කවි

by Test User
August 27, 2026 12:10 am 0 comment

දළදා පෙරහර

කසවෙඩි පුපුරන
නෙත් සිත් පුබුදන
ගින්දර කැරකෙන
පෙරහර හැඩ එන

උඩරට කඳුකර
දළදා පෙරහර
සිත මන්මත් කර
විදී සැරිසර

අලි ඇතුන් යන
නිළමේවරු යන
කරඬු වඩම්මන
දළදා වඳිමු පින

වම් දළදා වැඳ
කියමු දහම්පද
පෙරහර එන සඳ
පායයි පුන් සඳ

අජිත් වික්‍රමනන්ද වීරසූරිය


උගුල

බුදුන් පුදා අප
දහම දකින තුරු
සසර නිමා කළ නොහේ
බුදුන් පැවැසූ ලෙද
දහම දකින තුරු
සසර දනව්වේ
උගුලක හිරවී
තෙරපී සිටිනෙමු……!!

බිබිලේ
ධම්මසිරි හිමි


දන්ත ධාතු වන්දනා

සුවාසු දහස් සිරි දම් පද
පහස ලැබූ දිව මන් මුනි
පිදුවා සේ සිහි වේ නිති
සිරි දළදා පෙරහර
සෙංකඩගල පුරයේ

දන්ත ධාතු වන්දනා
සිරි දළදා වන්දනා

රජසිරි මහිම රජ සලකුණ
නිති පුද සැම සත්කාර ලබන
සිරිත විරිත පොරණෙහි සිට
අඩු නොවනා ලෙස පැවතෙන
බොදු මංගල්‍යය ලොව සුපතල

සියලු සතට සෙත සලසන
අනත්ත බුදු ගුණ මහිමය
මුළු දෙරණත ගැලුවයි
දොහොත් මුදුන් වැඳ නමදිමු
සිරි දළදා මහ පෙරහර
නිවන් සුව පතා
රුදු සසරින් එතෙරට යමු
අප මේ භවයෙම

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ

You may also like

Leave a Comment