UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනා පින්කම සහ ගුණානුස්මරණ පින්කම

කළුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන අටවිසි බුද්ධ පුජාව සහිත ධර්ම දේශනා පින්කම් මාලාව මෙවරද මෙම මස 27 වන දින සිට මාර්තු මස 16 වන දින දක්වා පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සහ බෝධිරාජ කුළඟන සමිතිය කටයුතු යොදා ඇත. ධර්ම දේශනා දිනපතා පිළිවෙලින් වහන්සේලා මෙසේය. පෙබරවාරි 27 වන දින පදලංගල ධම්මදේව හිමි, පෙබරවාරි 28 වැනි දින දරණාගම කුසල ධම්ම හිමි, මාර්තු මස 1 වන දින බොරැල්ලේ අතුල නාහිමි, මාර්තු 2 වනදා උඩුදුම්බර ලංකානන්ද හිමි, මාර්තු 3 වනදා වතුරුවිල සුජාත හිමි, මාර්තු 4 වනදා ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනාහිමි, මාර්තු 5 වනදා ගබ්වෙල වජිර හිමි, මාර්තු 6 වනදා උඩපේරුවේ රතනසාර හිමි, මාර්තු 7 වනදා යටිරවන ලංකානන්ද හිමි, මාර්තු 8 වනදා දියතලාවේ පියදස්සි හිමි, මාර්තු 9 දින ඉදුරාගාරේ ධම්මරතන හිමි, මාර්තු 10 වනදා පානදුරේ පසන්න හිමි, මාර්තු 11 වනදා වැලිමඩ පසන්න මානස හිමි, මාර්තු 12 වනදා උඩුවේ ධම්මාලෝක හිමි, මාර්තු 13 වනදා මැදගොඩ අභයතිස්ස හිමි, මාර්තු 14 වනදා කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, මාර්තු මස 15 වනදා අගලකඩ සිරිසුමන හිමි, මාර්තු 16 වනදා මඩවල ධම්මික හිමි යන ස්වාමීන් වහන්සේ විසිනි. දිනපතා සවස 6.45 ට බුද්ධ පූජාව ආරම්භ වී රාත්‍රී 7.30 ට ධර්ම දේශනාව ආරම්භ වීමට නියමිතය.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]