UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

අනුරාධපුරය මහා විහාරය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී මහා විහාර සන්නිපාත ශාලාවේදී පැවැත්වෙන පෝදා පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 6.30 ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ අබියස දී සීල සමාදාන පින්කමද 7 බුද්ධ පූජාව 8 -8.30 පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනාව 8.30 දහම් දෙසුම 10.30 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 - 1 මහා විහාර සන්නිපාත ශාලාවේදී ජාතක කතා දේශනාව 1 - 2 ධර්ම සාකච්ඡාව 4 -5 දහම් දෙසුම ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස දී 5.15 - 6 සන්නිපාත ශාලාවේදී භාවනා වැඩ සටහන 7.30 - 8.30 දහම් දෙසුම සන්නිපාත ශාලාවේදී 8.30 - 9.30 භාවනා වැඩ සටහනද 9.30 - 10 පිරිත් සජ්ඣායනාවද පෝදාට පසු දින උදෑසන 5 - 5.30 මහා විහාර සන්නිපාත ශාලාවේදී භාවනා වැඩසටහනද 6 සිල් පවාරණයද සිදු කැරේ.


ශ්‍රී සිළුමිණි විහාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමිපාණන් ගේ හා ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සමාධි උපස්ථාන සභාව සංවිධානය කරනු ලබන මැදින් පුන් පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය.

5.30 – 6.00 සීල සමාදානය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සරාභිධාන මහ නාහිමි, 6.45 – 7.30 අනුශාසනාව භාවනාව මහමෙවුනාවේ මංගල හිමි, 8.30 – 10.30 භාවනා වැඩසටහන පාතේගම ඤාණතිලක හිමි, 10.30 – 11.00 දවල් බුද්ධ පූජාව හාළිඇල භද්දිය හිමි, පස්වරු 12.30 – 1.00 සෙත් පිරිත් දේශනය හාලි ඇළ අස්සජි හිමි, වැලිමඩ ධම්මික හිමි, හැළි ඇල භද්දිය හිමි, 01.00 – 03.00 සූත්‍ර දේශනාව මහමෙවුනාවේ මංගල හිමි, 03.30 – 05.00 පටිච්ච සමුත්පාද දේශනය, 05.00 – 06.00 බෝධි පූජාව වැලිමඩ ධම්මික හිමි,


 

පටිච්ච සමුප්පාද දේශනය හා භාවනා වැඩසටහනක්

අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පේරාදෙණිය, හිඳගල ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක හා ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල පාරේ, ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන පටිච්ච සමුප්පාද දේශනය හා භාවනාව, මාර්තු 01 සඳුදා, සවස 02.00 සිට 05.00 දක්වා මහනුවර මහාමායා විද්‍යාලයේ දී ද මාර්තු 06 සෙනසුරාදා උදේ 08.00 සිට 04.00 දක්වා මාතලේ බෝගහකොටුව පන්සල සහ මාර්තු 07 ඉරිදා උදේ 08.00 සිට 04.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී සිළුමිණි විහාරයේ දී ද මාර්තු 14 ඉරිදා, උදේ 08.00 සිට 4.00 දක්වා පේරාදෙණිය හිඳගල සීවලී මහා විද්‍යාලයේ දී ද පැවැත්වේ.


“තමරවිල” ළමා භාවනා වැඩසටහන සහ සිඟිති දම් සභා මණ්ඩපය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි, ශ්‍රී ජයවර්ධනපුර, නව රෝහල පාරේ, ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන ‘තමරවිල’ ළමා භාවනා වැඩසටහන සහ සිඟිති දම් සභා මණ්ඩපය මැදින් පුන් පෝදා උදේ 08.00 සිට දවල් 12.00 දක්වා ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී පැවැත්වේ.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයෙහි මැදින් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ.

පෙරවරු 8 - 9.30 පානළුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 9.45 - 11 දක්වා ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වන ධර්ම දේශනය ද 11 ට දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 1 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1 - 2 කටුනායක පාරමී දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයද 2 - 3 පන්නිපිටියේ ආසංසා දසසිල් මාතාව පවත්වන භාවනා වැඩසටහනක් ද 3 - 5 දක්වා වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡා වද 5 - 5.30 තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ.

සවස 6 විසිතුරු ගිලන්පස අටවිසි බුද්ධ පුජාවක් පූජ්‍ය මොරවක ශාන්ත ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබයි.


කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දී මැදින් මස පුර පසළොස්වක පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 06.15 – 07.00 සිල් සමදාන් කිරීම, බුද්ධ වන්දනාව, කළුතර සරද හිමි, 8.00 – 9.45 භාවනාව මෙහෙයවීම ඇරැව්වල, රත්මල්දෙණියේ සරත් ගල්ගමුව මහතා, 10 – 11 ධර්මදේශනය, මුල් ඇඩියාවල අග්‍රවංශ හිමි, පස්වරු 11 – 1 බුද්ධ වන්දනාව දවල් දානය පින් අනුමෝදනාව, 1 – 2 පිරිත් ධර්ම දේශනා කිරීම/දායක සභා රැස්වීම, 2 – 3 ධර්ම දේශනය අගලකඩ පඤ්ඤාරාම හිමි, 3.15 – 4.15 ධර්මදේශනය කොටිගල නන්දරතන හිමි, 4.15 - 5.15 ධර්මදේශනය (කවි බණ) පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති කළුතර සරද හිමි, 5.30 – 6.30 බෝධි පූජාව සහ සිල්පවාරනය.


වල්පිට

වල්පිට ගම්උදා නිවාස ක්‍රමයේ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන බෝධි පූජාවක් හා ධර්ම දේශනාවක් මෙම 28 වන දා මැදින් පුර පෝදා සවස 06.30 සිට 07.30 දක්වා ගම්උදා නිවාසක්‍රමයේ විහාර මන්දිරය අබියසදී පැවැත්වෙයි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී මැදින්පෝදා දවස පුරා පිංකම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. මහාඝෝෂපුර මල්පෙරහැර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ, ආගමික කටයුතු පැවැත්වීමෙන් පසුව උපාසක උපාසිකාවන් වෙනුවෙන් ගිලන්පස පිරිනැමීම සිදුකෙරේ.

උදේ ධර්මදේශනාව හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනය හා ඇඹිලිපිටිය පනාමුර පරවිකන්ද ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති සද්ධාලෝක නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර උදිත හිමියන් විසින් සිදු කර ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදු කැරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු - 06.00 - 7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 08.00 - 09.00 - භාවනාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 - 10.00 - ධර්ම දේශනාව - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, 10.00 - 11.00 - අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා , 11.00 - 11.15 - බුද්ධ පූජාව - කනංකේ ධම්මික - බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 - 01.00 - පිරිත් හා තෙරුවන් ගුණ - ඇලහැර විජිතවංශ හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, 01.00 - 02.00 - ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 - 03.00 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 03.00 - 04.00 - විශේෂ අනුශාසනාව - පූජ්‍ය වැලිගම ඥාණරතන මහා නාහිමි, 04.15 - 05.00 - ධර්ම දේශනාව - දර්ශනපති වටගෙදර විමලබුද්ධි නාහිමි, 05.00 - 06.00 ධම්ම පදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 - බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි


කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී මැදින් පුර පසළොස්වක පොහෝදා සීල භාවනා, ධර්මදේශනා වැඩසටහන් මාලාවක් හල්පිට හේවාගම් දොකෝරළයේ ප්‍රධාන අධිකරණ ත්‍රිපිටකාචාර්ය සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6 - 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි , 7- 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 - 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 - 10.15 දහම් දෙසුම ගැට්ටුවානේ සුමේධ හිමි, 10.15 - 11 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 1 - 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම 2.15 - 3 භාවනා වැඩසටහන මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 - 4.15 ධර්මදේශනාව ශාස්ත්‍රපති කොරොස්සෙ මහින්ද නාහිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව මන්දාරම් නුවර පඤ්ඤානන්ද හිමි, 6 ට සිල් පවාරණය හා සිල් අළුත් කිරීම , 7 - 7.30 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව මෙහෙයවීම කෙසෙල්පොත සුමනවංස හිමි, 7.45 - 8.45 රාත්‍රි ධර්මදේශනාව බොරැල්ලේ අතුල නාහිමි.


