නිවස විශේෂාංගපුණ්‍ය විපාක

පුණ්‍ය විපාක

by Test User
October 6, 2025 1:00 am 0 comment

ඔබ පින්වන්තයි. ඔබේ පින ඔබට පෙනෙන්නේ නෑ. ඔබ දෑස පෙනෙන කෙනෙක් ලෙස වරම ලැබුවේ පෙර පිනටයි. පෙර සංසාර ගමනේ ඔබේ අම්මා දෙස, තාත්තා දෙස, සහෝදරයන් දෙස, සහෝදරියන් දෙස, ගුරු උතුමන් දෙස, සිල්වතුන් – ගුණවතුන් දෙස රවා නොබැලූ පිනට පෙනෙන දෑසක් ලැබිලා.

නරක වචන කතා නොකළ පිනට ඇසෙන සවනක් ලැබිලා. ඒ වගේම අමිහිරි වචන, අසත්‍ය වචන, මුසා වචන කතා නොකළ පිනට කතා කළ හැකි කටක් ලැබිලා. ඇවිද යන්නට පුළුවන් දෙපා ලැබිලා. මොකක්ද ඒ පින.

ඔබේ දෑතින් මවට උපස්ථාන කළා. පියාට උපස්ථාන කළා. සිල්වත්, ගුණවත් මහ සඟරුවන වෙත නළල් මඬල බිම තබා වන්දනා කළා. අසරණයන්ට උපස්ථාන කළා.

දානයෙන් දෑත සරසා ගත්තා. සත්‍ය වදනින් වචනය සරසා ගත්තා. අන්න ඒ පුණ්‍ය මහිමයට ඉතා ම හොඳ ජීවිතයක් ඔබට ලැබිලා තිබෙනවා. ඒ ජීවිතයට තව තවත් පින් රැස් කරගන්න. ජීවිතය පින් ගංගාවක් කරගන්න. එය කළ හැකි ඔබටයි. වෙන කවර හෝ කෙනකුට ඔබ වෙනුවෙන් එය කළ නොහැකියි.

You may also like

Leave a Comment