UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දියකළමුල්ල සංඝමිත්තා මහා පෙරහර

කුලියාපිටිය – දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ පිළිරුව වැඩම වන සංඝමිත්තා උඳුවප් මහා පෙරහර මෙවර ද උඳුවප් පුර පසළොස්වක් පෝදා දියකළමුල්ල විහාරාධිකාරී පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ ශාසන රතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරේ.

විහාරස්ථ උඳුවප් මහා පෙරහර සංවිධානයේ සම සභාපති වරුන් වන දේශබන්ධු එච්.ජී. නිව්ටන් ද සිල්වා මහතා සහ ශිලා මුතුකුඩ මහත්මියගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්ගේත්, ව්‍යාපාරික භවතුන්ගේත්, ප්‍රදේශයේ විදුහල්වල හා විහාරස්ථ සියලු දායකකාරකාදීන්ගේත්, උඳුවප් මහා පෙරහර සංවිධානයේ සියලු සාමාජික සාමාජිකාවන්ගේත්, සංඝමිත්තා, කුළඟන සමිතියේත් පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වේ.

උඩරට, පහත රට සහ සබරගමු නැටුම් සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් තිහකට අධික ප්‍රමාණයකින් අලංකෘත වන මෙම පෙරහර බෞද්ධ චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට උඳුවප් මහා පෙරහර සංවිධානය කටයුතු යොදා ඇත. එම පෙරහර කුලියාපිටිය, මීගහකොටුව ශීල්ප ශාලිකාව අසලින් ආරම්භ වී මීගහකොටුව නගරය හරහා පන්නල මාර්ගයේ පැමිණ දියකලමුල්ල විහාරස්ථානයට ගෙවැදීමට නියමිය.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]