UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙරේ වාර්ෂික පින්කම් මාලාව

රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැලැන්දූ දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අළුත්වැවේ සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මගින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 40 වෙනි වරටත් පෙබරවාරි මස 26,27 යන දිනවල කිරි වෙහෙර අභියසදී පැවැත්වේ.

26 වනදා අළුයම කැප්පෙටිපොල සිට කතරගම කිරි වෙහෙර අබියසට ගොස් එදින සවස අෂ්ඨ පල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක්ද , භක්ති හේවිසි පූජාව ද පවත්වා 27 වන දින හීල් දානය, දවල් සාංඝික මහා දානය පිළිගැන්වීම ද ඊශ්වර ශ්‍රී ස්කන්ධ කුමාර, ශ්‍රී ගණ දෙවි, දැඩිමුණ්ඩ, පත්තිනි යන දෙවිවරුන් උදෙසා මුළුතැන් පූජාවක්ද පැවැත්වීම සිදු කරන අතර මෙම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත් වී වදාළ නා හිමිවරුන්ට පින් අනුමෝදනා කිරීම ද ආරක්‍ෂක අංශයේ සැමට ආසිරි පැතීම ද , මියගිය සියලු දෙනාට පින් දීම ද, ජීවත්ව සිටින අයට ආසිරි පැතීමද, ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද මෙම පින්කමට ඇතුලත් වේ.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]