[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුන්දර සිතක අසිරිය

සුන්දර සිතක අසිරිය

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ.

එදා හත්ථක දිව්‍යපුත්‍රයා රැය ඉක්මගිය පසු ඉතාමත් දිදුලන වර්ණයෙන් යුතු ව මුළු දෙව්රම් වෙහෙර ම ආලෝකවත් කරමින් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියා.

දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ, ඉදිරියේ සිටගෙන සිටිමි'යි සිතා උත්සාහ කළත් එතැන ගිලෙනවා. වැගිරී යනවා. නැවතී සිටීමට පුළුවන්කමක් නැහැ. ඒක මේ වගේ දෙයක්. ගිතෙල් හෝ තෙල් වැලි මතට ඉසින විට යටට ගිලෙනවා. වැලි තුළට වැගිරෙනවා. පිහිටන්නේ නැහැ. ඒ ආකාරයට ම හත්ථක දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිටිමි'යි උත්සාහ කළත් වැගිරී යනවා. නැවතී සිටීමට පුළුවන්කමක් නැහැ.

එවිට භාග්‍යවතුන් වහන්සේ හත්ථක දිව්‍ය පුත්‍රයාට මෙසේ වදාළා.

“පින්වත් හත්ථක, ගොරෝසු ආත්මභාවයක් මවාගන්න.

“එසේය ස්වාමීනි’ කියලා හත්ථක දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ගොරෝසු ආත්මභාවයක් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. හත්ථක දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළා.

“පින්වත් හත්ථක ඉස්සර මිනිස් ජීවිතය ගතකරද්දී ඔබ තුළ යම් බණ දහම් වැටහීමත් පැවතුණා ද? දැනුත් ඔබ තුළ ඒ බණ දහම් වැටහී පවතිනවා ද?

“ස්වාමීනි, ඉස්සර මිනිස් ජීවිතය ගතකරද්දී මට යම් බණ දහම් වැටහී පැවතුණා නම්, දැනුත් මා හට ඒ බණ දහම් එසේම වැටහී පවතිනවා. ඒ වගේම ස්වාමිනී, ඉස්සර මිනිස් ජීවිතය ගතකරද්දී මට යම් බණ දහම් නොවැටහී පැවතුණා නම්, දැන් මා හට ඒ බණ දහම් ද වැටහී පවතිනවා. ස්වාමීනි, ඒක මේ වගේ දෙයක්. භාග්‍යවතුන් වහන්සේ මේ දිනවල භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, රාජ රාජමහාමාත්‍යාදීන්, අන්‍යාගමික තාපසවරුන්, අන්‍යාගමික ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව වැඩවසනා සේක් ද? ස්වාමීනී, ඒ විදියටමයි. දිව්‍ය පුත්‍රයන් විසින් පිරිවරාගෙනයි වාසය කරන්නේ. ස්වාමීනි

“හත්ථක දිව්‍ය පුත්‍රයා වෙතින් බණ අසන්නට ඕනෑ” කියලා දිව්‍ය පුත්‍රයෝ දුර සිට එනවා. ස්වාමීනී, මා කලුරිය කළේ කාරණා තුනක් පිළිබඳ ව තෘප්තියට පත්ව නොවෙයි. එපා වෙලා. ඇතිවෙලා නොවේ. ඒ තුන නම් මම කලුරිය කළේ භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් තෘප්තියකට පත්වෙලා නොවේ.

ස්වාමීනි, මම කලුරිය කළේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් තෘප්තියට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි.

ස්වාමීනි, මම කළුරිය කළේ ආර්ය සංඝයා වහන්සේට උපස්ථාන කිරීමෙන් තෘප්තියට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි.

ස්වාමීනි, මම කළුරිය කළේ ඔය කාරණා පිළිබඳ තෘප්තියට පත්වෙලා නොවෙයි. එපා වෙලා නොවෙයි.

මට කවදාවත් භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් තෘප්තිමත් වූ බවක් ඇතිවුණේ නැහැ. ඒ වගේම ආර්ය සංඝයාට උපස්ථාන කිරීමෙනුත්, සද්ධර්මය ශ්‍රවණය කිරීමෙනුත් තෘප්තිමත් වූ බවක් ඇතිවුණේ නැහැ.

අධිසීලයෙහි හික්මෙමින්, සද්ධර්මය ශ්‍රවණයෙහි ඇලී සිටිමින්, කාරණා තුනක් පිළිබඳ ව අතෘප්තිමත්වයි හත්ථක අවිහ බඹලොවට ගියේ.

දුරුතු පුර අටවක

 ජනවාරි 06 සඳුදා
අ.භා. 06.24 පුර අටවක ලබා
07 අඟහරුවාදා
අ.භා 04.28 න් ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]