UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ උපසම්පදා උළෙල මැයි 1,2,3

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ 25 වන උපසම්පදාවාරය එනම් “රජත ජයන්තිය” 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකර උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට ශ්‍රී රෝහණ මහාසංඝ සභාවේ මහානායක අත්තුඩාවේ ශ්‍රී රාහුලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2010 පෙබරවාරි මස 07 වන දින මාතර පහළ පීක්වැල්ල ශ්‍රී පන්ථාරාම විහාරස්ථානයේ දී පැවති සානුනායක ත්‍රිංසත් වර්ගික විධායක කාරක සභාවේ රැස්වීමේදී ඒකමතිකව තීරණය විය.

එදින විධායක සභා තීරණය පරිදි එම සංඝ සභාවේ 25 වන උපසම්පදාව 2010 මැයි මස 01, 02 හා 03 යන තෙදින පුරා පැවැත්වෙන බව ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මාතර කොටුවේගොඩ ශ්‍රී රෝහණ උපෝෂථාගාර මහා විහාරස්ථානයේ දී ශ්‍රී රෝහණ උපසම්පදාව ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ සාමාජික විහාරස්ථාන වලින් ඒ සඳහා ඉල්ලුම්පත් කැඳවන අතර ඉල්ලුම්පත් භාර ගන්නා අවසාන දිනය වනුයේ 2010 අප්‍රේල් මස 01 දිනයි.

උපසම්පදාපේක්ෂකයන් වහන්සේලා උදෙසා 2010 අප්‍රේල් මස 24,25 හා 26 යන තෙදින තුළ තිහගොඩ, ඌරාපොළ, ශ්‍රී රෝහණ මහා සංඝ සභා මූලස්ථානයේ දී භික්ෂු විනය හා උපසම්පදාව සම්න්ධව නේවාසික වැඩමුළුවක් හා එම වැඩමුලුව අවසානයේ තදානුබද්ධ ධර්‍ම විෂය ඥාන පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මීට අමතරව 25 වන රජත ජයන්තිය සැමරීම් වස් පුද්ගල හා සමාජමය වශයෙන් රටට, ලොවට විශාල සේවාවක් කළ දේශීය හා විදේශීය විද්වතුන්ට ගරුනාම පිදීමට ද, විද්වත් ලිපි එකතුවකින් යුතු විශේෂ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කිරීමට ද, ශ්‍රී රෝහණ පුවත්පතෙහි සංවත්සර කලාපය නිකුත් කිරීමට හා සංඝ සභාවේ නිර්මාතෘ පුරාවිද්‍යා චක්‍රවර්ති අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතනාභිධාන මහනාහිමිගේ ගුණ සමරු වැඩ සටහන් රැසක් ද පැවැත්වීමට තීරණය කර ඇතැයි කියති.

උපසම්පදාපේක්ෂක ඉල්ලුම්පත් 2010 අප්‍රේල් මස 01 දිනට පෙර එවිය යුතු ලිපිනය වනුයේ

ප්‍රධාන ලේඛකාධිකාරී
ශ්‍රී රෝහණ මහා සංඝ සභාව
ශ්‍රී රෝහණ උපෝසථාගාර මහාවිහාරය
රන්දුපත
කොටුවේගොඩ, මාතර යන ලිපිනයට බවද ඕමාරේ කස්සප හිමියන්ගේ නිවේදනයේ දැක්වේ.

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]