UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඳුවප් පෝදා පින්කම්

කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී උදුවප් පෝදා පැවැත්වෙන සීල භාවනා වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු -6.30 ට සීල සමාදානය මෙහෙයවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසහටන මෙහෙයවීම හප්පිටියේ පාලිත හිමි, 9.15- ධර්ම දේශනය, 10.30 - බුද්ධ පූජාව, 1.00 - ධර්ම දේශනය,2.00 - ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව - මැටිගහලන්දේ අමරවංශ හිමි, 6.00 බුද්ධ පූජාව, සිල් පවාරණය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩ සටහන

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මා හිමි, 08.00 – 09.00 භාවනාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම මාහිමි, 09.00 – 10.00 විශේෂ දේශනය, මනෝවිද්‍යා උපදේශිකා මැණිකේ සුමනසේකර මහත්මිය, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව, පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ රන්ගිරිඋල්පත සුගතවංස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල නාහිමි, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති උඩුගල්මොටේ සිරිවිමල නාහිමි, 4.15 – 5.00 ධම්මපදය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව, 06.00 –06.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

උඳුවප් පෝදා පෙරවරු 06.30 උවසු උවැසියන් සීල සමාදන් කරවීම, බුද්ධ පූජා වන්දනාව රාජකීය පණ්ඩිත මලිදූව විමලවංශ නාහිමි 08.00 බුදුගුණ වන්දනාව පැළෑනේ සුවිනීත හිමි, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පූජා වන්දනාව වලස්ගල පඤ්ඤාසිරි හිමි පස්වරු 01.00 රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව, ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 01.30 ධර්ම දේශනාව යටිගල ඥාණසිරි හිමි, 03.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, මාතර සදහම් සිසිල බොදු එකමුතුව සංවිධායක බන්දුල උදයකුමාර මහතා, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනය, ශාස්ත්‍රවේදී පාතෙගම සංකිච්ච හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

මාතර සිරි වජිරඤාණ ධර්මායතනයේ පෝදා පින්කම මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 ට සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 07.30 උදෑසන බුද්ධ පූජාව 08.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, 09.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොරකන්දේගොඩ අරිවංශ හිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 01.00 ට සෙත් පිරිත් දේශනාව ධර්මායතන වාසී ගාල්ලේ සෝමානන්ද හිමි, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, 03.30 ධර්ම දේශනාව බෙරලපනාතර ශාන්ත හිමි, 05.00 අටවිසි බුද්ධ පූජා වන්දනාව, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව.


උයන්වත්ත වාලුකාරාමය

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම කරගොඩ උයන්ගොඩ රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කෙරේ. 07.00 බුද්ධ පූජා වන්දනාව මොරවක ධම්මරතන හිමි, 08.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, පස්වරු 1.00 පොඩි ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 4.00 විශේෂ ධර්ම දේශනාව රොටුඹ සෝමරතන හිමි, 6.00 සිල් පවාරණය, 7.00 අටවිසි බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී බලංගොඩ ශාන්තසිරි හිමි.


සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු 6.00 සීල සමාදානය සහ අනුශාසනාව පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ වේ. 06.30 බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ ශාන්තසිරි හිමි, 08.30 භාවනා වැඩසටහන ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව බලංගොඩ ශාන්තසිරි හිමි ප.ව. 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව හොරපාවිට ධම්මිස්සර හිමි, 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 5.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව, රාත්‍රී 07.00 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි.


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා පස්වරු 03.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම් සිදුකෙරේ.


කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ උඳුවප් පුර පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේය

පෝදා පෙරවරු 6.15 -7.00 - සිල්සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සරද හිමි, 8.00 - 9.45 - භාවනාව මෙහෙයවීම රත්මල්දෙණියේ සරත් ගල්ගමුව මහතා, 10 -11 - ධර්මදේශනය පන්නිපිටිය , විද්‍යාලංකාර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමි, 11 - - බුද්ධ වන්දනාව, 1 -2 -පිරිත් ධර්මය දේශනා කිරීම /දායක සභා රැස්වීම , 2 -3 - ධර්මදේශනය - ගෞරව ශාස්ත්‍රවේදී දෙහිපාගොඩ විජිතනන්ද හිමි, 3.15 -4.15 - ධර්ම දේශනය ගෞරව ශාස්ත්‍රවේදී ගංගොඩවිල චන්දිම හිමි, 4.15- 5.15 - ධර්මදේශනය කහහේන පඤ්ඤානන්ද හිමි , 5.30 - 6.30 - බෝධි පූජාව සහ සිල්පවාරණය.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]