UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට පත් ඕමාරේ කස්සප හිමි

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයට පත් ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියෝ මහත් ගෞරව ප්‍රසාදයට පත් හිමි නමකි.

1955 ජනවාරි 20 වනදා සර්දින් දිසානායක අමරකෝන් සහ ජාතුංගේ හීන්හාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපත ලැබීය.

ඕමාර මහා විද්‍යාලයෙන් පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1960 ඔක්තෝබර් 31 වනදා පැවිදි බිමට පත්විය.

එතැන් සිට කඹුරුපිටියේ සපුගොඩ විද්‍යානිකේත පිරිවෙනින් හා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ අතර 1974 ජුනි 5 වනදා අධිසිල් ලැබූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද රත්මලාන පිරිවෙන් අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණු සහතිකයද ලබා ගත්හ. පිරිවෙන් උප ගුරුවරයකු වශයෙන් කඹුරුපිටියේ සපුගොඩ විද්‍යානිකේත පිරිවෙනින් ගුරු සේවය ඇරැඹූ කස්සප හිමියෝ පුරා දශක දෙකකට අධික කාලයක් විද්‍යානිකේත පිරිවෙනේ පරිවේණාධිපති ධූරය හෙබවූහ.

අනතුරුව කිරුළපන ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙනේ වසර කීපයක් සේවය කළහ.

කඹුරුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙස වසර අටක් සහ මාතර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ලෙස අට වසරක්ද සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරී සභාවේ නියෝජ්‍ය සභාපති ලෙස සිව් වසරක්ද කටයුතු කළ කස්සප හාමුදුරුවෝ රුහුණු රට භික්‍ෂු පෙරමුණේ ලේකම් ආදී විවිධ සංවිධාන රැසක විවිධ තනතුරු දරති. වෙසෙසින්ම මාතර දිසාවේ මහත් සමාජ මෙහෙවරක නිරතවූ කස්සප හාමුදුරුවෝ රන්දූපත උපෝසථාගාරය ගොඩනැගීමේ දී සහ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අභිවෘද්ධිය සඳහා කළ මෙහෙවර ප්‍රශංසනීය හ.

උන් වහන්සේ කඹුරුපිටියේ සපුගොඩ ඉලංගංගොඩ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගතාරේ සුගතපාල මාහිමියන් සහ මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අපවත් ස වදාළ ගැටමාන්නේ සෝභිත හිමියන් සහ කුඩාගොඩ චන්දරතන මාහිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමකි.

තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි ගෞරවයට පාත්‍රව වැඩ වසන ඕමාරේ කස්සප හාමුදුරුවෝ ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි.

 

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]