[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

දුරුතු පුර අටවක

 ජනවාරි 06 සඳුදා
අ.භා. 06.24 පුර අටවක ලබා
07 අඟහරුවාදා
අ.භා 04.28 න් ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

ගුණ දැන තෙරුවන් වන්දනා කරමු

බුද්ධ රත්නය වන්දනා කරමු - ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොක විදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථි නම් වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෘ නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවත් නම් වන සේක. යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා. අතීතයෙහි විසූ බුදුරජාණන් වහන්සේ ද, අනාගතයෙහි වන බුදුරජාණන් වහන්සේ ද, වර්තමානයෙහි වෙසෙන බුදුරජාණන් වහන්සේ ද මම හැම කල්හි වඳිමි. නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං එතෙන සච්ච වජ්ජෙන හොතු මෙ ජයමංගල. මට අනෙක් සරණක් නැත. බුද්ධරත්නය ම මට උතුම් සරණ ය. මේ සත්‍ය වචනයේ බලයෙන් මට යහපතක් ම වේවා. උත්තමංගෙන වන්දෙහං පාදපංසුවරුත්තමං බුද්ධො යො ඛලිතොදොසො බුද්ධො ඛමතුතං මම. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ පා දූවිලි මගේ හිසෙන් වඳිමි. බුදුරජාණන් වහන්සේට මගෙන් යම් වරදක් වී නම් බුදුරජාණන් වහන්සේ මට සමා වන සේක්වා. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාම. නිවන් දකිනා තෙක් ම මම බුද්ධ රත්නය සරණ යමි. ධම්ම රත්නය වන්දනා කරමු - ස්වාක්ඛාතො භගවතො ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. තමා විසින් දැකිය යුතු ඵල ඇත්තේ ය, කල් නොයවා විපාක දෙන්නේ ය, ‘එන්න, බලන්නැ’යි දැක්වීමට සුදුසු ය, තමන් තම සිත්හි එළවිය යුතු ය නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු ය. යෙ ච ධම්මා අතීතා ච යෙ ච ධම්මා අනාගතා පච්චුප්පන්නා ච යෙ ධම්මා අහං වන්දාමි සබ්බද.ා අතීතයෙහි වූ ධර්මය ද, අනාගතයෙහි එන ධර්මය ද, වර්තමානයෙහි වන ධර්මය ද මම හැම කල්හි වඳිමි.

කිත්පැසසුම්වලට වඩා වටින සිතේ සතුට අත්විඳින්න

ලංකා ද්වීපයේ අනුරාධපුර යුගයේ අනුරාධපුර අගනගරයට දකුණු පැත්තෙන් තිබුණා ‘විල්ගම‘ කියලා ගමක්. පවුල් විශාල සංඛ්‍යාවක් මේ ගමේ ජීවත් වුණා. ඒ අතර අලුත විවාහ වුණු අඹු - සැමි යුවළක් ද හිටියා. සැමියා තමන්ගේ බිරිය පෝෂණය කළේ දඩයම් කරලා. එහෙමත් නැත්නම් වන පලතුරු, මී පැණි වෙළෙදාම් කරලා. මේ හැම කටයුත්තකට ම ගියේ ‘රියවාන’ කියන මහා කැලෑවට. රාත්‍රියේ ගස්වැල්වලට වැටුණු පිනි හිඳුණහම මී, බඹර, දඬුවැල් බෑ ආදී පැණි හොයන්න ගියා. දඩයම් කරන්න පාන්දරින් ම පිටත් වුණා. සමහර දවසක දඩයමටත්, පැණි හොයන්නත්, වන පලතුරු හොයන්නත් අවශ්‍ය කරන උපකරණ ගෙන පිටත් වුණා. එසේ පිටත් වූ දිනක උදේ සිට හවස් වනතුරු මහන්සි වුවත් දඩයමක් හෝ මී පැණි වදයක් හෝ දඬුවැල් බෑ වදයක් හෝ හොයාගන්න පුළුවන් වුණේ නැහැ. දිනක් ඔහු දුටුවා ඉදුණු අඹ ගෙඩි පිරුණු මහා ගහක්. අමාරුවෙන් ගහේ මුදුනට නැඟලා ඇතිතරම් අඹ බිමට දැම්මා. එයින් නතර වුණේ නැහැ. මන්දක් ගෙනගොස් ගහේ ඉදුණු අඹ ගෙඩි මැදි කර දැම්මා. ඊට පස්සේ හෙමින් අඹ ගහෙන් බැහැලා බිමට දැම්ම අඹත් ගෙන ගෙදර යන්න ගියා. පහුවෙනිදා මන්දට අහුවෙලා සිටි සතුන් බලන්න කැලයට ගියා. එවිට දකින්න ලැබුණා මහ වඳුරෙක් මලපුඩුවට අහුවෙලා ඉන්නවා. මාංස ලෝභයෙන් සතුටක් ඇති වෙලා, දුන්න ගෙන දුනුදිය පොළලා අර වඳුරාට විද්දා. උගේ ඇඟෙන් ලේ විසිවෙමින් ඌ ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. ඔහු හිතුවා ගහ උඩට නැඟලා ඌ පණ පිටින් ම අල්ලාගෙන බිමට රැගෙන එන්න. ගහට ගොඩවෙලා මලපුඩුව අටවලා තිබුණූ අත්තට ළං වෙනවාත් එක්කම අත ලිස්සලා ගිහින් බිමට වැටෙන්න ගියා. මේ වෙලාවේ අර වඳුරා කල්පනා කරනවා...

