[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුණ දැන තෙරුවන් වන්දනා කරමු

ගුණ දැන තෙරුවන් වන්දනා කරමු

බුද්ධ රත්නය වන්දනා කරමු

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොක විදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති

ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථි නම් වන සේක. දෙවි මිනිසුන්ගේ ශාස්තෘ නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවත් නම් වන සේක.

යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා

අතීතයෙහි විසූ බුදුරජාණන් වහන්සේ ද, අනාගතයෙහි වන බුදුරජාණන් වහන්සේ ද, වර්තමානයෙහි වෙසෙන බුදුරජාණන් වහන්සේ ද මම හැම කල්හි වඳිමි.

නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං එතෙන සච්ච වජ්ජෙන හොතු මෙ ජයමංගලං

මට අනෙක් සරණක් නැත. බුද්ධරත්නය ම මට උතුම් සරණ ය. මේ සත්‍ය වචනයේ බලයෙන් මට යහපතක් ම වේවා.

උත්තමංගෙන වන්දෙහං පාදපංසුවරුත්තමං බුද්ධො යො ඛලිතොදොසො බුද්ධො ඛමතුතං මමං

ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ පා දූවිලි මගේ හිසෙන් වඳිමි. බුදුරජාණන් වහන්සේට මගෙන් යම් වරදක් වී නම් බුදුරජාණන් වහන්සේ මට සමා වන සේක්වා.

බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි

නිවන් දකිනා තෙක් ම මම බුද්ධ රත්නය සරණ යමි.

ධම්ම රත්නය වන්දනා කරමු

ස්වාක්ඛාතො භගවතො ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති.

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. තමා විසින් දැකිය යුතු ඵල ඇත්තේ ය, කල් නොයවා විපාක දෙන්නේ ය, ‘එන්න, බලන්නැ’යි දැක්වීමට සුදුසු ය, තමන් තම සිත්හි එළවිය යුතු ය නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු ය.

යෙ ච ධම්මා අතීතා ච යෙ ච ධම්මා අනාගතා පච්චුප්පන්නා ච යෙ ධම්මා අහං වන්දාමි සබ්බදා

අතීතයෙහි වූ ධර්මය ද, අනාගතයෙහි එන ධර්මය ද, වර්තමානයෙහි වන ධර්මය ද මම හැම කල්හි වඳිමි.

නත්ථි මෙ සරණං අඤ්ඤං ධම්මො මෙ සරණං වරං එතෙන සච්ච වජ්ජෙන හොතු මෙ ජයමංගලං

මට අනෙක් සරණක් නැත. ධර්ම රත්නය ම මට උතුම් සරණ ය. මේ සත්‍ය වචනයේ බලයෙන් මට යහපතක් ම වේවා.

උත්තමංගෙන වන්දෙහං ධම්මං ච තිවිධං වරං ධම්මෙ යො බලිතොදොසො ධම්මො බමතුතං මමං

ඒ ත්‍රිවිධ වූ උතුම් ධර්මය මගේ හිසෙන් වඳිමි. ඒ ධර්මයට මගෙන් යම් වරදක් වී නම් ඒ ධර්මය මට සමා වන සේක්වා.

ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි

නිවන් දකිනා තෙක් ම මම ධම්ම රත්නය සරණ යමි.

සංඝ රත්නය වන්දනා කරමු

සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, ඵස භගවතො සාවක සංඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න ය. යම් ඒ පුරුෂ යුගල සතරක් වේ ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුර සිට ගෙනා සිවුපසය ලැබීමට සුදුසු ය. ආගන්තුක සත්කාර ලැබීමට සුදුසු ය. දක්ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. ලෝකයාට උතුම් පින්කෙත ය.

යෙ ච සංඝා අතීතා ච යෙ ච සංඝා අනාගතා පච්චුප්පන්නා ච යෙ සංඝා අහං වන්දාමි සබ්බදා

අතීතයෙහි විසූ සංඝයා වහන්සේ ද, අනාගතයෙහි වන සංඝයා වහන්සේ ද, වර්තමානයෙහි වෙසෙන සංඝයා වහන්සේ ද මම හැම කල්හි වඳිමි.

නත්ථි මෙ සරණං අඤ්ඤං සංඝො මෙ සරණං වරං එතෙන සච්ච වජ්ජෙන හොතු මෙ ජයමංගලං

මට අනෙක් සරණක් නැත. සංඝ රත්නය ම මට උතුම් සරණ ය. මේ සත්‍ය වචනයේ බලයෙන් මට යහපතක් ම වේවා.

උත්තමංගෙන වන්දෙහං සංඝං ච තිවිධොත්තමං සංඝෙයො ඛලිතොදොසො සංඝො ඛමතුතං මමං

ඒ ත්‍රිවිධ වූ උතුම් සංඝ රත්නය මගේ හිසෙන් වඳිමි. ඒ සංඝ රත්නයට මගෙන් යම් වරදක් වී නම් ඒ සංඝරත්නය මට සමා වන සේක්වා.

සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි

නිවන් දකිනා තෙක් ම මම සංඝරත්නය සරණ යමි.

දුරුතු පුර අටවක

 ජනවාරි 06 සඳුදා
අ.භා. 06.24 පුර අටවක ලබා
07 අඟහරුවාදා
අ.භා 04.28 න් ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]