UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කර තනන ලද ස්තූපය ප්‍රතිසංස්කරණය කර සැදැහැතියන්ට වන්දනා කිරීම සඳහා විවෘත කිරීමේ මහා පුණ්‍යෙීත්සවය පසුගියදා අනුරාධපුරයේ දී සිදු කැරිණි. ඊට විශාල ගිහි පැවිදි පිරිසක් සහභාගි වූ අතර එහි ප්‍රධාන දේශනය කොළඹ විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් සිදු කරන ලදී. එම ධාතු ස්තූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර ඒ සඳහා දායකත්වය සහ අනුග්‍රහය සපයන ලද්දේ ගීතිකා නිරංජි වික්‍රමාරච්චි මහෝපාසිකාව ප්‍රධාන සැදැහැතියන් පිරිසක් විසිනි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රතිසංස්කරණයෙන් පසු සංඝමිත්තා ධාතු ස්තූපය දිස් වූ අයුරුයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී උඳුවප් පෝදා දවස පුරා පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාවලපිටිය සත්‍යාලෝක පුන්‍යායතනය මෙහෙයවන උඳුවප් පොහොය මහා පින්කම් මාලාව උඳුවප්පෝදා සහ පසුදා ද පැවැත්වේ.

ඉතිරිය»

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]