UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධාලෝක වෙසක් තෙමඟුල

2554 වන බෞද්ධාලෝක වෙසක් තෙමඟුල මේ වසරේ 09 වරටත් අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සියලු කටයුතු සූදානම් කර ඇත. එහි ආරම්භක පියවර ලෙස මූලික සාකච්ඡාවක් පසුගියදා ආගමික කටයුතු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇමතිතුමා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා අතර, සම්මේලනය මූලස්ථානයේදී පැවැත්විණි. මේ සඳහා 2554 වන බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති – රංජිත් ඒකනායක ලේකම්, උපුල් රූපසිංහ සහ පසුගිය වර්ෂ 08 පුරාවට වෙසක් උත්සවය වෙනුවෙන් අනුග්‍රහය ලබාදුන් ආයතනද සහභාගි වුණි. 2010 මැයි මස 27 දිනට යෙදෙන වෙසක් පොහෝ දින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සම්මේලන මූලස්ථානයේදී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිල් සමාදන් වැඩසටහන් සහ සර්වඥ ධාතු ප්‍රදර්ශණය පැවැත්වීමටත් මැයි මස 28,29,30 යන දින වල පහන් කූඩු, වෙසක් තොරණ,භක්ති ගී සංදර්ශන, චිත්‍ර ප්‍රදර්ශන, ඡායාරූප ප්‍රදර්ශන, ධම්මපද ගායනා යනාදිය පැවැත්වීමටත් මෙහිදී සාකච්ඡා වූ අතර ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුග්‍රහය මත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එම උත්සවය සංවිධානය කරනු ඇත.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]