අනුරාධපුර 
			සංඝමිත්තා පෙරහර පෝදා
			වෝල්ටර් දයාරත්න - අනුරාධපුර දිසා විශේෂ 
			
			 
			විහාරමහාදේවී ආරාම දායක සභාව හා දහම් පාසල් සංවර්ධන සංගමය 46 වන වරට 
			පවත්වන අනුරාධපුර සංඝමිත්තා මහා පෙරහර උඳුවප් පුන් පෝහෝදින 
			අනුරාධපුරයේදී පැවැත්වේ. 
			එදින පස්වරු 3.30 ට වීදී සංචාරය කරන මෙම පෙරහර අනුරාධපුර ඓතිහාසික මහ 
			මෙවුනා උයනේ ථූපාරාම චෛත්‍ය රාජයාණන් අබියස සංඝමිත්තා සෑය අසලින් 
			අවසන්වන බව අනුරාධපුර - සංඝමිත්තා මාවත ගොඩිහේවත්ත නන්දන 
			සුදර්මාරාමාධිපති නුවරඑළියේ සුභාෂනී මෙහෙණින් වහන්සේ පැවසුවාය. එම 
			පෙරහර සඳහා මෙහෙණින් වහන්සේලාද ප්‍රදේශයේ බෞද්ධ කාන්තා සංවිධානවල 
			උපාසිකාවන් ඇතුළු අතිවිශාල පිරිසක් එක්වනු ඇතැයි ද සුභාෂනී මෙහෙණින් 
			වහන්සේ පැවසුවාය.  |