නිවස විශේෂාංගමනසින් උසස් සත

මනසින් උසස් සත

by Test User
November 5, 2025 12:00 am 0 comment

ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අන් කවර කලෙකටත් වඩා අද බොහෝ පහසුකම් තිබේ. ඉඩ ප්‍රස්ථාව ද ලැබේ. මේ සඳහා බොහෝ පිරිස් උනන්දු වනු ද පෙනේ. එහෙත් ඒ අතරින් කෙනෙක් ඉඳගෙන අසන ධර්මය එතැනින් නැඟිට ගිය සැණින් අමතක කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

ඇසූ බණ ධාරණය වූ බවක් නොපෙනේ. මතකයේ ද නොවේ. ඇතැම් විට මතකයේ තිබුණ ද ජීවිතයට ගළපා ගන්නා බවක් නැත.

ඒ සඳහා වීර්යය ගන්නේ ද නැත. එය දුර්වලකමකි. මිනිසත්කමට නොගැලපෙන්නකි.

මනුස්සයා යනු මනසින් උසස් පුද්ගලයා ය. මනුසත්වයා යන නාමයෙහි යම් හෙයකින් ‘මනු’ ඉවත්වූයේ නම් ඉතිරි වන්නේ සත්ත්වයා යන කොටස ය.

එය යහපත් නොවේ. එසේ වුවහොත් තිරස්චීන ගත සතුන්ට ආවේණික ගති මත පිහිටා කටයුතු කරන්නට මිනිසාට සිදු වේ. දහම් මඟ යන පුද්ගලයා කිසි දිනෙක එවැනි අභාග්‍ය සම්පන්න තැනකට නොවැටෙන්නේ ය.

You may also like

Leave a Comment