සිල් ගුණ දම් නිති සුරකිමු
සුදෝ සුදු වතින් සැරසී
පෙහෙවස් රැක්කද බැතියෙන
බවුන් වැඩිය මුත් සදැහෙන්
බුදු ගුණ හද තුළ නැති නම්
සිල්වත් වන්නේ කෙලෙසද
මගෙ සම්බුදු පියාණනේ
බුදු හිමි දම් මඟ හැර
හද ගඳ කිළි නොකළොත් සැම
සිල් ගුණ දම් රැකගන්නට
බැරිය වරම් අහිමි වේ ය ඔබ හට
සසර තවත් දික්ගැසේය
පාපයටම නැඹුරු වේ ය
බුදු මඟ යන බුදු සව්වෙක්
සුවඳ හමන මලක් වැනිය
නිවන් මඟට පිළිපන්නෙකි
සක්දෙවිඳුන් නිති නමදින
සියලු කෙලෙස් සිඳ දමනෙකි
සිල් ගුණ දම් පුරනා
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
***********************************************************************************
වඩිනු මැනවි බුදු සමිඳුනි!
කෙලෙස් මලින් මිලින වූ සිත්
මෙත් දිය දහරින් සේදූ
අවිදු අඳුරු පට බිඳ දා
ලෝ සත නෙත් සිත් පෑදූ
අමා නිවන සොයා යන්න
කරුණාවෙන් මඟ පෑදූ
තිලෝතිලක සම්බුදු හිමි
වඳිමි දොහොත් බැඳ සාධු
කලියුග කාලය ඇවිදින්
ගුණයහපත්කම් මැකිලා
මව්පිය ගුරුවර සෙනෙහස
සොහොයුරු පේ‍්‍රමය බිඳිලා
කළගුණ නොමදත් ලෝකේ
මිසදිටු බව ඇත වැඩිලා
වඩිනු මැනවි බුදු සමිදුනි
පතනෙමි පා යුග වැඳලා
කුමාරි අත්තනායක