 

අපිත් වඳිමු ජය සිරිමහ බෝධිය

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සිරිලකට වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වීය. සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් විසින් වැඩම කරවන ලද බෝසමිඳුන් දේවානම්පියතිස්ස මහ රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කරවනු ලැබීය. ශ්‍රී බුද්ධ වර්ෂ 236දී සිදු වූ මෙම බෝධි රෝපණයෙන් පසු බෝධි පූජාව මෙරට ජනතාව අතර බෙහෙවින් ම ජනපි‍්‍රය විය. මහා බෝධිවංශයේ සඳහන් පරිදි සිරිමහ බෝසමිඳු උදෙසා බෝධි ඝරයක් ද ඉදි කළ අතර, එයට පුද පූජා පැවැත්වීමට ද, ආරක්ෂාවට ද විධිවිධාන සැලැස්වීය. මල් හා සුවඳ ද්‍රව්‍ය සැපයීමටත්, පර වූ මල් ඉවත් කිරීමටත්, සතුන්ගෙන් හා සතුරන්ගෙන් රැක ගැනීමටත් අවශ්‍ය තනතුරු ඇති කර නිලධාරීන් ද පත් කළ ආකාරය එහි සවිස්තර ව දක්වා තිබේ. “මහ බෝ මඟුල” නමින් බෝධි පූජාවට සම්බන්ධ වාර්ෂික උත්සවයක් රජයේ මූලිකත්වයෙන් පැවැත්වූ බව පෙනේ. මල්, පහන්, සුවඳ ආදිය පිදීම ද අවට පරිසරය ධජ පතාකවලින් සැරසීම ද මෙකී පූජාවට ඇතුළත් විය. සිරිමහ බෝ සමිඳු වැඩමවීමෙන් පසුව එහි පූජනීයත්වය වඩාත් ඉස්මතු වන පරිදි අංකුර බෝධීන් වහන්සේ අට නමක් ද, ඵලරුහ බෝධීන් වහන්සේ දෙතිස් නමක් ද, රජරට සහ රුහුණේ ද ඉන් බැහැර වෙනත් පළාත්වල ද රෝපණය කොට ජනතාවගේ පූජෝපහාරයට පත් වූ අයුරු බෝධි වංශයේ විස්තර කර ඇත. මෙම බෝධි වන්දනාවේ ප්‍රධාන පරමාර්ථය වනුයේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම පිළිබඳ වූ ඓතිහාසික අවස්ථාව සිහිපත් කිරීමයි. එබැවින් ශ්‍රී මහා බෝධිය යනු බුද්ධත්වයේ සංකේතයකි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]