UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු කතරගම මහා දේවාලයේ ඉල් පෙරහර උඳුවප් පෝ දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඉල් මහා පෙරහර දෙසැම්බර් මස 01 දින උඳුවප් පෝදා පැවැත්වේ.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල්තැනක් දෙමින් උඩරට, පහතරට හා රුහුණු ප්‍රදේශයට ආවේණික මොනර, සිංහ, හනුමන්ත, භක්ති, කාවාඩි නර්තන කණ්ඩායම් හා අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර පෙරහර පැවැත්වීමට ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත.

එදින සුබ නැකැත් අනුව කතරගම මහාදේවාලයෙන් ඇරඹෙන “දේව පෙරහර “ ගණදේවාලය කිරිවිහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධින් වහන්සේ ප්‍රදක්‍ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිස, එම වීදියේ ශ්‍රී අභිනවාරාමය ඉදිරිපිටින් පෙරහර ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකිරීමෙන් පසුව පෙරහර යලිත් එම වීදියේම ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

හින්දු බැතිමතුන් මෙම පෙරහර “ කාර්තික මංගල්‍යය” යනුවෙන් හැදින් වේ.පෙරහර ගමන් කරන වීදියේ පහන් දල්වා අත උඩ තබාගෙන කතරගම ස්කන්ධකුමාර දෙවියන්ට උපහාර දැක්වීම සිදුකෙරේ. පෙරහර දිනයේ තේවානි අම්මා දේවාල සංකීර්ණයේ දවල් හා රාත්‍රී බත් දන්සැලක්ද පැවැත්වේ. පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට පූර්ණ ආරක්‍ෂාව සැලසීම සඳහා විශේෂ සැලසුම් රැසක්ම ක්‍රියාත්මක කරන බව කතරගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලක්සිරි චන්දිමාල් මහතා ප්‍රකාශ කරයි.

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු සංවිධානය කර ඇත.

පෙරහර සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික අංශයේ විශේෂ බස් සේවාවන්ද පැවැත්වේ.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]