 

අරංගල ශ්‍රී ශෛලාරාමය

අරංගල ශ්‍රී ශෛලාරාමයේ දී මැදින්පුර පසළොස්වක පොහෝදා, විහාරාධිපති කැලණිය, විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ සීලභාවනා සමිතියේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේය. පෙරවරු 5.45 - 6.30 විශේෂ පිණ්ඩපාත චාරිකාව, 6.30 - 7.30 සිල් සමාදන් කරවීම සහ කිරිපිඬු පුජාව ඇත්කඳුරේ සුමනසාර මාහිමි, 8.30 - 9.30 භාවනා වැඩසටහන මුරපොල පියවංශ හිමි, 9.45 - 10.45 ධර්ම දේශනය කහල්ලේ ජනානන්ද හිමි, 11 - 11.30 ආහාර බුද්ධ පූජාව බදුල්ලේ සුමංගල හිමි.


පස්වරු

1 - 2 සෙත් පිරිත් සජ්ඣායනය සහ බුදුසරණ පත්‍ර ධර්ම දානමය පින්කම 2 - 3 විශේෂ දේශනය හා සක්මන් භාවනාව කථිකාචාර්ය දර්ශනපති ආනන්ද ඩී.සිල්වා මහතා 3.15 - 4.15 ධම්මපද විමර්ශනය ඇකිරියේ ඤාණසුමන හිමි, 4.30 - 5.30 ධර්ම දේශනය , අඹගස්ආරේ විජිතනන්ද හිමි, 6.30 - 7.30 විශේෂ අටවිසි බුද්ධ පුජාව කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි, සැ.යු. සෑම මසකම 2 වන සෙනසුරාදා උදේ 8 සිට 10.30 දක්වා විශේෂ චිත්තාභ්‍යාස පුහුණු භාවනා වැඩසටහනක් කම්මට්ඨානාචාර්ය ඉද්දමල්ගොඩ වජිරඤාණ මාහිමියන් විසින් පවත්වනු ලැබේ.


බම්බලපිටියේ වජිරාරාමය

මැදින් පෝදා බම්බලපිටිය වජිරාරාමයේදී පැවැත්වෙන වැඩසටහන මෙසේය පෝදා පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව - සිරිවජිරාරාමාධිපති ත්‍රිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 8 -9 භාවනාව සහ අනුශාසනාව - සිරිවජිරාරාමාවාසී, වේරදුවේ මහින්ද හිමි, 9 - 9.40 විශේෂ ධර්ම දේශනාව , අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහනාහිමි , 10 - 11 ධර්ම සාකච්ඡාව සිරිවජිරාරාමවාසී ඇරව්වල සුධම්ම හිමි, 11 - 11.15 බුද්ධ පූජාව - පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 - 01.00 පුන්‍යඅනුමෝදනාව , 01 -01.45 සෙත් පිරිත් සජ්ජායනය - සිරිවජිරාරාමයේ දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහනාග හිමි,

01.45 - 02.45 ගිහි දේශනය – අක්‍ෂි වෛද්‍ය විශේෂඥ ශ්‍රීමා ගුණසේකර මිය, 3 - 4 ධර්මානුශාසනාව - මෙත්තරාමවාසී වලානේ සිරිසුමන හිමි, 4 - 5 ධර්මානුශාසනාව - දර්ශනපති මඩීහේ සුගතසිරි හිමි, 5 - 6 ධර්මානුශාසනාව - දියතලාවේ පියදස්සි හිමි 6 - 6.30 අටවිසි බුද්ධ පුජාව සහ බෝධිපුජාව :– සිරිවජිරාරාමවාසි ස්වාමින් වහන්සේලා


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 6.00 ට සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, 7.30 බුද්ධ පූජාව, 8.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන නාහිමි, 9.00 ට ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මලංගම පඤ්ඤාසාර හිමි, 11.00 ට බුද්ධ පූජාව, ප.ව. 1.00 ට සෙත් පිරිත් දේශනාව ගාල්ලේ සෝමානන්ද හිමි, 2.00 ට ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සුගතසාර හිමි, ප.ව. 3.30 ට ධර්ම දේශනාව 5.00 අටවිසි බුද්ධ පූජා වන්දනාව, 6.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව.


උයන්වත්ත වාලුකාරාමය

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී පණ්ඩිත බඹරැන්දේ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 7.00 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, 8.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනා මොරවක ධම්මරතන හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 4.00 ධර්ම දේශනාව රොටුඹ සෝමරතන හිමි, 6.00 ට සිල් පවාරණය ප.ව. 7.00 අටවිසි බුද්ධ පූජාව බුත්තල මෙත්තානන්ද හිමි.

 

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]