඩව දින හාරසිය දාහතරක් (414) සජ්ඣායනා කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 28 දින අළුයම සමාප්ත කිරීමට නියමිතව ඇත.

ඉතිරිය»

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]