2
යම් කෙනකුගේ ආධ්‍යාත්මික ගුණධර්ම උසස් තරමට ම ඒ පුද්ගලයාට දෙනු ලබන්නා වූ දානය ද, ලබන්නා වූ දානය ද මහත්ඵල මහානිශංස වන බව දහමෙහි ඉගැන්වේ. මසුරු බව, ගිජු බව, ආත්මාර්ථකාමීත්වය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි අයහපත් සිතිවිලිවලින් දුරු වී තමන්ගේ මෙන් ම අන්‍යයන්ගේ ද දියුණුවට කැමැති ව දන් දීම මනුෂ්‍යත්වය මල්ඵල දැරීමකි.